|

Infinity Display එකක් සහිත Samsung Galaxy S8 /S8 Plus ස්මාර්ට් දුරකථන

unbox_your_phone

[dropcap]S[/dropcap]amsung Galaxy S8 /8 plus  දුරකථන කාගෙත් කතාබහට ලක්වූ මාතෘකාවකි.මන්ද  එහි අන්තර්ගත වන Infinity Display එක ප්‍රධානතම හේතුවයි. Xiaomi mi mix, Xiaomi mi mix 2,  Doogee mix දුරකථන bezel-less (දුරකථනයෙන් වටා පිහිටි රාමු ඉතා තුනී)දුරකථන හඳුන්වා දුන් නමුත්, Samsung ආයතනය ප්‍රථම  වතාවට අත්හදා බලන ලද්දේ S8 දුරකථනය මගිනි .එය ඉතාමත් සාර්ථක පියවරකි.මන්ද 2017 වර්ෂය ස්මාර්ට් දුරකථන වල සාම්ප්‍රදායික හැඩය වෙනස් වූ ප්‍රධාන වර්ෂයක් ලෙස විද්වතුන්ගේ  මතයයි.

Samsung Note 7 දුරකථනය නිසා Samsung සමාගමට වූ මූල්‍යමය මෙන් ම සන්නාමයක්(Brand) වශයෙන් සිදු වූ හානිය ඉතා විශාලයි .මේ හේතුව නිසා Samsung  සමාගමේ මීළඟ ස්මාර්ට්  දුරකථනය වෙනදාටත් වඩා වෙනස්  ආකාරයේන් හා වඩා ආරක්ෂාකාරී ව නිර්මාණය කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

Samsung Galaxy S8 /8 plus  දුරකථන වල ඇති ප්‍රධානතම විශේෂත්වය වන්නේ ඒවායේ ඇති තිරයයි.එය [pullquote-right]18.5:9 දර්ශන අනුපාතයක්(aspect ratio) සහිත super AMOLED තිරය[/pullquote-right]යි. එහි 83.6% screen to body ratio (දුරකථනයේ ප්‍රමාණයට,තිරය දරන අනුපාතය ) කින් යුක්ත වන ලෙස මෙම ස්මාර්ට් දුරකථන නිර්මාණය කර තිබෙනවා.S8 දුරකතනයේ  ඉහළින් හා පහළින් පමනක් ඉතා තුනී bezels 2 පවතී .මේ  හේතූන් නිසා තිරය  විශාල නමුත් දුරකථනය කුඩා ආකාරයට දිස් වේ.samsung දුරකතන වල ආවේණික යැයි සලකන physical Home button එක වෙනුවට Samsung ආයතනය ප්‍රථම වතාවට software keys වලින් යුක්ත ස්මාර්ට් දුරකථනයක් ලෙස S8/S8 plus දුරකතන නිර්මාණය කරන්නේ.එයට ප්‍රධානතම හේතුව වන්නේ bezel-less  දුරකථනය නිර්මාණය කිරීමටයි

S8_S8_plus_screen_sizes

මෙහි 10nm Exynos 8895 octa-core ප්‍රොසෙසරයක් පවතී. එය ඉතාම කාර්යක්ෂම(Efficient) හා S7 ස්මාර්ට්  දුරකථනයට වඩා කාර්‍යසාධකතාව (Performance) වැඩිය.S8 දුරකථනයෙ 4GB RAM(සසම්භාවී පිවිසුම් මතකය) ධාරිතාවයක් ද S8 Plu  දුරකථනයෙ 6GB RAM මතක ධාරිතාවයකින් යුක්ත වේ.Galaxy S8 දුරකථනයේ බැටරිය 3000mAh ධාරිතාවයක්ද, S8 Plus දුරකථනය 3500mAh ධාරිතාවයකින් යුක්ත වේ.10nm ප්‍රොසෙසරයක් තිබුණත් විශාල තිරයක් තිබීම නිසා දුරකථනයේ ජීව කාලය S7 edge  දුරකතනයට වඩා වැඩිය ජීවකාලයක් ඇත. බැටරියේ ජීව කාලය අඟල් 5.8 හා  අඟල් 6.2 ක තිරයක් සහිත දුරකතන වුවත් පැය 6-8  කට screen on time (තිරය ක්‍රියාත්මකව පවතින කාලය) බලාපොරොත්තු විය හැකිය .කැමරාව ද S7 දුරකථනයේ කැමරාවමද අන්තර්ගත වේ.එමනිසා  කැමරාවේද විශාල වෙනසක් දැකිය නොහැක.

galaxy-s8_s8_plus_inside

galaxy-s8_s8_plus_rear_camera

මෙම දුරකතනයේ ඉතාම අලංකාරව නිර්මාණය කර තිබුණත් කුඩා අංගයන් දෙකක් බොහෝ දෙනෙකුගේ අප්‍රසාදයට ලක් විය .ඒ fingerprint scanner එක  පිහිටා තිබෙන ස්ථානය හා Bixby assistant යෙදවීමට වෙන් කර ඇති physical button එකයි.fingerprint scanner එක කැමරාවට දකුණු පසින් පිහිටා තිබෙන බැවින් තනි අතින් භාවිතා කිරීමේදී ක්‍රියාත්මක කරවීමට තරමක්  අපහසු වේ.එමෙන්ම Bixby assistant app (යෙදෙවුම) ප්‍රයෝජනවත් යෙදවුමක් වුවත් ඒ සඳහාම වෙන්වූ  physical button එකක් එක් කර තිබීම බොහෝ දෙනෙක් අනුමත නොකරයි . Bixby assistant app එකේ ඇති  ඇතැම් පහසුකම්  google assistant යෙදවුමේ නොමැති වුවත් එය බොහෝ දෙනෙකු භාවිතා කරන්නෙ google assistant යෙදවුමයි. Bixby assistant app එකේ පවතින ඡායාරූපයක ඇති නම්,උපකරණ,සන්නාමයන් වැනි බොහෝ දේ හඳු පහසුකම google assistant යෙදවුමේ නොමැති උනත්  Google Lens app එකේ එම පහසුකම අන්තර්ගත් කර ඇත. නමුත්  එය දැනට භාවිත කළ හැක්කේ Google Pixel 2 / Pixel 2 plus දුරකතන වලට පමණි.

galaxy-s8_intelligence

ශ්‍රීලංකාවේ මුදලින් S8 දුරකතනය අද වන විට රුපියල් 120,000.00 පමණ ද S8 Plus දුරකතනය රුපියල් 150,000.00 කට ආසන්න මුදලකට අලෙවි වේ.

2017 වර්ෂයේදී නිකුත් කරන ලද ස්මාර්ට් දුරකතන 2ක් ලෙස Samsung Galaxy S8/ S8 Plus ස්මාර්ට් දුරකතන නිෂ්පාදන තරඟාවලියේ පෙරමුණෙන් සිටී.ඒවා පාරිභෝගිකයන් බොහෝ පිරිසකගේ අවශ්‍යතාවන්ට සරිලන ලෙස නිර්මාණයකර ඇති විශිෂ්ට නිර්මාණයන් වේ .කෙසේ වෙතත්  මෙම නවතම ස්මර්ට්  දුරකථන, දුරකතන නිර්මාණ කර්මාන්තයේ ප්‍රමිතින් වෙනස් කිරීමට දායක වු  ප්‍රධානතම සාධකයක් වී හමාරය.

Compare Samsung Galaxy S7 edge vs

Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *