130 වසරකට පසු කිලෝග්‍රෑමය නැවත අර්ථ දක්වයි!

කිලෝග්‍රෑමය යන වචනය අපි කාටත් හුරු පුරුදු වචනයකි. කඩේ පිළේදී, ගෙදර දොරේදී, පාසල් විද්‍යාගාරයේ දී වුවද කිලෝග්‍රෑමය යන්න බොහෝවිට භාවිතා වන වචනයකි. දැනට අවුරුදු 130 කට ආසන්නව කිලෝග්‍රෑමයෙහි අර්ථ කතනය නොවෙනස් වී ඇත.2018 නොවැම්බර් මස 16 වන් දින පැරීසියේ  Versailles හී 26වන වරට පැවති Weightsand Measures වාර්ෂික සමුලුවේදී රටවල් 16 ක ඡ්න්දය ඇසුරෙන්,මෙතෙක් භාවිතා කරන ලද SI (International System of Units/ අන්තර්ජාතික සම්මත ඒකක ක්‍රමය) ඒකක 5ක් සංශෝධනයක් සිදු කරන ලදී. එහිදී වසර 130 ක පමණ  කාලයක්  පැවති කිලෝග්‍රෑමය නැවත අර්ථකථනය කරණ ලදී .


26වන the General Conference on Weights and Measures සමුලුව Versailles හිදී

https://www.indiatoday.in/education-today/gk-current-affairs/story/kilogram-definition-changed-si-units-1390451-2018-11-17

නමුත් කිලෝග්‍රෑමය යන වචනය නිර්මාණය වී ඇත්තේ කෙසේදැයි බොහෝ දෙනකු නොදන්නා කරුණු.

කිලෝග්‍රෑමයේ නිර්මාණය

වර්තමානයේ භාවිතාවන මෙට්‍රික් මිනුම් ක්‍රමයෙන් ස්කන්ධය මණින ප්‍රධානම ඒකකය ලෙස කිලෝග්‍රෑමය  සැලකිය හැක. දැනට වාර්ථා වී ඇති ආකාරයට, ලොව ප්‍රථම ස්කන්ධය මණින ඒකකය Grave යනුවෙනි.මෙය ප්‍රංශ ජාතික Antoine-Laurent විසින් හඳුන්වා දී ඇත.ඒ සෙල්සියකස් අංශක 0 හි පවතින අයිස් ඝණමීටර 0.1(ලීටර 1ක) ක ප්‍රමාණයක ස්කන්ධය යනුවෙනි. මෙම ඒකකය උපයෝගී කර ගනිමින් කුඩා ස්කන්ධයන් මිනීමට අපහසු බැවින් පසුව 1799 දී මෙම නැවත අර්ථකථනය කර ඇත්තේ  Grave යෙන් 1000කින් පංගුවක් ග්‍රෑමය ලෙස ය. එනම් සෙල්සියස් අංශක 4 හි පවතින ජලය ලීටරයක ස්කන්ධයට සමාන ස්කන්ධයක් කිලෝග්‍රෑමයක් ලෙස එහිදී අර්ථ දක්වා ඇත.

මෙසේ අර්ථ දක්වා ඇති කිලෝ ග්‍රෑමය එදිනෙදා වැඩ කටයුතුවලදී භාවිතා කිරීමට අපහසුය. එම නිසා මෙම ස්කන්ධයට සමාන ස්කන්ධයක් ඇති ප්ලැටිනම් වලින් සාදන ලද සිලින්ඩරයක් නිර්මාණය කරන ලදී.එය Kilogram of the archive ලෙස පසුව හදුන්වා ඇත.

වර්ථමානයේ භාවිතා වන කිලෝග්‍රෑමය

1889 දී මෙතෙක් කිලෝග්‍රෑමය ලෙස සම්මත කරගන්න ලද සිලින්ඩරය යාවත්කාලීන කරන ලදී. ඒ ප්ලැටිනම් (platinum) 90% ප්‍රමාණයක් හා ඉරිඩියම් (iridium) 10% ක ප්‍රමාණ සහිත මිශ්‍ර ලෝහයකින් නැවත කිලෝග්‍රෑමය නිර්මාණය කරන ලදී. මෙම කිලෝග්‍රෑමය IPK(International Prototype Kilogram) , Le Grand K, Big K, යනුවෙන් හන්දුන්වන ලදී. මෙසේ නිර්මාණය කරන ලද කිලෝග්‍රෑමය අර්ථකතනය කරන සිලින්ඩරය ප්‍රංශයේ  the International Bureau of Weights  ආයතනයේ  පාලිත පරිසර තත්ව සහිත  කුටීරයක,මෙම Big K සිලින්ඩරයට සෑම අතින් සමාන සිලින්ඩර 6ක් සමග ,ආරක්ෂාකාරීව තැන්පත් කර ඇත. තවද Big K සිලින්ඩරය හා බොහෝ අතින්ම සමාන සිලින්ඩර 16ක් ලොව පුරා රටවල කිලෝග්‍රෑමයේ නිරවද්‍යතාව මිනීමට රටවල් 16ක ආරක්ෂාකාරීව තබා ඇත.මෙම සිලින්ඩර වල ස්කන්ධයන්ගේ තිබෙන කුඩා වෙනස්කම් ද විද්‍යඥයින් සටහන් වාර්ත කර තබන ලදී.

