|

2017 වර්ෂයට ඔබින ආකාරයට සැකසූ OnePlus 5T ස්මාර්ට් දුරකතනය

oneplus_5t_18:9_screen2017 වසර දුරකතන නිර්මාණ ආකෘතිය වෙනස් කිරීමට උපකාරී වූ ප්‍රධාන වර්ෂයකි.iPhoneX, Samsung Galaxy Note 8, Samsung Galaxy S8/S8 Plus වැනි දුරකතන ඒ සඳහා කදිම නිදසුන් වේ.මෙසේ සිදුකර ඇති ප්‍රධානතම වෙනස වන්නේ   දුරකතනයන්ගේ තිරයට ,දුරකථනයෙ තිරය වටා ඇති රාමුවට දරන අනුපාතය (Screen to body ratio) වැඩි කිරීමයි.එසේ නැතහොත් දුරකථනයෙ තිරය විශාල කොට තිරය වටා ඇති  රාමුවේ ප්‍රමාණය අඩු කිරීමයි.එමගින් විශාල තිරයක් සහිත කුඩා දුරකතනයක් නිර්මාණය කිරීමට හැකි වේ.මෙසේ නිර්මාණය කිරීම 2017 වසරේ දුරකතන වලට ආවේණික ලක්ෂණයක් ලෙස  ඇතැම් තාක්ෂණික  විද්වතුන්ගේ මතයයි. මෙසේ 2017 වර්ෂයට ඔබින ආකාරයට ස්මාර්ට් දුරකතනයක්  OnePlus  ආයතනය නිර්මාණය කර ඇත. ඒ OnePlus 5T ස්මාර්ට් දුරකතනයයි.

OnePlus ආයතනය  2017 වසරේ ජූනි මස OnePlus 5 දුරකතනය වෙළඳ පොළට නිකුත්  කර මාස 6 යාමට මත්තෙන් One-plus 5T ස්මාර්ට් දුරකතනය  නොවැම්බර් මාසයේදී නිකුත් කරන ලදී.OnePlus 5T දුරකතනය OnePlus 5 දුරකථනයෙ යාවත්කාලීන(Update) කරන  ලද ස්මාර්ට් දුරකතනය ලෙස  සැලකීමටද හැකිය .මන්ද OnePlus 5T දුරකතනය තුළ  One-plus 5 දුරකථනය තුළ අන්තර්ගත වන  බොහෝමයක් දේ අන්තර්ගත වේ.ප්‍රොසෙසරය,RAM මතක ධාරිතාවයන් ,ප්‍රධාන මතක ධාරිතාවයන් ,බැටරි ධාරිතාවය ඒවායෙන් කිහිපයකි .නමුත් Oneplus 5T  ස්මාර්ට් දුරකථනයේ ඇති ප්‍රධාන වෙනස්කම් වන්නේ එහි ඇති තිරය හා කැමරා  කට්ටලයේය.

oneplus_5t_frontend

අලුත් තිරයේ වගතුග

OnePlus 5T දුරකතනය OnePlus 5 දුරකතයේ ප්‍රමාණයෙන්ම යුක්ත වේ.නමුත් 18:9 (aspect ratio)දර්ශන අනුපාතයක් සහිත අඟල් 6.01 ක තිරයක් අන්තර්ගත කර ඇත.මේ නිසා OnePlus 5T හී  Screen to body ratio එක 80% කට ආසන්න ප්‍රමාණයකට ඉහළ නැංවීමට හැකි වී තිබෙනවා.එමගින් සාමාන්‍ය ප්‍රමාණයේ  දුරකතනයක් තුළ විශාල තිරයක්   අන්තර්ගත කර  OnePlus 5T දුරකතනයට අලුත්පෙනුමක් ලබාදී තිබෙනවා .මෙම තිරය 1080X2160  ක resolution එකක් සහිතව 401ppi (අඟලක් තුල අති Pixel ප්‍රමාණය ) සහිත   AMOLED තිරයකි .මේ නිසා iPhoneX, Samsung Galaxy Note 8, Samsung Galaxy S8/S8 Plus ආකාරයේ දීප්තිමත් වර්ණයන්ගෙන් යුක්ත සුපැහැදිලි දසුන් නැරඹීමට හැකි වේ.එමෙන්ම 80% කට ආසන්න ප්‍රමාණයකට Screen to body ratio සහිතව OnePlus 5T දුරකතනය නිර්මාණය කර ඇති නිසා,පැරණි OnePlus දුරකතන වල ඉදිරිපස මුහුණතේ  තිබූ  fingerprint scanner එක  OnePlus 5T දුරකතනයේදී  පසුපස ගෙන ඒමට සිදුවී තිබෙනවා.

oneplus_5t_pic

කැමරා කට්ටලයේ ඇති වෙනස්කම්

OnePlus 5T දුරකතනයේ ඇති කැමරා කට්ටලයට තරමක් වෙනස් කැමරා කට්ටලයක් මෙහි අන්තර්ගත වේ.OnePlus 5T දුරකතනයේ පැවති කැමරා sensors(සෙන්සර) වෙනුවට  අලුත් කැමරා sensors 2 ක් පසුපස කැමරා කට්ටලයට අන්තර්ගත කර  ඇත. එමෙන්ම OnePlus 5 දුරකතනයේ පැවති telephoto Lens එක වෙනුවට wide-angle Lens එකක් මෙයට අන්තර්ගත කර ඇත.මේ නිසා OnePlus 5T දුරකතනයෙන් OnePlus 5 දුරකතනයේ  මෙන්   2 ගුණයක් විශාලනය කරන ලද ඡායාරූප ලබාගත නොහැකි වුවත් Wide angle (පුළුල් කෝණයකින් යුක්ත)ඡායාරූප ලබාගත හැකිය.එමනිසා OnePlus 5T දුරකතනය OnePlus 5 දුරකතනයට වඩා පැහැදිලිව ඡායාරූප අඳුරු අවස්ථාවන් වලදී ලබාගත හැකි වේ .

onelus_5t_camera

දැනට ලොව වේගයෙන්ම ආරෝපනය(Charge) කළ හැකි ස්මාර්ට් දුරකථනය?

කාලයත් සමග දුරකතන වල උපාංග කාර්යක්ෂම වන අතරම ප්‍රමාණයෙන් කුඩා වේ.ඒත් සමගම ස්මාර්ට් දුරකතන වල අන්තර්ගත කළ හැකි බැටරි ධාරිතාවයද වැඩි වේ.නමුත් මෙසේ බැටරි වල ධාරිතාවයන් වැඩිවීමත් සමග සාමාන්‍ය ආරෝපකයකින්(Charger) බැටරි ආරෝපණය කිරීමට ගතවන කාලයද වැඩි වේ.මේ නිසා විවිධ ආකාරයේ බැටරි ආරෝපණය කිරීමේ ක්‍රම අද වන විට නිර්මාණය කර තිබෙනවා.ඒ අතරේ OnePlus ආයතනයේ ස්මාර්ට් දුරකතන භාවිතා කරන තාක්ෂණය Dash Charging තාක්ෂණයයි.කෙසේ හෝ මෙම  Dash Charging  ක්‍රමය නිසා වෙනත් ස්මාර්ට් දුරකතන වලට වඩා වේගයෙන් හා ආරක්ෂාකාරීව OnePlus  දුරකතනවල බැටරි ආරෝපණය කළ හැකි වේ.

මෙම තාක්ෂණය වැඩි දියුණු කර OnePlus 5T දුරකථනයේ අන්තර්ගත කර ඇත්තේ.මේ නිසා OnePlus 5T දුරකතනය දැනට ලොව වේගයෙන්ම ආරෝපනය කළ හැකි ස්මාර්ට් දුරකථනය වී තිබෙනවා.මේ සඳහා ඔවුන් Dash Charging  පහසුකම සහිත 29W ක්ෂමතාවයකින් යුක්ත ආරෝපකයක් OnePlus 5T දුරකතනය සමග පාරිභෝගිකයන්ට ලබාදී තිබෙනවා.oneplus 5t charging rate

 

Google Pixel ස්මාර්ට් දුරකතන ආකාරයේ Pure android (දුරකතන නිෂ්පාදනය කරන ආයතන වලින්  වෙනස් නොකරන ලද android මෙහෙයුම් පද්ධතියකි )අත්දැකීමක් ලබාගැනීමට ඇති එක් විකල්පයකි, OnePlus ස්මාර්ට් දුරකතන.Google Pixel ස්මාර්ට් දුරකතන වලට වඩා බොහෝ ලාබදායි වුවත් Google Pixel ස්මාර්ට් දුරකතන ආකාරයටම OnePlus දුරකතන වල මෘදුකාංග කඩිනමින් යාවත්කාලීන කිරීම සිදු කරයි.මේ හේතුවෙන් Pure android මෙහෙයුම් පද්ධතියකින් ලබාගත හැකි යාවත්කාලීන පහසුකම් හා ආරක්ෂක උපාය මාර්ගයන්  OnePlus දුරකතන වලින් ලබාගත හැකි වේ.OnePlus 5T දුරකතනයේද Google Pixel 2, Samsung Galaxy Note 8 ස්මාර්ට් දුරකතන වල ආකාරයේම Snapdragon 835 ප්‍රොසෙසරයක් පවතී.[pullquote-right].Snapdragon 835 ප්‍රොසෙසරය අන්තර්ගත වන බැවින් මෙය ලොව වේගව්ත්ම ස්මාර්ට්  දුරකතන වලින් එක්ක වේ[/pullquote-right].. 18:9 (aspect ratio)දර්ශන අනුපාතයක් සහිත AMOLED තිරයක් හා Snapdragon 835 ප්‍රොසෙසරයක් පැවතීම නිසා 2017 වර්ෂයට ඔබින ලෙස සාදා ඇති හොඳ ස්මාර්ට් දුරකතනයකි.එමනිසා තරමක් ලාභදායි මුදලකට iPhoneX, Samsung Galaxy Note 8, Samsung Galaxy S8/S8 Plus දුරකතන ආකාරයේ අත්දැකීමක් ලබාගැනීමට මිලදී ගත හැකි ස්මාර්ට් දුරකතනයකි OnePlus 5T දුරකතනය.oneplus_5t_gaming

OnePlus 5TOnePlus 5
NetworkTechnologyGSM / CDMA / HSPA / LTEGSM / CDMA / HSPA / LTE
2G bandsGSM 850 / 900 / 1800 / 1900 - SIM 1 & SIM 2GSM 850 / 900 / 1800 / 1900 - SIM 1 & SIM 2
CDMA 800 & TD-SCDMACDMA 800 & TD-SCDMA
3G NetworkHSDPA 850 / 900 / 1700(AWS) / 1900 / 2100HSDPA 850 / 900 / 1700(AWS) / 1900 / 2100
4G NetworkLTE band 1(2100), 2(1900), 3(1800), 4(1700/2100), 5(850), 7(2600), 8(900), 12(700), 17(700), 18(800), 19(800), 20(800), 25(1900), 26(850), 28(700), 29(700), 30(2300), 34(2000), 38(2600), 39(1900), 40(2300), 41(2500), 66(1700/2100)LTE band 1(2100), 2(1900), 3(1800), 4(1700/2100), 5(850), 7(2600), 8(900), 12(700), 17(700), 18(800), 19(800), 20(800), 25(1900), 26(850), 28(700), 29(700), 30(2300), 38(2600), 39(1900), 40(2300), 41(2500), 66(1700/2100)
SpeedHSPA, LTE-A (3CA) Cat12 600/150 MbpsHSPA, LTE-A (3CA) Cat12 600/150 Mbps
GPRSYesYes
EDGEYesYes
LaunchAnnounced2017, November2017, June. Released 2017, June
StatusAvailable. Released 2017, NovemberDiscontinued
BodyDimensions156.1 x 75 x 7.3 mm (6.15 x 2.95 x 0.29 in)154.2 x 74.1 x 7.3 mm (6.07 x 2.92 x 0.29 in)
Weight162 g (5.71 oz)153 g (5.40 oz)
BuildFront glass, aluminum frame & backFront glass, aluminum frame & back
SIMDual SIM (Nano-SIM, dual stand-by)Dual SIM (Nano-SIM, dual stand-by)
DisplayTypeOptic AMOLED capacitive touchscreen, 16M colorsOptic AMOLED capacitive touchscreen, 16M colors
Size6.01 inches, 93.7 cm2 (~80.0% screen-to-body ratio)5.5 inches, 83.4 cm2 (~73.0% screen-to-body ratio)
Resolution1080 x 2160 pixels, 18:9 ratio (~401 ppi density)1080 x 1920 pixels, 16:9 ratio (~401 ppi density)
MultitouchYesYes
ProtectionCorning Gorilla Glass 5Corning Gorilla Glass 5
- DCI-P3- Oxygen OS 4.5.10
- Oxygen OS 4.7
PlatformOSAndroid 7.1.1 (Nougat)Android 7.1.1 (Nougat)
ChipsetQualcomm MSM8998 Snapdragon 835Qualcomm MSM8998 Snapdragon 835
CPUOcta-core (4x2.45 GHz Kryo & 4x1.9 GHz Kryo)Octa-core (4x2.45 GHz Kryo & 4x1.9 GHz Kryo)
GPUAdreno 540Adreno 540
MemoryCard slotNoNo
Internal128 GB, 8 GB RAM or 64 GB, 6 GB RAM128 GB, 8 GB RAM or 64 GB, 6 GB RAM
CameraPrimaryDual: 16 MP (f/1.7, 27mm, 1/2.8", 1.12 µm) + 20 MP, (f/1.7, 27mm, 1/2.8", 1 µm), EIS (gyro), phase detection autofocus, dual-LED flash, check qualityDual: 16 MP (f/1.7, 24mm, 1/2.8", 1.12 µm, EIS/gyro) + 20 MP (f/2.6, 36mm, 1/2.8", 1 µm) phase detection autofocus, 1.6x optical zoom, dual-LED flash, check quality
FeaturesGeo-tagging, touch focus, face detection, HDR, panoramaGeo-tagging, touch focus, face detection, HDR, panorama
Video2160p@30fps, 1080p@30/60fps, 720p@30/120fps, check quality2160p@30fps, 1080p@30/60fps, 720p@30/120fps, check quality
Secondary16 MP (f/2.0, 20mm, 1.0 µm), EIS (gyro), Auto HDR, 1080p16 MP, f/2.0, 20mm, EIS (gyro), 1.0 µm pixel size, 1080p, Auto HDR
SoundAlert typesVibration; MP3, WAV ringtonesVibration; MP3, WAV ringtones
LoudspeakerYesYes
3.5mm jackYesYes
- Active noise cancellation with dedicated mic- Active noise cancellation with dedicated mic
- Dirac HD sound- Dirac HD sound
CommsWLANWi-Fi 802.11 a/b/g/n/ac, dual-band, WiFi Direct, DLNA, hotspotWi-Fi 802.11 a/b/g/n/ac, Wi-Fi Direct, DLNA, hotspot
Bluetooth5.0, A2DP, LE, aptX HD5.0, A2DP, LE, aptX HD
GPSYes, with A-GPS, GLONASS, BDS, GALILEOYes, with A-GPS, GLONASS, BDS, GALILEO
NFCYesYes
Infrared portNoNo
RadioNoNo
USB2.0, Type-C 1.0 reversible connector2.0, Type-C 1.0 reversible connector
FeaturesSensorsFingerprint (rear-mounted), accelerometer, gyro, proximity, compassFingerprint (front-mounted), accelerometer, gyro, proximity, compass
MessagingSMS (threaded view), MMS, Email, IM, Push EmailSMS (threaded view), MMS, Email, IM, Push Email
BrowserHTML5HTML5
JavaNoNo
- Fast battery charging 5V 4A 20W (Dash Charge)- Fast battery charging (Dash Charge)
- DivX/Xvid/MP4/H.265 player- DivX/Xvid/MP4/H.265 player
- MP3/eAAC+/WMA/WAV/FLAC player- MP3/eAAC+/WMA/WAV/FLAC player
- Document viewer- Document viewer
- Photo/video editor- Photo/video editor
BatteryNon-removable Li-Po 3300 mAh batteryNon-removable Li-Po 3300 mAh battery
Stand-by
Talk time
Misc
ColorsMidnight BlackMidnight Black, Slate Gray
PriceAbout 500 EURAbout 500 EUR
TestsPerformanceBasemark OS II: 4235 / Basemark OS II 2.0: 3632Basemark OS II: 4300 / Basemark OS II 2.0: 3601
Basemark X: 38656Basemark X: 38844
DisplayContrast ratio: Infinite (nominal), 4.789 (sunlight)Contrast ratio: Infinite (nominal), 3.914 (sunlight)
CameraCompare PHOTO / Compare VIDEO
LoudspeakerVoice 68dB, noise 73dB, ring 69dBVoice 69dB, noise 72dB, ring 77dB
Audio qualityNoise -94.0dB / Crosstalk -93.7dBNoise -94.1dB / Crosstalk -94.2dB
Battery life82h endurance rating83h endurance rating

oneplus_5t_specs

 

 

 

Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *