|

කංඡායුධ ,ශ්‍රීලංකාවේ දැවැන්තම වීඩියෝ ක්‍රීඩාව.

මෙතෙක්   ශ්‍රීලංකාවේ   නිර්මාණය කරන ලද දැවැන්තම වීඩියෝ ක්‍රීඩාව  කංඡායුධ වීඩියෝ ක්‍රීඩාව ලෙස හැඳින්විය හැකිය.Arimac ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද  වීඩියෝ ක්‍රීඩාවකි. වීඩියෝ ක්‍රීඩා නිර්මාණය පිලිබඳ වසර 5 ක්  වැනි කාලයක අත්දැකීම් සහිත  ලංකාවේ තරුණයන් 25 කට අධික කණ්ඩායමක් මෙම  වීඩියෝ ක්‍රීඩාව සෑදීමේ කටයුතු සිදු කරයි.2011 සැප්තැම්බර් මස 26 වන දින ආරම්භ කරන ලද Arimac ආයතනය,වෙබ් අඩවි , mobile apps , වීඩියෝ පට , ත්‍රිමාණ සජීවීකරන  වීඩියෝ පට, දැන්වීම් වැනි  බොහෝ නිර්මාණය කර ඇති  ආයතනයකි.

මෙම නිර්මාණය මෙතෙක් ලංකාවේ සාදා ඇති වීඩියෝ ක්‍රීඩාවන්ට වඩා වෙන්සම නිර්මාණයකි.open world ගණයේ ක්‍රීඩාවක් වන මෙය ත්‍රාසය සහ ක්‍රියාදාමයන් කැටි කොට ගත් ගවේශනාත්මක වීඩියෝ ක්‍රීඩාවක් ලෙස Arimac ආයතනය හදුන්වනු  ලැබේ.

මානව ශරීරයේ සැකැස්ම අධ්‍යයනය කරමින් මොවුන් මෙම ක්‍රීඩාවේ සිටින චරිත ත්‍රිමාණ සජීවීකරනයෙන්  නිර්මාණය කර ඇත්තේ.

ක්‍රීඩාවේ පරිසරය නිර්මාණය කිරීමේදි අතීත්යේ සිරිලක පැවති ආකාරය  මනා අධ්‍යනයන්ගෙන් අනතුරුව  නිර්මාණයකර ඇත්තේ. 

ඒවගෙම විවිධ චරිත ,විවිධ චරිතයන් සතු වස්ත්‍රාභරණ පිළිබඳවද ,අවි ආයුධ,ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳව විවිධ මූලාශ්‍රයන් උපයෝගී කරගන්මින් අධ්‍යයනය කිරීමකින් අනතුරුවයි ඒවා නිර්මාණයකර තිබෙන්නේ.

එමෙන්ම ලාංකීය සටන් කාලාවන් හී පවතින ක්‍රම උපායන්ද මෙම ක්‍රීඩාවේ සටන් හරඹ වලට කැටි කොට තිබෙනව.

දුටුගැමුණු රජ සමයේ  පැවති ජන කතාවලට  අපි කවුරුත් ආදරය කරනවා.මෙම වීඩියෝ ක්‍රීඩාවට පසුබිම් වූ කතා වස්තුවද  දුටුගැමුණු රජ සමයේ දස මහා යෝධයන් ආශ්‍රිත කාතාවන් පාදක කරගෙන නිර්මාණය වූ  වීඩියෝ ක්‍රීඩාවකි.මෙහි එන ප්‍රධාන චරිතය වන්නේ ‘භද්‍ර’ නම් ශක්තිවන්තයාය.මෙම චරිතය හා එවකට පැවති ජන්ප්‍රවාද  අනුසාරයෙන්  ඉතාමත් රසවත් කතා වස්තුවන් ඔස්සෙ නිර්මාණය කර ඇති නිර්මාණයකි.මෙම ක්‍රීඩාව පරිච්ඡේදයන්ගෙන් යුක්ත වේ.

මෙම වීඩියෝ ක්‍රීඩාව මෙමස(දෙසැම්බර් මස) 13 වන දින එළි දැක්වීමට නියමිතව ඇත. ලාංකිකයන් බොහෝ පිරිසක් Windows පරිගණක භාවිතා කරන හේතුවෙන් , ප්‍රථමයෙන් Windows පරිගණක සඳහා මෙම ක්‍රීඩාව අන්තර්ජාලය ඔස්සේ  මිලදී ගෙන බාගත කර ගැනීමේ හැකියව ලැබේ.පසුව ලංකාව පුරා DVD තැටි මිලදී ගැනීමේ හැකියව ඇත.මෙම  වීඩියෝ ක්‍රීඩාව Mac-OS, PlayStation 4 and Xbox One සඳහා  ප්‍රශස්තකර්නය (optimize) කිරීමෙන් අනතුරුව නැවත නිකුත් කිරීමට බලාපොරොත්තුවේ.HTC VIVE, Oculus Rift and OSVR වැනි virtual reality තාක්ෂණය සමග කැටිකොට ඉදිරියේදී  යාවත්කාලින කර නැවත  මෙම ක්‍රීඩාව  නිස්කුත් කිරීමට බලාපොරොත්තු වේ.

Arimac ආයතනය  මෙම වීඩියෝ ක්‍රීඩාව ගැන මෙසේ සඳහන ්කර තිබේ.

කංඡායුධ , අතීත ශ්‍රී ලංකාවේ වාසය කල ශක්තිවන්තයෙකුගේ වෘතාන්තයක් වටා ගෙවුණු, ත්‍රාසය සහ ක්‍රියාදාමයන් කැටි කොට ගත් ගවේශනාත්මක පරිගණක ක්‍රීඩාවකි. මෙහි ඇති විශේෂත්වය නම් මෙය ශ්‍රී ලංකාවේ නිපදවන ලද විශාලතම පරිගණක ක්‍රීඩාව වීමයි.

මෙහිදී ඔබ හසුරවන්නේ අතීත ශ්‍රී ලංකාවේ විසු ‘භද්‍ර’ නම් ශක්තිමත් වීරයකුගේ චරිතයකි. අතීතයේ තමන් හට සිදුවූ සිදුවිමක සුළමුල සොයා යන ඔහු හට ඒ ගමනේදී විවිධාකාර ක්‍රියාවන්ට මුහුණ දීමට සිදුවේ. මෙම ක්‍රියාවන් පසු කර ගොස් තම වෘත්තාන්තයේ අවසානයට ලග වීමට ඔහු හට විවිධ ප්‍රහේලිකා විසඳීමට, ගවේෂණයට සහ ක්‍රියාදාමයන්ට මග විවර වේ. කංඡායුධ ක්‍රීඩාවේ පදනම අතීත ශ්‍රී ලංකාවේ ජිවන රටාව වුවද, මෙහි ඇති සියලුම නම් ගම් සහ සිදුවීම් මන:කල්පිතය.

කංඡායුධ ප්‍රථමයෙන් වින්ඩෝස් පරිගණක සඳහා Digital downloads වශයෙන්ද, ඉන් පසු වීඩීඩී හරහාද නිකුත් වන අතර, ඉදිරියේදී මැක් ඕඑස්, ප්ලේස්ටෙශන් 4 සහ එක්ස් බොක්ස් වන් සඳහා නිකුත් කිරීමට නියමිතය. ඊට අමතරව, ස්මාර්ට් ෆෝන් සඳහා (ඇන්ඩ්‍රොයිඩ්, අයි ඕඑස් සහ වින්ඩෝස්) ද, වර්චුවල් රියැලිටි (HTC vive, Oculus Rift and OSVR) සඳහාද මේ හා සමගාමී පරිගණක ක්‍රීඩා නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

Kanchayudha is Sri Lanka’s first ever 3D puzzle, action and exploration based role playing game. It is made upon a semi-open world including wilderness exploration, collectables, mini-games and as well as the main story mode.

Kanchayudha is developed based on a story of a strong individual named ‘Bhadra’ who seeks revenge for a tragedy happened to his father and his family. Even though this game includes a pure Sri Lankan cultural aspect, this game would not feature any characters or stories from actual ancient Sri Lanka. All the characters in this game are purely fictional as well as the locations and the stories within.

The initial release of Kanchayudha will be a digital download for Windows PCs. Physical copies of the game will be released later. With further development and remastering, it is planned to release for MacOS, Playstation 4 and Xbox One as well, making Kanchayudha the first console game in Sri Lanka. A special survival virtual reality game is also under development for Kanchayudha targeted to be compatible with HTC VIVE, Oculus Rift and OSVR. Also, a mobile version of the game for Android, iOS and Windows is also under development and is scheduled to be released soon to the Sri Lankan gaming community.

කංඡායුධ Facebook පිටුව  

මෙම නිර්මාණය ලාංකිකයන් පිරිසක් එකව කළ නිර්මාණයක්  හේතුවෙන් ලාංකිකයන ්වන අප සැවොම ආඩම්බර විය යුතු නිර්මාණයකි.The Tech Cyclon කණ්ඩායම ,මෙම නිර්මාණය කළ කණ්ඩායමේ ඉදිරි ගමනට සුභ ප්‍රාර්ථනා කරන්නෙමු!

Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

One Comment