IPK(International Prototype Kilogram) , Le Grand

හදිසියේ කිලෝග්‍රෑමය  නැවත අර්ථ දැක්වීමට හේතුව?

1948 දී කිලෝග්‍රෑමයේ නිරව්ද්‍යතාව මැනීමට සියලුම Big K සිලින්ඩරයට සමාන සිලින්ඩර එක් ස්ථානයකට ගෙන එන ලදී .එහිදී විද්‍යාඥයින් නිරීක්ෂණය කර ඇත්තේ සියලුම සිලින්ඩර වල ස්කන්ධයන්ගේ සැලකිය යුතු වෙනසක් සිදු වී අති බවයි.මේ ආකාරයටම 1990 දී නැවත සිලින්ඩර සියල්ලන්ගේම ස්කන්ධය පරික්ෂා කිරීමේදී Big K සිලින්ඩරයට සාපේක්ෂව අනෙකුත් සිලින්ඩර වල ස්කන්ධ වෙනස මයික්‍රෝ ග්‍රෑම් 50 කට පමණ ආසන විය.එය සැලකිය යුතු මට්ටමක වෙනසක් බැවින් ද,ඉදිරියේ දී මේ ආකාරයට සිලින්ඩර වල ස්කන්ධය වෙනස් විය හැකි නිසා, කිලෝග්‍රෑමයට කාලය සමග වෙනස් නොවන නියත අගයක් ලබාදිමට විද්‍යඥයින් තීරනය කරන ලදී.

Big K සිලින්ඩරයට සාපේක්ෂව අනෙකුත් සිලින්ඩර වල ස්කන්ධ වෙනස මයික්‍රෝ ග්‍රෑම් 50 කට පමණ ආසන විය

කිලෝග්‍රෑමය  නැවත අර්ථ දක්වන්නේ කෙසේද?

දැනට පවතින SI ඒකක බොහෝමයක් අර්ථදක්වනු ලබන්නේ කිලෝග්‍රෑමය මුල් කරගනිමිනි.මේ හේතුවෙන් කිලෝග්‍රෑමයේ අගය නියත අගයක් විය යුතුය.නමුත් මෙතෙක් පැවති ක්‍රමයට අනුව කිලෝග්‍රෑමය අර්ථදක්වා ඇත්තේ භෞතික වස්තුවක් මුල් කර ගනිමින් ය.මේ ක්‍රමය වෙනස් කොට යම් කිසි සිද්ධාන්තයක් මුල් කරගෙන කිලෝග්‍රෑමය නැවත අර්ථදැක්විය යුතු බව විද්‍යාත්ඥයන්ගේ මතය විය.

දීර්ඝ කාලීන පරීක්ෂනයන්ගෙන් පසු කිලෝග්‍රෑමය අර්ථදෙක්වීමට ප්ලාංක් නියතය(යම්කිසි තරංග ආයාමයකදී ෆෝටෝනයක් සතු වන ශක්තිය) සුදුසු බව යෝජනා විය. නමුත් මෙම නියතයට ඉතාමත් නිරවද්‍යම අගයක් මෙතෙක් නිර්මාණය වී නොමැත.

මේ හේතුවෙන් ලොව පුරා විද්‍යාඥයින් ගේ එකඟ තාවයකට අනුව ඇවගාඩ්‍රෝ අංකය(ද්‍රව්‍ය මෞලයක අඩංගු පරමාණු හෝ අණු සංඛ්‍යාව), උපයෝගී කරගනිමින් ප්ලාංක් නියමයේ අගය වඩා නිවැරදි සම්මත අගයකට ගෙන ඒමට තීරනය කර ඇත.

ඒ මෙන්ම අවගාඩ්‍රෝ අගයේ නිරවද්‍ය තාවද වැඩි දියුණු කිරීමටද ලොව පුරා විද්‍යාත්ඥයින් විවිධ උත්සහයන් දරයි.මේ අනුව දැනට ප්‍රධාන ආකාර 2 කට කිලෝග්‍රෑමයේ නිරවද්‍ය තාවය වැඩි දියුනු කිරීමට උත්සහ දරයි.එනම් රසායනික විද්‍යාත්මක ක්‍රමයකින් හා භෞතික විද්‍යාත්මක ක්‍රමයකින් ය.

  1. රසායනික විද්‍යාත්මක ක්‍රමය-
සිලිකන් 28 නැමති සමස්ථානිකය භාවිතා කරමින් මෙතෙක් නිර්මාණය කර ඇති ගෝලාකාරථම වස්තුව

මේ සඳහා සිලිකන් 28 නැමති සමස්ථානිකය භාවිතා කරමින් ලොව මෙතෙක් නිර්මාණය කර ඇති ගෝලාකාරථම වස්තුව නිර්මාණය කරණ ලදී.එහි ගෝලාකාර බවේ නිරවද්‍යතාව මැනීමර ලේසර් මිනුම් උපකරන භාවිතා කර ඇත.මෙහි නිරවද්‍යතාව කෙසේද යන්න කියනවා නම් මෙම ගෝලය පෘථිවියට සමාන නම් එහි ඇති උසම සහ පහත්ම ස්ථන 2හි වෙනස වනුයේ මීටර 14ක් පමණය.නමුත් මෙම ගෝලය සාමාන්‍ය මිනිසෙකුගේ එක් අතකින් ඇල්ලිය හැකි ප්‍රමාණයේ වස්තුවකි.

මෙම ගෝලයේ පරිමාව නිවැරදිව ගණනය කිරීමෙන් අන්තුරුව ,එහි ඇති සිලිකන් 28 පරමානු සංඛ්‍යාව ගනණය කර ඇත. මේ දත්ත අනුසාරයෙන් ඇවගාඩ්‍රෝ අංකය ගණනයක් කළ හැකිය.

        2. භෞතික විද්‍යාත්මක-

Kibble Balance නැතහොත් Watt Balance උපකරනණය

මේ සදහා Kibble Balance නැතහොත් Watt Balance උපකරනණය භාවිතයෙන් ප්ලාංක් කල්පිතය වඩා නිරවද්‍ය අගයක් ලබා ගන්න ලදී


මෙසේ ලබාගන්න ලද නිවැරදි ඇවගාඩ්‍රෝ අංකයන්ගේ අනුසාරයෙන් විද්‍යාත්ඥයන්ගේ එකගතාවයෙන් ඇවගාඩ්‍රෝ අංකයට සම්මත නියත අගයක් ලබාදේ.ඒ ආකාරයටම ප්ලාංක් කල්පිතය සඳහාද  සම්මත නියත අගයක් විද්‍යඥයන්ගේ එකඟතාවට අනුව ලබාදී ඇත.

මෙසේ ලබාගන්න ඇවගාඩ්‍රො අංකය හා ප්ලාංක් නියතයට අනුව කිලෝග්‍රෑමය අර්ථ දක්වයි. එමගින් මෙතෙක් භෞතික වස්තුවක් පදනම් කරගනිමින් අර්ථකථනය කරන ලද ස්කන්ධය මනින SI ඒකකය, විෂ්වයේ පවතින නියත අගයක් අනුසාරයෙන් අර්ථකථනය කිරීමට හැකි වනු ඇත.එමගින් කිලොග්‍රෑමයේ අගය කාලයත් සමග නොවෙනස් වන නියත අගයක් වනු ඇත.

තවද කිලෝග්‍රෑමය අනුසාරයෙන් අර්ථකථනය කරන ලද SI ඒකකයන් වන ඇම්පියරය, මෞලය, කෙල්විනය යන ඒකකයන්ද විෂ්වයේ පවතින නියත අගයක් අනුසාරයෙන් අර්ථකථනය කිරීමට නියමිතව ඇත.

26 වන වරට පැවති General Conference on Weights and Measures හිදී වෙනස් වූ සම්මත අගයන්

මූලාශ්‍රය-https://www.bipm.org/utils/common/pdf/CGPM-2018/26th-CGPM-Resolutions.pdf

මේ නිසා  සියලුම මිනුම් උපකරණ වල වෙනසක් සිදු වේ ද?

එදිනදා ගෙදර දොරේදී භාවිතාවනඋපකරණ වල වෙනසක් සිදු නොවේ.මන්ද පැවති කිලෝග්‍රෑමයේ අගය කාලයත් සමග වෙනස් නොවන ලෙස නියත අගයකට කිලෝග්‍රෑමයේ අගය පත්කර ඇත.

නමුත් විද්‍යාගාර කටයුතු වලදී භාවිතා වන කිලෝග්‍රෑමයේඅගය සුලු ප්‍රමාණයකින් වෙනස් වේ.


Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *