20 වසරක සෙනසුරු ගවේෂණයෙන් පසු Cassini අභ්‍යවකාශ යානයේ අවසාන ගමන.

vlcsnap-2017-10-18-22h10m36s527Cassini අභ්‍යවකාශ යානය 1997 ඔක්තෝබර් 15 වන දින සෙනසුරු ගවේෂණය සඳහා පෘථිවියෙන් නිකම ගියේය.වසර 7ක පමණ කාලයක් කිලෝමීටර් බිලියන ගණනක් සෞරග්‍රහ මණ්ඩලය පුරා ගමන් කොට 2004 ජූනි 30 වන දින සෙනසුරු ග්‍රහයා වටා ගමන් කරන කක්ෂයකට ඇතුළුවිය.එදින පටන් වසර 13 කට ආසන්න කාලයක් සෙනසුරු හා  සෙනසුරු ග්‍රහයාගේ උප ග්‍රහයන් පිළිබඳව තොරතුරු ගවේෂණය කොට තිබෙනවා.2010 වර්ෂයේදී  සෙනසුරු ග්‍රහයා  ගවේෂණය කිරීමේ මෙහෙයුම අවසන් කිරීමට තිබුන නමුත්,පසුව  වසර 7 ක්  මෙහෙයුම්  කාලය දික් කිරීමෙන් පසු  සෙනසුරු ග්‍රහයා හා එහි Titan උප ග්‍රහයාගේ සිදුවන වාර්ෂි වෙනස්කම් පිළිබඳ අධ්‍යයනයකොට තිබෙනවා.

mar-30-2017-09-53-24gif

2017 අප්‍රියෙල් මස 26 වන දින Cassini අභ්‍යවකාශ යානයේ අවසාන මෙහෙයුම ආරම්භ විය.එහිදී සෙනසුරු ග්‍රහයා හා සෙනසුරු ග්‍රහයාගේ  අයිස්  වළලු අතර 22 වතාවක් යානය  ගමන් කොට තිබෙනවා .එහිදී සෙනසුරු ග්‍රහයා පිළිබඳවහා එහි අයිස් වලලු පිලිබඳව අන් කිසිඳුදිනකට වඩා ආසන්නව නිරීක්ෂණය  කිරීමේ අවස්ථාව උදාවූවා.2017 අප්‍රියෙල් මස 22 වන දින Titan උප ග්‍රහයාගේ ගුරුත්වාකර්ෂණ බලය උපයෝගීකරගනිමින් අවසන් මාස 5ක ගවේෂණය සඳහා Cassini යානය සෙනසුරු ග්‍රහයා හා අයිස් වලලු අතර අලුත් කක්ෂයක ගමන් කරනවා.පසුව වසර 20 ක ඉතා සාර්ථකව   මෙහෙයුම් රැසක් නිමා කරමින් 2017 සැප්තැම්බර් 15 වන දින සෙනසුරු ග්‍රහයාගේ වායුගෝලයට ඇතුළුවී විනාශ වී යනවා.එසේ Cassini යානය වායුගෝලයට ඇතුළු වන්නේ  යානයේ තොරතුරු සම්ප්‍රෙෂක ඇන්ටනා පෘථිවිය දෙසට යොමුවන ලෙසටයි.එමගින් යානය දැවී අළුවී යන අවසන් මොහොත තෙක්ම පෘථිවියට තොරතුරු සම්ප්‍රේෂණයට හැකියාව උදා වනවා..කෙසේ වෙතත් යානයේ අවසාන තොරතුරු පෘථිවියට ලඟා වන විටත්  යානය විනාශ වී පය ගනනාවක් ගත්වී හමාරයි.

832_CGF_STILL_00004

Cassini යානයෙන් අනාවරනය කරගත් කරුණුවල වැදගත්කම්.

සෙනසුර ග්‍රහයාගේ ස්වභාවය අධ්‍යයන කිරීම සඳහා අවශ්‍ය ඉතා විශාල තොරතුරු ප්‍රමාණයක් පෘථිවිය වෙත එවා තිබෙනවා.ඒ අතරින්,

  • සෙනසුරු  ග්‍රහයාගේ ගුරුත්වජ හා චුම්බක බල ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු අදාරයෙන්, සෙනසුරු ග්‍රහයාගේ අභ්‍යන්තර සැකැස්ම පිලිබඳව හා එහි පරිභ්‍රමණ වේගය පිලිබඳ තොරතුරු  ගවේෂණයට  උපකාර ඒ.
  • අයිස්  වලලු වල අන්තර්ගත ද්‍රව්‍යයන් විශ්ලේෂණයෙන්,අයිස් වලලු නිර්මාණය වූ ආකාරය පිළිබඳව පරීක්ෂණ කිරීමට උපකාරීවේ.
  • සෙනසුරුග්‍රහයා හා එහි උපග්‍රහයන්ගේ මෙන්ම අයිස් වලලු  වල ඉතාම සමීප ඡායාරූප රැසක තොරතුරු  උපයෝගී කරගනිමින් මෙතෙක් පැවති බොහෝ ගැටලු වලට නිවැරැදි පිළිතුරු  සොයාගැනීමට උපකාරී වනු ඇත.

Cassini යානයේ ගවේෂණය නිමා කිරීමට මූලික වූ කරුණු

පුර වසර 20 මුළුල්ලේ  කිලෝමීටර් බිලියන් ගණනක් සෞරග්‍ර මණ්ඩලය  සිසාරා ගමන්  කොට Cassini යානයේ අවසන් ඉන්ධන ප්‍රමාණය උපයෝගී කරගනිමින් සෙනසුරු ග්‍රහයාගේ වායුගෝලයට ඇතුළුවී තිබෙනවා.එසේ වායුගෝලයට ඇතුළු වූ පසු යානය දැවී විනාශවී යනවා.එසේ යානය විනාශ කිරීමට හේතුව වන්නේ, යානයෙ ඉන්ධන අවසන් වූ පසු යානය පෘථිවියේ සිට හැසිරවීමට නොහැකිව, යානය සෙනසුරුගේ උප ග්‍රහයෙක් වන Titan ග්‍රහයා මතට යානය පතිත වේ යැයි සිතා.මන්ද Titan ග්‍රහයා යනු ජීවය පැවතිය හැකි එක් ග්‍රහයෙක් වන බැවින්,පෘථිවියෙ ඇති යම් දෙයක් Titan ග්‍රහයා අපවිත්‍ර වීම වැලැක්වීමටයි.

Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *