විදුලිය ජනනය කරන උළු කැට Tesla ආයතනයේ නවතම නිෂ්පාදනය වන Solar roof tiles

සුපුරුදු පරිදීම Tesla සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වරයා (CEO) වන  Elon Musk මහතා ,ජනතාව මවිතයට පත් කරමින් ඔවුන්ගේ අලුත්ම නිර්මාණ , SolarCity and Tesla introduce ආයතනයෙන් Los Angelis නගරයේ පැවති උත්සවයකදී ඉදිරිපත් කරන ලදී.එනම් Solar roof  tiles සහ Powerwall 2.0 යන නිර්මාණයන්ය.එහිදී කාගෙත් වැඩි අවදානයකට ලක් වූයේ Solar roof  tiles (සූර්ය කෝෂයක් අන්තර්ගත කරන ලද  උළු කැට) පිලිබඳවය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ සාම්ප්‍රදායික සූර්ය කෝෂ පැනල  වලට වඩා වෙනස් ආකාරයකින් නිර්මාණය කර තිබීමය.

සාමාන්‍ය සූර්ය කෝෂ පැනල තුල ඇත්තේ ,සූර්ය කෝෂ විශාලප්‍රමාණයක්  විශාල පැනලයක් මත සම්බන්ධ කිරීමයි.නමුත් TESLA සමාගමෙන් හඳුන්වාදෙන නවතම සූර්ය කෝෂ සාදා ඇත්තේ වීදුරු වලින් සාදන ලද උළු කැටයක් තුලය.මෙමගින් ඇතිවන විශාලතම ප්‍රතිලාභය වන්නේ වහලය මත අමතර බරක්  යොදවමින් සීමිත  ඉඩ කඩක ප්‍රමාණයක සූර්ය කෝෂ පැනල ස්ථානය කරනවා වෙනුවට,  සම්පුර්ණ වහලයේම විදුලිය ජනනය කරන සූර්ය කෝෂ ස්ථාපනය කිරීමේ හැකියාවයි.Tesla ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk මහතා  පවසන ආකාරයට ,මෙම උළු ඉතාමත් ශක්තිමත් හා කල්පවතින නිෂ්පාදනයක් බවයි.

inside-solar-sell

මෙම උළු, වසර 30 ක පමණ කල් පැවැත්මකින් සමන්විත වන බව Tesla සමාගම විසින් තක්සේරු කර තිබෙනවා.Tempered වීදුරු වලින් නිෂ්පාදනය කර තිබෙන නිසා සාම්ප්‍රදායික උළු වලට වඩා සවි ශක්තියෙන්ද වැඩිය.

tesla-solar_panels-weight

තමන්ගෙ නිෂ්පාදන වල පෙනුම  පිලිබඳ වැඩි අවදානයක් Tesla සමාගම යොමු කරන බැවින් සාම්ප්‍රදායික උළු වලට සමාන පෙනුමකින් යුකතව මෙම උළු නිර්මානය කිරීමට ඔවුන් තීරනය කර ඇත.එමෙන්ම ඕනෑම  වහලකට ගැලපෙන ආකාරයට උළු වර්ග 4 ක්  නිර්මානය කර තිබෙනව.එනම්

  1. Textured Glass Tile
  2. Slate Glass Tile
  3. Tuscan Glass Tile
  4. Smooth Glass Tile

ලෙසය.

Types of solar tiles

solar-roof-tiles

2016 වසරේදී ලොව මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය(වායුගෝලය තුළ පවතින)  වන 409.44ppm (parts per million)ප්‍රමාණයක් 2016 අප්‍රේල් මස 9 වන දින වාර්තා විය(මූලාශ්‍ර).මෙමගින් ගෝලීය උණුසුම වැඩිවීම ,අයිස් කඳු කඩා වැටීම ,සාගර මට්ටම ඉහළ යාම වැනි පාරිසරික ගැටලු මෙන්ම දෛනික මිනිස් ජීවිතයටද බලපෑම් එල්ල වේ.

මෙම  බලපෑම් අවම කර ගැනීමටත්,තිරසාර බලශක්ති මූලයන් පිලිබඳ වැඩි අවදානයක් ලොව පුරා සිටින මිනිසුන් අතර ඇති කිරීමටත් , තිරසාර බලශක්ති මූලයන් පිලිබඳ අවධානය යොමු  කිරීමේ අති දැඩි කාලීන අවශ්‍යතාව වැනි කරුණු සැලකීමෙන්  මෙවැනි ආකාරයේ නිෂ්පාදනයක් ඉදිරිපත් කිරීමට ඔවුන් ඉදිරිපත්  වී තිබෙන්නේ.

tesla-solar-roof-elon-musk

මීට සමගාමීව Tesla ආයතනයේ යාවත්කාලීන (Update) කර්න ලද Powerwall 2.0 බැටරි Pack එක  මෙම උත්සවයේදීම එළි දක්වන ලදී.මේ පිලිබඳ තොරතුරු දැන ගැනීමට “Powerwall 2.0” Click කරන්වො

Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *