|

නවතම I Phone 8 සහ I Phone 8 Plus ස්මාර්ට් දුරකතන

2007 වසරේදී දුරකතන නිෂ්පාදන කර්මාන්තයේ විශාල විප්ලවයක් සිදු කරමින් ප්‍රථම I Phone  දුරකතනය එළි දක්වන ලදී. ප්‍රථම I Phone දුරකතනය පැමිණි දින වල I Phone දුරකතනයක් යනු පාරිභෝගිකයන්ට අලුත් අත්දැකීමක් විය. වර්තමානයේ පවතින ස්මාර්ට් දුරකතන නිර්මාණ ආකෘතියට තුඩුදුන්  ප්‍රධානතම හේතුව ලෙස ප්‍රථම I Phone දුරකතනය හැදින්විය හැකිය  .එතැන් සිට සාර්ථක ගමනක නියැලෙමින් Apple සමාගම ස්මාර්ට් දුරකථන් 15 වක ආසන්න ප්‍රමාණයක් පාරිභෝගිකයන් හට නිර්මාණය  කර තිබෙනවා.මෙසේ Apple සමාගමේ I Phone මාලාවේ 10 වන සංවත්සර නිමිත්තෙන් ස්මාර්ට් දුරකතන 3 ක් පාරිභෝගිකයන් හට ඉදිරිපත් කර  තිබෙනවා.ඒවා නම් I Phone 8, I Phone 8 Plus සහ I Phone X.මෙම ලිපියේදී කතාබහ කිරීමට බලාපොරොත්තු වන්නේ I Phone 8 සහ I Phone 8 Plus කියන ස්මාර්ට් දුරකතන 2ක පිළිබඳවයි.iPhone 8 - sample_1

I phone 8 සහ 8 Plus ස්මාර්ට් දුරකතන I phone 7 / 7 Plus දුරකතන හා සැසඳීමේ දී තිබෙන්නාවූ ප්‍රධානතම වෙනස වන්නේ, A11 Bionic ප්‍රොසෙසරය අන්තර්ගත කර තිබීමය.එය ඉතාම කාර්යක්ෂම මෙන්ම AR(Augment Reality)තාක්ෂණය ඇතුළත් කිරීමට තරම් කාර්‍යසාධකතාවෙන්(Performance) යුක්ත වේ.iPhone-8-A11-Bionic-Geekbench-test-002

බැලූ බැල්මටම I Phone 7 / 7 Plus දුරකතන  වල හැඩයට සමාන වුවත් මේවායේ ඇති තවත් ප්‍රධානතම වෙනස්කමක් වන්නේ පසුපස  ඇලිමිනියම් වෙනුවට  වීදුරු වලින් නිර්මාණය කර තිබීම.මේ හේතුව නිසා I Phone 8 / 8 Plus දුරකතන  වලට wireless charging පහසුකම අන්තර්ගත  කිරීමට හැකියාව ලැබී තිබෙනවා.I Phone 8 දුරකතනයේ අඟල් 4.7 ක 326ppi pixel ඝණත්වයකින් යුත්  IPS, Retina HD  තිරයක් ද, I Phone 8 Plus දුරකතනයේ අඟල් 5.5 ක  401 PPI pixel ඝණත්වයකින් යුත් IPS, Retina HD තිරයකින් යුක්ත වේ.

iPhone 8 - screen size

I phone 8 සහ I Phone 8 Plus දුරකතන 2 හි ඇති ප්‍රධානතම වෙනස්කමක් වන්නේ පසුපස  කැමරා කට්ටලයයි  I phone 8 දුරකතනයේ 12MP f/1.8 aperture එකක් සහිත එක් කැමරා  එකක් ද ,I Phone 8 plus දුරකතනයේ 12MP f/1.8 wide-angle කැමරාවක් සහ 12MP f/2.8 telephoto  කැමරාවකින් සමන්විත  වේ.එමනිසා I Phone 8 Plus දුරකතනයට 10X Zooming (විශාලනය ) කිරීමේ හැකියාවක් ඇත.දුරකතන 2 කටම Quad-LED True Tone flasher වලින් යුක්ත වේ.එමනිසා වෙනදාටත් වඩා තාත්වික හා ස්වභාවික ලෙස අඳුරු ස්ථාන වල ඡායාරූපය ලබාගැනීමේ හැකියාව ලැබේ.A11 Bionic ප්‍රොසෙසරය නිසා 4K 60fps විඩීයෝ පටිගත් කිරීමේ හැකියාවක් මෙන්ම 1080P 120fps හා 240fps slow motion වීඩියෝ පටිගත කිරීමේ පහසුකම උදාවී ඇත.දුරකතන 2හිම  ඉදිරිපස කැමරාව 7MP f/2.2 aperture යුක්ත  වේ. නමුත්  portrait mode සහ portrait lighting යන පහසුකම්  I Phone 8 Plus දුරකතනයට පමණක් අන්තර්ගත කොට ඇත.

i-phone-8-plus-portrait-mode

Apple සමාගමේ I Phone ස්මාර්ට් දුරකතන මාලාව වේ 10 වසරක් පිරීම නිමිත්තෙන තරමක් වෙනස් ස්මාර්ට් දුරකතනයක් Apple සමාගම නිර්මාණය කර තිබෙනවා. ඒ පිලිබඳව සවිස්තරාත්මකව ලිපියෙදී  කතා කිරීමට බලාපොරොත්තු වන්නෙමු.

iPhone 8 - Technical SpecificationiPhone 8 - size and weight

 

Talk time (wireless):

Up to 14 hours

Internet use:

Up to 12 hours

Video playback (wireless):

Up to 13 hours

Audio playback (wireless):

Up to 40 hours

Fast-charge capable:

Up to 50% charge 30 minutes

Talk time (wireless):

Up to 21 hours

Internet use:

Up to 13 hours

Video playback (wireless):

Up to 14 hours

Audio playback (wireless):

Up to 60 hours

Fast-charge capable:

Up to 50% charge 30 minutes

 

 

 

Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *