|

edge to edge තිරයක් සහිත bezel-less,”I Phone X” ස්මාර්ට් දුරකතනය.

2007 වසරේ ප්‍රථම  I Phone දුරකතන නිකුත  කර වසර 10 ක කාලයක් ගතව ඇත. එම වසර 10 ඇතුළත Apple සන්නාමය පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් සන්නාමයක් බවට පත්වී හමාරයි.මෙසේ ගෙවුනු වසර 10 සැමරීම නිමිත්තෙන් Apple සමාගම පාරිභෝගිකයන්ට තරමක වෙනස ආකාරයේ  නිර්මාණයක් ඉදිරිපත් කර තිබෙනවා.ඒ  I Phone X(Ten) ස්මාර්ට් දුරකතනයයි.මෙම දුරකතනය සාම්ප්‍රදායික I Phone දුරකතන වලට වඩා තරමක් වෙනස්  ආකාරයේ දුරකතනයක්  බැවින්,සාම්ප්‍රදායික ආකාරයට I Phone 8 සහ  I Phone 8 plus ලෙස ස්මාර්ට්  දුරකතන 2ක් I Phone X දුරකතනයට සමගාමීව නිර්මාණය කර තිබෙනවා.

I Phone 7 දුරකතනයේ ඝනකම අඩු කර ගැනීම සඳහා කියා, 3.5mm headphone jack එකක් ඉවත් කරන්නට විය. එය ඒ දින වල  මෙන්ම අදටත්  බොහෝදෙනෙකුගේ  අප්‍රසාදයට ලක්වූ කරුණකි. නමුත් අලුතින් පැමිණෙන ඇතැම් දුරකතන  වල 3.5mm jack එකක් දැක ගැනීමට නොහැකි වේ.ඒ I Phone 7 දුරකතනයෙන් ලබාගත් ආභාසයක් දෝ කියා හැඟෙන කරුණකි. ඒ ආකාරයටම I Phone X දුරකතනයද  සාම්ප්‍රදායික ආකාරයෙන්  තරමක්  වෙන්ස් ආකාරයකට නිර්මාණය කර තිබෙනවා.

I Phone X දුරකතනයේ  ඇති ප්‍රධානතම විශේෂත්වය වන්නේ  එහි ඇති bezel-less ස්වභාවයයි.Samsung Galaxy S8, S8 Plus, LG V30, Samsung Galaxy Note 8 වැනි නව  දුරකතන වල පවතින  18:9 කට aspect ratio ( දර්ශන අනුපාතිකයක් ) සහිත සාමාන්‍ය සෘජුකෝණික හැඩයෙන් යුක්ත තිරයකට වඩා වෙනස් ආකාරයක තිරයක් අන්තර්ගත වේ. 19.5:9 aspect ratio එකක්  සහිත  අඟල් 5.8 ක Amoled තිරයේ ඉහළ පෙදෙසේ ඉදිරිපස කැමරාව ඇතුලු අනෙකුත් උපාංග ඇතුලත් කිරීමට තිරයෙන් කුඩා කොටසක් ඉවත් කර ඇත.

I Phone X top bezel

මෙසේ තරමක් වෙනස් ආකාරයේ හැඩයක් සහිත   තිරයට අර්ථයක් ලබාදීමට, Apple ආයතනය  තිරයේ වම් පස ඉහල කෙලවරේන්  පහළට Swipe කළ විට Notification center එකටද, ඉහල දකුණු පස  කෙලවරේන්  පහළට Swipe කළ විට Control center එකට පිවිසීමේ පහසුකම ලබාදී තිබෙනවා.මේ ආකාරයේ තරමක් අමුතු හැඩයේ තිරයක් තුළින් වීඩියෝ පට නැරඹීමේදී හා වීඩියෝ ක්‍රීඩා කිරීමේදී ඇතැම්විට අවහිරයක් සිදුවිය හැකැයි ඇතැම් අයගේ මතය  වන්නේ.

I Phone X දුරකතනයේ තවත් එක් වෙනසක් වන්නේ home button/ fingerprint scanner එක ඉවත් කර තිබීමයි.එයට ප්‍රධානම හේතුව  වන්නේ edge to edge තිරයක් සහිත bezel-less දුරකතනයක් නිර්මාණය කිරීමටයි.මෙසේ home button/ fingerprint scanner ඉවත් කිරීම මගින්  touch id පහසුකම I phone X දුරකතනයෙන් ඉවත් කිරීමට සිදු වී තිබෙනවා.

I phone X display

ඉවත් කරන ලද physical home button එක වෙනුවට software button එකක් I phone X දුරකතනයට අන්තගත් කර තිබෙනවා.මේ හේතුව නිසා මෙත්ක් I Phone දුරකතන වල තිබුනු touch id ආරක්ෂක පහසුකම වෙනුවට face id පහසුකම අන්තගත් කිරීමට සිදුවී තිබෙනවා.තවද I Phone දුරකතන වල screenshot, recent apps, home button වලට  තිබූ සාම්ප්‍රදායික කෙටි විධානයන් වෙනුවට තරමක් වෙනස් ආකාරයේ නව කෙටි විධානයන් අන්තර්ගත කර තිබෙනවා.I Phone X sample pics

I Phone  X දුරකතනය අඟුළු(lock) දැමීමට අලුතින් එක කරන ලද face id පාරිභෝගිකයන්ට තරමක අලුත් අත්දැකීමකි.මෙම ආරක්ෂක ක්‍රමය ක්‍රියාත්මක කිරීමට,දුරකතනයේ තිරයේ ඉහළ කෙලවරේ ඇති true depth කැමරාව හා dot projector එක උපකාරී වනවා.dot projector එක මගින් ඉතාම කුඩා අධෝරකත කදම්බ 30,000 කට වැඩි ප්‍රමාණයක්  මුහුණ මත පතිත කරයි.එසේ පතිත වන අධෝරකත කදම්බ true depth කැමරාව ආධාරයෙන් ග්‍රහණය කොට මුහුණේ සිතියමක් සකස් කර ගනු ලබනවා.එසේ සකස් කල සිතියිම හා සම්පාත වන්නා වූ මුහුණට දුරකතනය විවෘත කිරීමට හැකිවේ.නමුත් ඇස් වසාගෙන සිටින අවස්ථාවේදී මෙම ආරක්ෂක ක්‍රමය ක්‍රියාතමක නොවේ.

කෙසේ වෙතත් මෙසේ එක් කරන ලද Face id ආරක්ෂක පහසුකම සතුව පසුබෑමක් තිබෙනවා.ඒ එක සමාන මුහුණු සහිත නිවුන් පුදගලයන්ට තම අනෙකුත් නිවුන් සහෝදරයා හෝ සහෝදරියන්ගෙ I Phone X දුරකතනයේ  අඟුළු විවෘත කිරීමට හැකියාව ඇත.මේ හේතුව නිසා I Phone X දුරකතනයේ face id ආරක්ෂක පහසුකම touch id පහසුකම තරම් ආරක්ෂාකාරී නොවේ.එමෙන්ම  එය touch id ආරක්ෂක පහසුකම තරමක්  ඉක්මන් හා පහසු ආරක්ෂක ක්‍රමයක් නොවන බව බොහෝමයක්  විද්වතුන්ගේ මතයයි.

I Phone 8, 8 Plus  දුරකතන වල මෙන්ම මෙහිද Apple Bionic A11 ප්‍රොසෙසර් එකකින් යුකත වේ.එමෙන්ම LDDR4 3GB RAM  ධාරිතාවකින් යුකත වේ.මේ නිසා I Phone X දුරකතනයට ඉතාම කාර්යක්ෂම හා විශාල කාර්‍යසාධකතාවකින්(Performance) යුක්ත වේ.

ඉහත සඳහන් පිරිවිතරයන් (Specification) අන්තර්ගත වන නිසා මෙම දුරකතනය සතුව AR (Augment reality) තාක්ෂණය අන්තර්ගත කිරීමට හැකියාව ලැබී තිබෙනවා.වීඩියෝ පටයකට සජීවීකරනය (animated) ත්‍රිමාණ වස්තුන් එක් කිරීමේ පහසුකම උදාකර තිබෙනවා.එමෙන්ම animoji (animated emojis) වැනි තරමක් අලුත් සහ වෙනස්  පහසුකම්ද මේ දුරකතනය සතු වනවා.

I Phone දුරකත ගැන කතා කරන විට එහි කැමරා කට්ටලය විශේෂ තැනක් ගනී.ඒ අතුරින් I phone X දුරකතනයේ ඉදිරිපස කැමරාව සුවිශේෂී තැනක් ගනී.7MP ƒ/2.2 aperture සහිත Truedepth කැමරාව නිසා වෙනදාට වඩා ඉතාම උසස් ආකාරයේ පසුබිම බොඳ කරන ලද (bokeh) Selfie ඡායාරූපයක් ගැනීමේ හැකියාව උදා කර තිබෙනවා.portrait lighting  පහසුකම නිසා  ඉදිරිපස true depth කැමරාව උපයෝගී කරගනිමින් ගනු ලබන  Selfie ඡායාරූප වල ආලෝකය වැටෙන ආකාරය ඉතාම තාත්වික ආකාරයට ප්‍රති නිර්මාණය කළ හැකිය.මෙම දුරකතනය I Phone 8 හා  8 plus දුරකතන මෙන්ම පසුපස වීදුරු වලින්  නිමවා ඇති නිසා wireless charging (රැහැන් රහිතව ආරෝපණය ) කිරීමේ පහසුකමද අන්තර්ගත් කිරීමට හැකියාව ලැබී ඇත.

portrait lighting
portrait lighting

පසුපස කැමරාවද I Phone 8  Plus  දුරකතනයේ  මෙන්ම  දුරකතනයේ 12MP f/1.8 wide-angle කැමරාවක් සහ 12MP f/2.8 telephoto  කැමරා කට්ටලයකින් සමන්විත වේ.නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ පසුපස කැමරා ද්විත්වයටම OIS (Optical image stabilizer) එකක් අන්තර්ගත වන නිසා ආලෝකය අඩු ස්ථාන වලදී පවා පැහැදිලි ඡායාරූප ලබාගත හැකිය.එමෙන්ම පසුපස් කැමරා කට්ටලයෙන්  වීඩියෝ පටිගත කිරීමේදී සෙලවීමකින් තොරව පැහැදිලි වීඩියෝවක්  පටිගත කිරීමට හැකියාව ලැබේ.ඉදිරිපස හා පසුපස කැමරා කට්ටල දෙකටම portrait mode සහ portrait lighting පහසුකම් I Phone X දුරකතනයේ අන්තර්ගත් කර තිබෙනවා.

I Phone X rear camera

I Phone  X දුරකතනය ශ්‍රීලංකාවේ මිලදී ගැනීමේදී රුපියල් ලක්ෂ 2 ක ට අදික මුදලක් වැය වේ.මේ නිසා මෙය Ultra-premium ස්මාර්ට් දුරකතනයක් ලෙස හැදින්වේ.

I Phone දුරකතන මාලාවේ 10 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් කරන ලද I Phone X දුරකතන තරමක් වෙනස් ආකාරයේ දුරකතනයකි.මෙම දුරකතනය පිළිබඳව බොහෝ දෙනා අතර විවිධ මත පැවතියත් එය ප්‍රථම I Phone  දුරකතනය මෙන්  දුරකතන නිර්මාණ ක්ෂේත්‍රයේ පෙරලියක් ඇති කිරීමට සමත් වේ යැයි බොහෝ දෙනෙක් විෂ්වාස කරයි.

NETWORK Technology GSM / HSPA / LTE
LAUNCH Announced 2017, September
status Available. Released 2017, October
BODY Dimensions 143.6 x 70.9 x 7.7 mm (5.65 x 2.79 x 0.30 in)
Weight 174 g (6.14 oz)
Build Front/back glass & stainless steel frame
color Performance
SIM Nano-SIM
– IP67 certified – dust and water resistant
– Water resistant up to 1 meter and 30 minutes
– Apple Pay (Visa, MasterCard, AMEX certified)
DISPLAY Type Super AMOLED capacitive touchscreen, 16M colors
Size 5.8 inches, 84.4 cm2 (~82.9% screen-to-body ratio)
Resolution 1125 x 2436 pixels, 19.5:9 ratio (~458 ppi density)
Multitouch Yes
Protection Scratch-resistant glass
– Dolby Vision/HDR10 compliant
– Wide color gamut display
– 3D Touch display
– True-tone display
PLATFORM OS iOS 11.1
Chipset Apple A11 Bionic
CPU Hexa-core 2.39 GHz (2x Monsoon + 4x Mistral)
GPU Apple GPU (three-core graphics)
MEMORY Card slot No
Internal 64/256 GB, 3 GB RAM
CAMERA Primary Dual 12 MP, f/1.8 & f/2.4, phase detection autofocus, OIS, 2x optical zoom, quad-LED (dual tone) flash, check quality
Features Geo-tagging, simultaneous 4K video and 8MP image recording, touch focus, face/smile detection, HDR (photo/panorama)
Video 2160p@24/30/60fps, 1080p@30/60/120/240fps, check quality
Secondary 7 MP, f/2.2, 1080p@30fps, 720p@240fps, face detection, HDR
SOUND Alert types Vibration, proprietary ringtones
Loudspeaker Yes, with stereo speakers
3.5mm jack No
– Active noise cancellation with dedicated mic.
– Lightning to 3.5 mm headphone jack adapter
COMMS WLAN Wi-Fi 802.11 a/b/g/n/ac, dual-band, hotspot
Bluetooth 5.0, A2DP, LE
GPS Yes, with A-GPS, GLONASS, GALILEO, QZSS
NFC Yes (Apple Pay only)
Radio No
USB 2.0, proprietary reversible connector
FEATURES Sensors Face ID, accelerometer, gyro, proximity, compass, barometer
Messaging iMessage, SMS (threaded view), MMS, Email, Push Email
Browser HTML5 (Safari)
Java No
– Fast battery charging: 50% in 30 min
– Qi wireless charging
– Siri natural language commands and dictation
– iCloud cloud service
– MP3/WAV/AAX+/AIFF/Apple Lossless player
– MP4/H.265 player
– Audio/video/photo editor
– Document editor
BATTERY Non-removable Li-Ion 2716 mAh battery (10.35 Wh)
Talk time Up to 21 h (3G)
Music play Up to 60 h
Space Gray, Silver
TESTS Performance Basemark OS II 2.0: 4708
Display Contrast ratio: Infinity (nominal), 5.013 (sunlight)
Camera Photo / Video
Loudspeaker Voice 68dB / Noise 74dB / Ring 76dB
Audio quality Noise -93.7dB / Crosstalk -82.8dB
Battery life   Endurance rating 74h

දත්ත වගුවේ මූලාශ්‍ර

Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *