|

8th Gen(8 වන පරපුරේ) Intel “Coffee Lake” Core i ප්‍රොසෙසර්ස්

Intel සමාගමේ Core I ප්‍රොසෙස්ර් මාලාවේ 8 වන ප්‍රොසෙසර් පෙළ පසුගිය ඔක්තෝබර් මස එළිදක්වන ලදී.වසර 10 ක පමණ කාලයක් consumer grade processor වෙළඳ පොළේ පුරෝගාමියා බවට පත් විය.නමුත් 2017 වසරේ AMD සමාගමේ Ryzen  processors  පැමිණීමත් සමග තත්වය වෙනස් විය.එසේ Intel සමාගමට පැමිණි අභියෝගයට පිළිතුරක ලෙස 8 වන පරපුරේ ප්‍රොසෙසර හැදින්විය හැකිය.amd_vs_intel-cpu1-620x349

consumer grade processor(සාමාන්‍ය පාරිභෝගිකයන් සඳහා සෑදූ ප්‍රොසෙසර) වල පැවති වැඩිතම Processing Cores (සැකසුම් මධ්‍යයන්)ප්‍රමාණය වූ Processing Cores 4 වෙනුවට සත්‍ය Processing Cores 8 ක් සහිතප්‍රොසෙසර නිර්මාණය කිරීමට AMD සමාගම පටන් ගත්තේය.ඒත් සමගම කලබලයට පත් Intel සමාගම kaby lake x processors මාලාව ගෙන ආවේය.මෙහිදී Core i පරපුරේ නවකයෙක් වන cores 10 සිට 18 පවතින  Core I 9  ප්‍රොසෙසර හා අනෙකුත් kaby lake x core i 5 ,core I 7 ප්‍රොසෙසර ඉදිරිපත් කරන ලදී.නමුත් එම  kaby lake x ප්‍රොසෙසර මාලාවේ තිබූ ඇතැම් තාක්ෂණික අඩුපාඩුවන් හා අධික මිළ හේතුවෙන්  එය එතරම් සාර්ථක ප්‍රොසෙසර මාලාවක් නොවීය.

cpu-wars-resume-intel-unveils-core-i9-18-core-cpu-new-core-x-series-enthusiast-lineup

පසුව AMD Ryzen ප්‍රොසෙසර වලට සාර්ථක ලෙස අභියෝගයක් එල්ල කිරීමට Intel සමාගම Coffee Lake ප්‍රොසෙසර මාලාව ගෙන එන ලදී.7th Generation (7  වන  පරපුරේ) ප්‍රොසෙසර AMD Ryzen ප්‍රොසෙසර වලට වඩා  කාර්‍ය සාධකතාව (Performance)  තරමක පසුබෑමක් තිබීම නිසා 8th Generation (8  වන  පරපුරේ) ප්‍රොසෙසර වල කාර්‍ය සාධකතාව (Performance) වැඩි දියුනු කර නිර්මාණය කර තිබෙනවා.එමෙන්ම Intel සමාගම ප්‍රථම වතාවට  Core I 7 ප්‍රොසෙසර වල උපරිමය ලෙස තිබූ  Cores 4 ක්  (සැකසුම් මධ්‍යයන් 4 ක්)වෙනුවට  Cores 6 ක (සැකසුම් මධ්‍යයන් 6 ක)  ප්‍රොසෙසර  නිර්මාණය කර තිබෙනවා.ඒ වගේම laptop පරිගණක   වල U ප්‍රොසෙසර මාලාවේ පැවති  Cores 2 ක (සැකසුම් මධ්‍යයන් 2 ක)  ප්‍රොසෙසර වෙනුවට  Cores 4 ක (සැකසුම් මධ්‍යයන් 4 ක)  ප්‍රොසෙසර ප්‍රථම වතාවට Intel සමාගම පාරිභෝගිකයන්ටහඳුන්වා දෙන ලදී .

නැනෝමීටර 14 ප්‍රමාණයේ  nodes (ක්‍රියාකාරී මන්සල් )වලින්   8 Generation Coffee Lake ප්‍රොසෙසර මාලාව නිර්මාණය කර ඇත. 7th Generation kaby lake ප්‍රොසෙසර වලට වඩා 8th Generation Coffee lake ප්‍රොසෙසර  40% ක පමණ Performance (කාර්‍යසාධකතාවේ ) වැඩිදියිණු කිරීමට හැකි වී තිබෙනවා.එමන්ම 1 st Generation Lynnfield ප්‍රොසෙසර වලට වඩා 2 ගුණයක Performance (කාර්‍යසාධකතාවේ ) වැඩිදියිණු කර ඇති බව සඳහන් වේ .මෙසේ වැඩි දියුණු කිරීමට හැකි වී ඇත්තේ Coffee lake ප්‍රොසෙසර වල 14++  නිර්මාණ ආකෘතියේ කර ඇති වැඩි දියුණු කිරීම හා වැඩිපුර සැකසුම් මධ්‍යයන් 2 ක්  (Processing Cores 2 ක් ) සෑම ප්‍රොසෙසරයකටම  එක් කර ඇති නිසාය.

8th Generation Coffee lakeප්‍රොසෙසර සඳහා LGA1151 Socket එකක් සහිත Motherboard(මව් පුවරුවක්) අවශ්‍ය වේ. 7th Generation kaby lake ප්‍රොසෙසර සඳහා ඇති මව් පුවරු වල පවතින්නේ ද LGA1151 Socket එකකි.නමුත් 7th Generation kaby lake ප්‍රොසෙසර සඳහා 200 series Chipset එකක් සහිත මව් පුවරුවක් අවශ්‍ය වේ .එමනිසා 200 series Chipset එකක් සහිත මව් පුවරුවකට   8th Generation Coffee lake ප්‍රොසෙසර එකක් යෙදිය නොහැක. ඒ සඳහා 300 series Chipset එකක් සහිත  මව් පුවරුවක් යොදා ගත යුතු වේ.නමුත් මේ සදා යොදාගැනීමට දැනට  වෙළඳ පොළේ ඇත්තේ එක් Z370 Chipset එක සහිත  මව් පුවරු පමණි.ඒවා තරමක් මිලෙන් අධික වේ.z370_block_diagram

මෙසේ නිර්මාණය කර ඇති  8th Generation Coffee lake Desktop ප්‍රොසෙසර 65W සිට 95W TDP (උත්පාදනය වන  තාප බලය) යුක්තව නිර්මාණය  කර තිබෙනවා.ඒවා නම්

SPECS AT A GLANCEINTEL CORE I7-8700KINTEL CORE I7-8700INTEL CORE I5-8600KINTEL CORE I5-8400INTEL CORE I3-8350KINTEL CORE I3-8100
ARCHITECTURECoffee LakeCoffee LakeCoffee LakeCoffee LakeCoffee LakeCoffee Lake
CORES/THREADS6/126/126/66/64/44/4
BASE CLOCK3.7GHz3.2GHz3.6GHz2.8GHz4.0GHz3.6GHz
TURBO BOOST 2.04.7GHz4.6GHz4.3GHz4.0GHzN/AN/A
L3 CACHE12MB12MB9MB9MB6MB6MB
PCI-E LANES161616161616
MEMORY SUPPORTDual Channel l DDR4-2666Dual Channel l DDR4-2666Dual Channel DDR4-2666Dual Channel DDR4-2666Dual Channel DDR4-2400Dual Channel DDR4-2400
TDP95W65W95W65W91W65W

8th Generation Coffee lake laptop ප්‍රොසෙසර (U මාලාවේ  ප්‍රොසෙසර) 15W TDP(උත්පාදනය වන  තාප බලය) යුක්තව නිර්මාණය කර තිබෙනවා.මේ ප්‍රොසෙසර වල  Cores 4 ක්(සැකසුම් මධ්‍යයන් 4 ක් ) තිබීම නිසා Gaming Laptop වල පැමිණෙන HQ ප්‍රොසෙසර මාලාවේ ප්‍රොසෙසර වලට  ආසන්න සමානව ක්‍රියා කිරීමට හැකිවී තිබෙනවා.15W TDP  යුක්තව ප්‍රොසෙසර ලෙස සැලකීමේදී එය ඉතාම ගුණාත්මක තත්වයකි.මේ නිසා 7th Generation Intel ප්‍රොසෙසර සහිත Laptop පරිගණකයකට වඩා 8th Generation Intel ප්‍රොසෙසර සහිත Laptop පරිගණකයක කාර්‍යසාඪ්හකතාව (Performance) තරමක් දුරට වැඩිය.

Intel-Core-i7-8550U-8th-Gen-Benchmark
Pass-Mark CPU Benchmark

මූලාශ්‍ර

SPECS AT A GLANCEINTEL CORE i7-8650UINTEL CORE i7-8550UINTEL CORE i5-8350UINTEL CORE I5-8400
ARCHITECTUREKaby Lake RKaby Lake RKaby Lake RKaby Lake R
CORES/THREADS4/84/84/84/8
BASE CLOCK1.9GHz1.8GHz1.7GHz1.6GHz
TURBO BOOST 2.04.2GHz4.0GHz3.6GHz3.4GHz
Processor Graphics ?
Intel UHD Graphics 620Intel UHD Graphics 620Intel UHD Graphics 620Intel? UHD Graphics 620
Graphics Max Dynamic Frequency
1.15
1.15 GHz1.15 GHz1.10 GHz1.10 GHz
L3 CACHE8MB8MB6MB6MB
Processor GraphicsIntel UHD Graphics 620Intel UHD Graphics 620Intel UHD Graphics 620Intel UHD Graphics 620
Graphics Max Dynamic Frequency1.15 GHz1.15 GHz1.10 GHz1.10 GHz
MEMORY SUPPORTDDR4-2400, LPDDR3-2133
DDR4-2400, LPDDR3-2133
DDR4-2400, LPDDR3-2133
DDR4-2400, LPDDR3-2133
TDP15W15W15W15W

[URIS id=1245]

Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *