|

ස්මාර්ට් දුරකතන වල ඇති ARM ප්‍රොසෙසරයක් සහිත windows 10 Laptop පරිගණක.

[dropcap]L[/dropcap]aptop පරිගණක වසරෙන් වසර (Efficient) කාර්යක්ෂමතාව හා Performance (කාර්‍යසාධකතාව ) වැඩි වේ.ඒ වාගේම ස්මාර්ට් දුරකතන වල කාර්‍යසාධකතාව(Performance)ද  දිනෙන් දින වැඩිවේ.එමෙන්ම ඒවායේ කාර්යක්ෂමතාව Laptop පරිගණක වල ඇති ප්‍රොසෙසර වලට වඩා සෑහෙන ඉදිරියෙන් සිටී.මේ හේතුව නිසා ස්මාර්ට් දුරකතන සාමාන්‍ය භාවිතයේදී දිනක පමණ ක්‍රියාත්මක කාලයක් ඇති නමුත් laptop පරිගණක වල පැය 6 ත් 10 ත් අතර ක්‍රියාත්මක කාලයක් පවතින්නේ.

windows_10_battery_indicator

Microsoft ආයතනය දිගු කාලයක් තිස්සේ laptop පරිගණකයක්, ස්මාර්ට් දුරකතනයක් මෙන්  always on(සැමවිටම ක්‍රියත්මකව පවතින)ආකාරයට නිර්මාණය කිරීමට  උත්සහ ගෙන ඇත.කලකට පෙර Microsoft ආයතනය, Nvidia ආයතනයත් සමග එක්ව  always on Laptop පරිගණකයක් නිපදවීමට උත්සහ කර තිබේ.නමුත් ඒ වනවිට තාක්ෂණයේ පැවති විවිධ අඩුපාඩු නිසා මෙම සංකල්පය සැබෑවක් කිරීමට නොහැකි විය.

පසුව Intel සමාගම Core M ප්‍රොසෙසර මාලාව නිර්මාණය කරන ලදී.මෙමෙ ප්‍රොසෙසර මාලාවේ  කාර්යක්ෂමතාව වැඩි වුවත්  බොහෝ අඩු කාර්‍යසාධකතාවක් (Performance) සහිත  ප්‍රොසෙසර මාලාවක් විය.මේ නිසා මෙම Intel Core M  ප්‍රොසෙසර  සහිත  Laptop පරිගණක එතරම් ජනප්‍රිය නොවීය.නමුත් 2016 වසරේ Snapdragon ආයතනයේ අලුතෙන් නිපදවූ Snapdragon 835 ප්‍රොසෙසරය වර්තමාන Laptop පරිගණකයක්  නිසි ආකාරව ක්‍රියා කිරීමට අවශ්‍ය  තරමටත් වැඩි  කාර්‍යසාධකතාවක්(Performance) තිබීම හේතුවෙන් Always on laptop සංකල්පය යථාර්තයක් කිරීමට හැකි වී ඇත.

පසුගිය වසරේදී  Microsoft ආයතනය  Snapdragon 820 ප්‍රොසෙසරය සහිත උපාංගයකින් Windows 10 මෙහෙයුම් පද්ධතිය ධාවනය කර,එය තුළ Microsoft Office, Adobe Photoshop වැනි මෘදුකාංගයන් ක්‍රියාත්මක කර පෙන්වීය.එතැන් වසරකට පසුව අද වන විට ජංගම දුරකතන ක්‍රියාත්මක කරන ARM(Advanced (reduced instruction set computer) machines)  ප්‍රොසෙසරයක් ආධාරයෙන් සම්පූර්ණ යෙදවුම් හා පහසුකම් ක්‍රියාත්මක වන Windows 10 ධාවනය වන laptop පරිගණකයක්  නිර්මාණය කිරීමට හැකිවී  ඇත.

  මෙම Laptop පරිගණක වල ඇති විශේෂත්ව

arm_based_laptops_advantages

මෙහි ඇති ප්‍රධනතම විශේෂත්වය වන්නේ ,මෙම laptop පරිගණක වල කාර්යක්ෂමතාවයයි.සාමාන්‍ය laptop පරිගණකයක් පැය 6-10 ත් අතර ක්‍රියාත්මක කාලයක් පවතී.නමුත් මෙම[pullquote-left] ARM ප්‍රොසෙසර අන්තර්ගත කර ඇති laptop පරිගණක පැය 20-24 ක පමණ ක්‍රියාත්මක කාලයක් පවතී[/pullquote-left].එය පෙර පැවති Laptop පරිගණක වල ක්‍රියාත්මක කාලය  හා සැසදීමේදී විශාල දියුණුවකි.මේ හේතුව නිසා Laptop පරිගණක සතුව විශාලතම ගැටලුවක් වූ බැටරි කට්ටලය  මගින්  ක්‍රියාත්මක කළ හැකි කුඩා  කාලය දීර්ඝ කිරීමට හැකිවී ඇත.

එමෙන්ම මෙම laptop පරිගණක ඉතාමත් සැහැල්ලු හා තුනී ස්වභාවයක් ගනී.තිරය ඉතා විශාල වූවාට පරිපථ පුවරුව (circuit board) ඉතාමත් කුඩා වේ.මේ නිසා ඉතිරි අවකාශයට බැටරි අන්තර්ගත කළ හැකි වේ.එබැවින් විශාල බැටරි කට්ටාලයක් මෙම Laptop පරිගණක වලට අන්තර්ගත වේ.

ARM ප්‍රොසෙසර ඉතාමත් කාර්යක්ෂම බැවින් ප්‍රොසෙසරයෙන්  පිටවන තාප ප්‍රමාණය ඉතාමත් කුඩාය.එම නිසා ස්මාර්ට් දුරකතනයක් ආකාරයටම මෙහිද Cooling Fan එකක් අන්තර්ගත නොවේ.

Snapdragon වැනි  ARM ප්‍රොසෙසරයක් අන්තර්ගත වන නිසා අන්තර්ජාලයට සම්බන්ධ වීමට  ස්මාර්ට් දුරකතනයක් ආකාරයටම සිම් පතක්(SIM Card) උපයෝගී කරගත හැකිය.

කවුරුන් සඳහා නිර්මාණය කරන ලද Laptop පරිගණක වර්ගයක්ද?

මෙම Laptop පරිගණක ප්‍රධාන වශයෙන් ඉලක්කගත කරන්නේ එදිනදා සාමාන්‍ය පාවිච්චිය සඳහා laptop පරිගණකයක් ලබාගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ය. අන්තර්ජාලය නිතර සැරිසරන, Microsoft office වැනි කාර්‍යාල කටයුතු කරන, අධ්‍යාපන කටයුතුවල නියැලෙන, නිතර  චිත්‍රපට, ටෙලිනාට්‍ය අන්තර්ජාලයෙන් නරඹන පාරිභෝගිකයන් හට මෙය කදිම Laptop පරිගණකයකි.

නමුත් පරිගණක ක්‍රීඩා කරුවන් හට,වීඩියෝ පට සංස්කරණය(video editing) කරන පාරිභෝගිකයින් හට මෙය එතරම් ප්‍රායෝගික පරිගණකයක් නොවේ.

ARM ප්‍රොසෙසර වලට Windows 10 මෙහෙයුම් පද්ධතිය සහය(support) වුවත් දැනට Intel හෝ AMD  X86 ප්‍රොසෙසර වලට ක්‍රියාත්මක කළ හැකි සෑම මෘදුකාංගයක්ම ක්‍රියාත්මක කළ නොහැක. නමුත් Microsoft ආයතනය පවසන ආකාරයට දැනට එදිනදා කායුතු වලට අවශ්‍ය කරන මෘදුකාංග බොහෝමයක්ම ARM ප්‍රොසෙසර සහිත Laptop පරිගණක වලට ක්‍රියා කළ හැකි ලෙස සම්පාදනය(compile) කර ඇති බවයි.ඉදිරියේදී  දැනට ඇති බොහෝමයක් මෘදුකාංග  ARM ප්‍රොසෙසර සහිත Laptop වලට ක්‍රියා කළ හැකි පරිදී සකස් කරන බව Microsoft ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

දැනට නිර්මාණය කර ඇති ARM ප්‍රොසෙසර සහිත Laptop පරිගණක

දැනට HP සමාගම හා ASUS සමාගම විසින් ARM ප්‍රොසෙසර සහිත Laptop පරිගණක ද්විත්වයක්   ප්‍රථම වරට පාරිභෝගිකයන්ට හදුන්වා දී තිබෙනවා. ඒවා නම් HP  ENVY x2 හා ASUS NovaGo Laptop පරිගණක ද්විත්වයයි.ඉදිරියේදී Lenovo සමාගම, Xiomi සමාගම  හා Huawei සමාගම ඇතුළු විශාල සන්නාමයන් (Brands)ප්‍රමාණයක් ARM ප්‍රොසෙසර සහිත Laptop පරිගණක වෙළඳ පොළට එක් කිරීමට තීරණය කර ඇත.

මෙම laptop පරිගණක ද්විත්වයම ක්‍රියාත්මක වන්නේ Snapdragon 835  ප්‍රොසෙසරය  උපයෝගී කර ගනිමිනි.නැනො මීටර 10 ක ක්‍රියාකාරී මන්සල් වලින් Snapdragon 835 නිර්මාණය කර ඇති නිසා මෙම මෙම laptop පරිගණක ද්විත්වයේම බොහෝම කාර්යක්ෂමව ක්‍රියා කරයි.Intel හෝ AMD සමාගම් වලින් මෙතෙක්  නිර්මාණය කර ඇති බොහෝමයක් X86 ප්‍රොසෙසර  නැනෝ මීටර 14 ක ප්‍රමාණයේ ක්‍රියාකාරී මන්සල්  භාවිතා කර නිමවා ඇත්තේ.මේ නිසා මෙම laptop පරිගණක, ප්‍රථම වරට වෙළඳ පොළට  පැමිණි නැනෝ මීටර 10 ක ක්‍රියාකාරී මන්සල් වලින් සාදන ප්‍රොසෙසර අන්තර්ගත laptop පරිගණක ලෙස සැලකිය හැකි වේ.

 

HP  ENVY x2 යනු  2in1 Laptop පරිගණකයකි. මෙහි 1920X1080(Full HD) ක Resolution සහිත අඟල් 12.3 ක් තිරයකින් යුක්ත වේ.එය Microsoft Surface Pro 2in1 Laptop පරිගණකයට ආසන්න සමානව  නිර්මාණයක් ඇත.මෙහි  තිරය සහිත කොටස  යතුරු පුවරුවෙන්  වෙන්කර Tablet පරිගණකයක් ලෙස ක්‍රියාත්මක කර හැකිය.මෙම Laptop පරිගණකය සමග Styles Pen එකක් ද පැමිණේ.4GB RAM මතක ධාරිතාවයක සිට 8GB RAM මතක ධාරිතාවයෙන් සහිතවද, 64GB සිට 256GB දක්වා SSD ප්‍රධාන මතක ධාරිතාවයෙන් යුක්තව නිර්මාණය කර තිබේ.මෙම laptop පරිගණකය දැනට ඇමරිකානු ඩොලර් 800 ක පමණ මුදලකට ඇමරිකානු වෙළඳ පොළේ ඇත.

hp_envy_x2_pic_01

ASUS  NovaGo laptop පරිගණකය සාම්ප්‍රදායික ආකාරයේ 2in1  laptop පරිගණකයක ආකාරය ගනී .තිරය යතුරු පුවරුවෙන් වෙන් කළ නොහැකි වූවත් තිරය අංශ  360 ප්‍රමාණයක් නැවීමේ පහසුකම මෙහි ඇත.මෙහි අඟල් 13.3 ක 1920X1080(Full HD) ක Resolution සහිත තිරයක් අන්තර්ගත වේ.HP ENVY x2 එකෙහි ආකාරයටම 4GB RAM මතක ධාරිතාවයක සිට 8GB RAM මතක ධාරිතාවයෙන් සහිතවද, 64GB සිට 256GB දක්වා SSD ප්‍රධාන මතක ධාරිතාවයෙන් යුක්තව නිර්මාණය කර තිබේ.මෙම laptop පරිගණකය දැනට ඇමරිකානු ඩොලර් 600 ක පමණ මුදලකට ඇමරිකානු වෙළඳ පොළේ ඇත.

 

තාක්ෂණයේ  දියුණුවත් සමග බොහෝ දේ වෙනස් වේ.ARM ප්‍රොසෙසර සහිත පරිගණක එයට කදිම නිදසුනකි.Laptop පරිගණක වල තිබූ ප්‍රධානතම ගැටලුවක්ව තිබූ බැටරියෙන් ක්‍රියාත්මක කාලය දීර්ඝ කිරීමට මෙම උපාංග සමත් විය.මෙය ARM ප්‍රොසෙසර සහිත ප්‍රථම Laptop පරිගණක බැවින් සියල්ලම මෘදුකාංග හා යෙදවුම් (Apps) නිසි ආකාරව ක්‍රියාත්මක කිරීමට ඇතැම් විට නිහැකි වේ.නමුත් මෙය ARM Laptop පරිගණක වල ආරම්භය පමණි.එබැවින් ඉදිරියේදී මෙම Laptop පරිගණක වලට වඩා උසස් ආකාරයේ පරිගණක වෙළඳ පොළට නිසැකවම පැමිණේ.

ASUS NovaGo TP370QLHP ENVY x2
ProcessorQualcomm? Snapdragon? 835Qualcomm? Snapdragon? 835
Display13.3? LED-backlit Full HD (1920 by 1080)12.3? Full HD (1920 by 1080) with Cornin Gorilla Glass
Memory4GB / 6GB / 8GB 1866MHz LPDDR4x onboard4GB / 6GB / 8GB 1866MHz LPDDR4x onboard
Storage64GB / 128GB / 256GB UFS 2.064GB / 128GB / 256GB UFS 2.0
Interfaces2 x USB 3.1 Gen 1 Type-A1 x USB Type C
1 x Audio jack: headphone / mic-in1 x Audio jack: headphone / mic-in
1 x Combo Nano SIM (tray with needle)1 x SIM (tray with needle)
1 x MicroSD card reader slot (supports up to 256GB)1 x MicroSD card reader slot (supports up to 256GB)
1 x HDMI
1 x DC in1 x DC in
battery lifeUp to 22 hoursup to 20 hours
Thickness149mm6.9mm
Weight1.39Kg1.21Kg
Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *