2019 වර්ෂය අවසනයේදී පෙනෙන වළයාකාර සූර්‍යග්‍රහණය

Photo by Justin Dickey on Unsplash

2019 වර්ෂයේදී සූර්‍යග්‍රහණ 3 ක් නිරීක්ෂණය කිරීමට හැකි වේ. එයින් අවසානතම සූර්‍යග්‍රහණය 2019 දෙසැම්බර් මස 26 වන දින සිදුවීමට නියමිතව ඇත. මෙම වසරේ ඇතිවූ අනෙකුත් සූර්‍යග්‍රහණ ද්විත්වය ගොඩබිම සිටිනන්න්ට පැහදිලිව පෙනෙන ආකාරයට දිස්වී නැත. නමුත් දෙසැම්බර් මස ඇතිවන්න වූ මෙම වළයාකාර සූර්‍යග්‍රහණයේ සුවිශේෂත්වය වන්නේ එය ශ්‍රී ලංකාව ඇතුලු තවත් රටවල් කිහිපයකට හොදින් නිරීක්ෂණය කිරීමට හැකි වීමයි

මෙවැනිම ආකාරයේ සූර්‍යග්‍රහණයක් මීට වසර 9 කට පමණ පෙර එනම් 2010 වසරේ ජනවාරි 15 වන් දින සිදු විය. එයින් පසුව කාගේත් කතාබහට ලක්වූ පූර්ණ සූර්‍යග්‍රහණය 2017 වසරේ අගෝස්තු 21 සිදුවිය. නමුත් එම සූර්‍යග්‍රහණය ලංකාවට දර්ශණය නොවීය. 2010 වර්ශයෙන් පසුව ලංකාවට දිස්වන පළමු වලයාකාර සූර්‍යග්‍රහණය මෙමස 26 වන දිනදී සිදුවේ.

සූර්‍යග්‍රණයක් යනු කුමක්ද ?

සූර්‍යග්‍රහණයක් යනු පෘථීවිය, චන්ද්‍රයා සහ සූර්‍යා එකම අක්ශයක පිහිටන දිනකදී සූර්‍යග්‍රහණ සිදුවේ. සූර්‍යග්‍රහණයක් අවස්තාවකදී, පෘථිවියේ සිට නිරීක්ෂණය කරන කරන්නෙකුට සූර්‍යා චන්ද්‍රයාට(සඳ) වැසී තිබෙන ආකාරයට දිස්වේ. මෙසේ චන්ද්‍රයාගෙන් සූර්‍යා වැසී යන ආකාරය අනුව සූර්‍යග්‍රහණ ප්‍රධාණ ආකාර 3ක් පවතී. එනම්

  1. පූර්ණ සූර්‍යග්‍රහණ (Total)
  2. අර්ධ සූර්‍යග්‍රහණ (partial)
  3. වලයාකාර සූර්‍යග්‍රහණ (annular)

මෙසේ සිදුවන සූර්‍යග්‍රහණ වසරකට 4 ක් පමණ සිදු විය හැක.

කුමණ ප්‍රදේශ වලටද දිස්වන්නේද ?

ආසියාතික රටවල් කිහිපයකට මෙම වලයාකර සූර්‍යග්‍රහණය හොදින් දිස් වේ. මෙසේ දිස්වන සූර්‍යග්‍රහණය ප්‍රදේශයෙන් ප්‍රදේශයටද විවිධ ආකාරයට දිස්වේ. සවුදිය, ඕමානය, දකුණු ඉන්දියාව, ශ්‍රී ලංකාව, මැලේසියාව සිංගප්පූරුව වැනි රටවල් වලට සූර්‍යයා හරි මැදටම චන්ද්‍රයා පැමින සිටින්නා සේ දිස්වේ.

ශ්‍රී ලංකාවේද යාපනය, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය, මුලතිව් වැනි නගර වලට සූර්‍යයා හරි මැදටම චන්ද්‍රයා පැමින සිටින්නා සේ ඉතාමත් අලංකාර ලෙස නිරීක්ෂණය කල හැකි වේ. මෙම ආකාරයේ සූර්‍යග්‍රහණයක් වසර ගණනාවකින් සිදු නොවන නිසා සියැසින් දැක ගැනීමට ලංකාවේ උතුරු පලාත වෙත සංචාරය කිරීම ජීවිතයට එක්වරක් අත්විඳිය හැකි අත්දැකීමක් වනු නොඅනුමානයි.

ජීවිතයට එක්වරක් අත්විඳිය හැකි අත්දැකීමක් වනු නොඅනුමානයි.

සූර්‍යග්‍රහණයකදී පරිසරයේ සිදුවන විපර්යාස(වෙනස්කම්)

සූර්‍යග්‍රහණයක ආරම්භයේ සිට උච්චතම අවස්තාව දක්වා යාමේදී සූර්‍යාගේ ආලෝකය කෙමෙන් කෙමෙන් අඩුවීයයි. පරිසරයේ උෂ්ණත්වයද අඩුවේ. අවට පරිසටරයේ සිටින සතුන්ගේ හැසිරීමේ වෙනසක් සිදුවිය හැක. ගස් මතට පතිත වන ආලෝක කධම්භයන්ගේ හැඩයේ වෙනස් වීම නිසා ගස් කොළන් අතරින් පැමිනෙන් ආලොකයෙන් සෑදෙන සෙවනැලි වල වෙනසක් දැකිය හැක.

ගස් කොළන් අතරින් පැමිනෙන් ආලොකයෙන් සෑදෙන සෙවනැලි වල වෙනසක් දැකිය හැක.

ශ්‍රී ලංකාවට දර්ශනය වන වේලාවන්

2019 දෙසැම්බර් මස 26 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් සූර්‍යග්‍රහණය දිස් වීමට ආරම්භ වන්නේ පෙරවරු 8:10 ට පමණ වේ. සූර්‍යග්‍රහණ්‍යේ උච්චතම අවස්තව පෙරවරු 9:35 ට අස්සන්නව සිදු වේ. සුර්‍ර්‍යග්‍රහණයේ අවසානය පෙරවරු 11:25 ට පමණ් සිදු වේ.

සැ.යු: ඉහතින් සඳහන් කර ඇති වේලාවන් වල හී ස්ථානයෙන් ස්ථානයට වෙනස් වේ. එබැවින් පහතින් සඳහන් ව අති link එක උපයෝගී කරගනිමින් තමන් සිටින ස්ථනයට අදාල වේලාවන් පිරික්සිය හැකි වේ

https://www.timeanddate.com/eclipse/map/2019-december-26

ශ්‍රී ලංකාවට දිස්වන ආකාරය

යහපත් කාලගුණයක් පැවතියහොත් ශ්‍රී ලංකාවට මෙම සූර්‍යග්‍රහණය ඉතාම දර්ශනීය ආකරයෙන් දිස් විය යුතුවේ.යාපනය, මන්නරම, වවුනියාව, ත්‍රිකුණාමලය, මුලතිව් වැනි ප්‍රදේශ සූර්‍යාගෙන් 93% ප්‍රමාණයක් වැසී පවතිනු සේ පෙනේ අතර ,

අනුරාධපුර, පොලොනරුව, දම්ඹුල්ල, මාතලේ , මහනුවර, නුවරැලිය, අම්පාර , බදුල්ල, පුත්තලම යන ප්‍රදේශ වලට 90% ත් 93% අතර ප්‍රමාණයක් සූර්‍යා වැසී පවතිනවා සේ පෙනේ.

හලාවත, කොළඹ, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුරය වැනි ප්‍රදේශ වලට 85% ත් 90% ප්‍රමාණයක් සූර්‍යගෙන් වැසී පවතිනවා සේ පෙනේ.

සූර්‍යග්‍රහණය නැරඹීමට උපදෙස්

අවවාදයයි: සූර්‍යග්‍රහණ පියවි ඇසින් නැරම්ඹීමෙන් වලකින්න. අක්ෂි ආභාදයන් හෝ අස් අන්ධ වීමේ තත්වයන්ද ඇති විය හැක, සරලව කියනවනම් කෙලින්ම සුර්‍යග්‍රහණය දිහා බලන්න එපා!!

සූර්‍යග්‍රහණ නිරීක්ෂණයට

  • සූයග්‍රහණ නැරඹීමට සැකසූ කණ්ණාඩි
  • පින්හෝල් කැමරාවක්
  • නොම්බර 14 ට අදික වෑල්ඩින් කණ්ණාඩි
  • සූයග්‍රහණ නැරඹීමට සැකසූ පෙරහන් සහිත කැමරා කාච
  • සූයග්‍රහණ නැරඹීමට සැකසූ පෙර්හන් සහිත දුරේක්ෂ

වැනි උපක්‍රම භාවිත කල හැකිය. මීට අමතරව තවත් ක්‍රම උපායන් රැසක් ඇතත් ඉහත සඳහන් ක්‍රම භාවිතය වඩාත් යෝග්‍ය වේ.

නැවත ශ්‍රී ලංකාවට සූර්‍යග්‍රහණයක් දැකිය හැකි කාලය

2019 දෙසැම්බර් 26 ඇතිවන සූර්‍යග්‍රහණයෙන් පසුව,

  • 2020 ජනවරි මස 21
  • 2027 අගෝස්ත් මස 2

යන දිනයන් හී ඇති වේ නමුත් 2031 මැයි මස 21 වන දින් වන තෙක් මෙවැනි සූර්‍යග්‍රහණයක් ලංකාවට දිස් නොවේ.

2031 මැයි මස 21 වන දින් වන තෙක් මෙවැනි සූර්‍යග්‍රහණයක් ලංකාවට දිස් නොවේ.

මූලාශ්‍ර: https://www.timeanddate.com/eclipse/solar/2019-december-26

Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

One Comment