|

ස්මාර්ට් දුරකතන ක්‍රීඩා සඳහාම Razer Phone

razer_phone_pic_01Razer සමාගම යනු පරිගණක ක්‍රීඩා කරුවන් අතර ජනප්‍රිය සන්නාමයකි.පරිගණක ක්‍රීඩා වලට විශේෂයෙන් නිර්මාණය කළ Laptop පරිගණක,මූසික (Mouse),යතුරු පුවරු (Keyboard), Headphones වැනි බොහෝ උපාංග Razer ආයතනය නිර්මාණය කර තිබෙනවා.නමුත් ප්‍රථම වතාවට තරමක් වෙනස්  ක්ෂේත්‍රයක් පිළිබඳව  Razer ආයතනය අවදානය යොමු කොට තිබෙනවා.ඒ ජංගම දුරකතන සඳහා ඇති ක්‍රීඩා ක්ෂේත්‍රයයි.මෙතෙක් කිසිඳු  ආයතනයක් ජංගම දුරකතන ක්‍රීඩා සඳහා විශේෂ වූ ස්මාර්ට් දුරකතනයක් නිර්මාණය කර  නැත.මේ හේතුව නිසා Razer ආයතනය ජංගම දුරකතන ක්‍රීඩා සඳහා විශේෂ වූ ස්මාර්ට් දුරකතනයක් නිර්මාණය කර තිබෙනවා.එය Razer Phone ලෙස හදුන්වයි.

Razer Phone ස්මාර්ට් දුරකතනය  Samsung Galaxy Note 8, One Plus 5/5T, LG V30 වැනි ස්මාර්ට් දුරකතන වල අන්තර්ගත වන Snapdragon 835 ප්‍රොසෙසරයම අන්තර්ගත වේ.එය දැනට ලොව නිර්මාණය කර ඇති වේගවත්ම ජංගම දුරකතන සඳහා නිර්මාණය කර ඇති ප්‍රොසෙසරයකි.එමනිසා Razer Phone ස්මාර්ට් දුරකතනය සඳහා ලබාදෙන ඕනෑම ජංගම දුරකතන ක්‍රීඩාවක්  කිසිදු අපහසුතාවයකින් තොරව ක්‍රීඩා  කළ හැකි වේ.නමුත් මෙම දුරකනය අන් ස්මාර්ට් දුරකතන අතරින් වෙනස් වීමට එහි අන්තර්ගතවන උපාංගයන් දෙකක් බලපානවා.ඒ දුරකතනයේ තිරය සහ Stereo Speakers කට්ටලයයි.

ජංගම දුරකතන ක්‍රීඩා සඳහාම සැකසූ තිරය

මෙම තිරයේ ඇති ප්‍රධානතම විශේෂත්වය වන්නේ තිරයේ Refresh rate (තත්පරයකදී තිරය දැල්වී නිවෙන වාර ගණන)එකය.සාමාන්‍ය ස්මාර්ට් දුරකතනයක 60Hz  Refresh rate එකක් සහිත තිරයන් අන්තර්ගත වන්නේ.නමුත් Razer Phone හී ඇති තිරය 120Hz  Refresh rate එකකින් සහිත වේ.මේ නිසා වේගයෙන් චලනය වන ත්‍රිමාණ සජීවීකරනය කරන ලද වස්තූන්ගේ චලනයන් පැහැදිලිව නැරඹීමට හැකි වේ.මෙය තරඟකාරී වීඩියෝ ක්‍රීඩා  වලදී තරමක වාසිදායක තත්වයකි.මේ හේතුව නිසාම සාමාන්‍ය එදිනදා භාවිතා කරන Apps(යෙදවුම්) පවා තරමක් ඉක්මනින් ප්‍රතිචාර දක්වන්නා සේ හැඟේ.එමෙන්ම මෙම තිරය අඟල් 5.7ක  QHD (1440 x 2560)  IPS තිරයකි.එමනිසා ඉතාමත් පැහැදිලි තියුණු දසුන් තිරය මගින් ලබාගත හැකි වේ.

razer_phone_pic_02

Stereo Speakers කට්ටලය

මෙම දුරකථනයේ  Stereo Speakers  කට්ටලයද සාමාන්‍ය ස්මාර්ට් දුරකතනයක ඇති Speakers වලට වඩා ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත වේ.ඉතා ඉහළ ශබ්ද මට්ටමකදී වුවද පැහැදිලි ශබ්ද තරංග නිර්මාණය කිරීමට තරම් මෙහි ඇති amplifier එක හා  Stereo Speakers  කට්ටලය ප්‍රබල වේ.Dolby Atmos තාක්ෂණය සහිත වන නිසා ඉතාම ගුණාත්මක මට්ටමේ Stereo Speakers  කට්ටලයකි.

මෙම දුරකතනය  සතුව 3.5mm headphone Jack එකක් අන්තගත නොවේ. නමුත් USB Type C  සිට 3.5mm headphone Jack දක්වා පරිවර්තනය කල හැකි කුඩා adapter එකක් දුරකතනය සමග පැමිණේ.

බැටරිය හා දුරකතනයේ ක්‍රියාත්මක කාලය

මෙහි 4,000mAh ධාරිතාවයකින් යුක්ත බැටරියක් අන්තර්ගත් වේ. නැනෝමීටර 10 ක nods(ක්‍රියාකාරී මංසල් )වලින් යුක්ත ඉහළ කාර්යක්ෂමතාවක් සහිත  Snapdragon 835  ප්‍රොසෙසරය හා විශාල  බැටරියක් අන්තර්ගත වීම නිසා සාමාන්‍ය භාවිතයෙදී දිනකට වැඩි  ක්‍රියාත්මක කාලයක්  ලබාගත හැකි වේ.වීඩියෝ ක්‍රිඩා කිරීම් ද සහිතව භාවිත කළද Razer Phone ස්මාර්ට් දුරකතනය දිනක පමණ ක්‍රියාත්මක කාලයක් ලබාගත හැකි වේ.razer_phone_pic_03

ජංගම දුරකතන ක්‍රීඩා සඳහා විශෙෂයෙන් නිර්මාණය කර ඇති නිසා දෝ මෙහි අන්තර්ගත වන පසුපස ද්විත්ව කැමරා කට්ටලය හා ඉදිරිපස කැමරාව  Snapdragon 835  ප්‍රොසෙසරය සහිත, සමාන මිළකින් යුක්ත දුරකතන හා සැසඳීමේදී තරමක පසුබෑමක් දක්වයි.නමුත් Razer ආයතනය පවසන්නේ මීළඟට පැමිණෙන මෘදුකාංග යාවත්කාලීන(Software Update) කිරීමේදී මෙම ගැටලුවට පිළියමක් ලබාදීමට තීරණය කර ඇති බවය.

මෙම ස්මාර්ට් දුරකනයේද  Google Pixel, One Plus දුරකතන වල මෙන්ම pure android(දුරකතන නිෂ්පාදනය කරන ආයතන වලින්  වෙනස් නොකරන ලද android මෙහෙයුම් පද්ධතියකි)මෙහෙයුම් පද්ධතියකින් යුක්ත වේ.එහි Launcher app එක ලෙස බොහෝ දෙනෙකු අතර ප්‍රසිද්ධ Nova Launcher එක අන්තර්ගත් කර ඇත. දැනට android 7.1(Nougat) මෙහෙයුම් පද්ධතියෙන් යුක්ත වේ.ඉදිරියේදී  android 8.0(Oreo) යාවත්කාලීන කිරීම ලබාදීමට Razer ආයතනය බලාපොරොත්තු වේ.razer_phone_pic_04

ස්මාර්ට් දුර්කතන සඳහා බොහෝ වීඩියෝ  ක්‍රීඩා තිබුණද ඒ සඳහා වෙන් වූ ස්මාර් දුරකතනයක් මෙතෙක් නිර්මාණය කර නොමැත.නමුත් Razer ආයතනය විසින් වීඩියෝ ක්‍රීඩා ලෝලීන්ට හඳුන්වාදුන් Razer Phone ස්මාර්ට් දුරකනය ඉතාමත් හොඳ ස්මාර්ට් දුරකතනයකි.හැඩයෙන් හා පෙනුමෙන් එතරම් සිත් ඇදගන්නා සුළු නොවුවත් වීඩියෝ ක්‍රීඩා කිරීමට මෙන්ම සාමාන්‍ය පාවිච්චියට හොඳ ස්මාර්ට් දුරකතනයකි.නමුත් One Plus 5T හා  Samsung Note 8 හා සැසදීමේදී මෙම දුරකතනයට  වෙළෙඳ පොළේ හිමි වන්නේ ඉතා කුඩා ස්ථානයකි.නමුත් Razer Phone ස්මාර්ට් දුරකනය ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම හොඳ බැටරි ජීවකාලයක් අවශ්‍ය පාරිභෝගිකයන්ට ඉතාමත් හොඳ තේරීමකි.

[URIS id=1362]

Razer Phone ස්මාර්ට් දුරකනයේ  පිරිවිතර (Specifications)
NETWORKTechnologyGSM / HSPA / LTE
LAUNCHAnnounced2017, November
StatusAvailable. Released 2017, November
BODYDimensions158.5 x 77.7 x 8 mm (6.24 x 3.06 x 0.31 in)
Weight197 g (6.95 oz)
BuildAluminum body
SIMNano-SIM
DISPLAYTypeIGZO IPS LCD capacitive touchscreen, 16M colors
Size5.7 inches, 89.6 cm2 (~72.7% screen-to-body ratio)
Resolution1440 x 2560 pixels, 16:9 ratio (~515 ppi density)
MultitouchYes
ProtectionCorning Gorilla Glass 3
- Wide Colour Gamut
- 120 Hz
PLATFORMOSAndroid 7.1.1 (Nougat)
ChipsetQualcomm MSM8998 Snapdragon 835
CPUOcta-core (4x2.35 GHz Kryo & 4x1.9 GHz Kryo)
GPUAdreno 540
MEMORYCard slotmicroSD, up to 256 GB
Internal64 GB, 8 GB RAM
CAMERAPrimaryDual: 12 MP (f/1.8, 25mm) + 12 MP (f/2.6), 2x optical zoom, phase detection autofocus, dual-LED dual-tone flash, check quality
FeaturesGeo-tagging, touch focus, face detection, panorama, HDR
Video2160p@30fps, check quality
Secondary8 MP, f/2.0
SOUNDAlert typesVibration; MP3, WAV ringtones
LoudspeakerYes, with Dolby Atmos stereo speakers (THX-certified amplifiers)
3.5mm jackNo
- 24-bit/192kHz audio
- Active noise cancellation with dedicated mic
- Type-C to 3.5 mm headphone jack adapter
COMMSWLANWi-Fi 802.11 a/b/g/n/ac, dual-band, WiFi Direct, hotspot
Bluetooth4.2, A2DP, LE
GPSYes, with A-GPS
NFCYes
RadioTo be confirmed
USBType-C 1.0 reversible connector
FEATURESSensorsFingerprint (side-mounted), accelerometer, gyro, proximity, compass
MessagingSMS(threaded view), MMS, Email, Push Mail, IM
BrowserHTML5
JavaNo
- Fast battery charging 24W (Quick Charge 4+)
- MP4,WMV,H.264 player
- MP3,WAV,WMA,eAAC+,FLAC player
- Photo,video editor
- Document viewer
BATTERYNon-removable Li-Ion 4000 mAh battery
MISCColorsBlack
PriceAbout 750 EUR
TESTSPerformanceBasemark OS II: 4182 / Basemark OS II 2.0: 3492
Basemark X: 51455
DisplayContrast ratio: 871 (nominal), 2.328 (sunlight)
CameraPhoto / Video
LoudspeakerVoice 69dB / Noise 75dB / Ring 90dB
Audio qualityNoise -80.3dB / Crosstalk -75.3dB
Battery lifeEndurance rating 62h

දත්ත වගුවේ මූලාශ්‍ර

 

Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *