|

AMD Processor නැවතත් කරලියට,Intel ආයතනයට කලකට පසුව අභියෝගයක්?

AMD හා Intel ආයතන පෞද්ගලික පරිගණක සඳහා Micro Processor නිෂ්පාදනයේ නියලී දශක 5 කට අදික  කාලයක් ගතවේ.බොහෝ කල් සිට මෙම ආයතන 2ක කරට කර තරඟයක යෙදෙමින් ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළට යොමුකර තිබෙනවා.ඒ වාගේම මෙම ආයතනයන්ට ආදරය කරන රසික රසිකාවියන් නිල් (Intel) හා රතු(AMD)ලෙස කණ්ඩායම් වලට බෙදී තමන් සහය දක්වන ආයතන්යේ  Micro Processors අනෙක් ආයතනයට වඩා ගුණාත්මක භාවය,මිල, කාර්යක්ෂමතාව වැනි බොහෝ කරුණු අලලා මත භේදයන් ඇති කරගෙනද  ඇත්.නමුත් කොයි කවුරුත් දන්නා කාරණයක් නම් AMD සමාගමේ නිෂ්පාදන Intel සමාගමේ නිෂ්පාදන වලට වඩා සහනදායි මිලකට අලවි වන බවයි.

නමුත්ප සුගිය දශකයේ  සිට අද වන තෙක්ම Intel  සමාගම AMD සමාගමේ Micro Processor වලට වඩා ,කාර්යක්ෂමතාව (Efficiency), කර්ය සාධනය (Performance) වැනි කරුනු වලින් ඉදිරියෙන් සිටී.එ වගේම AMD processor ක්‍රියා කිරීමේදී Intel processor වලට වඩා වැඩි තාපයක් නිපදවීම කාගේත් අප්‍රසාදයට ලක්වූ ප්‍රධාන කරුනකි .මේ හේතුව නිසා බොහෝ දෙනෙකු CPU(Central Processing Unit/මධ්‍යම සැකසුම් ඒකකය) එකක් මිලදී ගැනීමේදී  වැඩි අවදානය යොමු කර්නනේ Intel සමාගමේ processor පිලිබඳවය

කෙසේ වෙතත් AMD සමාගම නැවතත් වසර 10 කට ආසන්න කාලයකට පසුව Intel සමාගම හා තරඟ කිරීමට සූදානම් වේ.ඒ ඔවුන්ගේ නවතම AMD Zen  Processor මාලාව ඉ
දිරිපත් කිරීමෙන්ය.පෞද්ගලික පරිගණක, සේවාදායක පරිගණක,ජංගම පරිගණක යන සියල්ල සදහා අලුතින්ම මුල සිට (from scratch) නිර්මාණය කරන ලද  Processor මාලාවක් වෙළඳපොළ වෙත නිකුත් කිරීමට නියමිතව ඇත.

  • Raven Ridge (APUs/ත්වරණය  කරන ලද සැකසුම් ඒකක )
  • Summit Ridge (desktop CPUs)
  • Zeppelin (server APUs)
  • Naples (server CPUs)

ලෙස  මෙම  Zen processor මාලාව නම් කොට තිබේ.

[URIS id=686]

මෙම නවතම processor, Zen Architecture(සැලසුම) ට අනුව නිර්මාණය කර ඇත. 14nm(නැනෝ මීටර) ප්‍රමාණයේ FinFET process nodes (ක්‍රියාකාරී මංසල්) වලින් සාදා ඇත.මේ හේතුව නිසා මෙම processor පැරණි AMD processor වලට වඩා ඉහල  කාර්යක්ෂමතාවයෙන් යුක්ත වේ.processor එකක Clock Speed(ස්පන්ද වේගය) මත processor එකේ කාර්‍ය සාධනය  performance මිනිය නොහැකිය.එසේනම් අපි තවමත් Pentium 4 වැනි processor භාවිතා කිරීමට ඉඩ තිබුනා.processor එකක වේගය තීරණය කිරීමේදී  IPC (Instruction per cycle/ එක් චක්‍රයක් තුල සිදු කරන කර්‍ය ප්‍රමාණය) යන කාරනාවද වැදගත් වේ. AMD ආයතනය පවසන්නේ ඔවුන්ගේ පැරණි Excavator සැලසුම් ක්‍රමයට වඩා Zen සැලසුම හේතුවෙන් processor වල IPC(Instruction per cycle/ එක් චක්‍රයක් තුල සිදු කරන කාර්‍ය ප්‍රමාණය) 40% ප්‍රමාණයකි
න් ඉහල නැංවීමට හැකි වූ බවය.මෙසේ එකවර විශාල ප්‍රමාණයකින් IPC ප්‍රමාණය  ඉහළ නැංවීම , intel සමාගම එල්ල කල දැවැන්ත පහරක් ලෙස විචාරකයන්ගේ මතයවේ. මන්ද Intel ආයතනය  AMD ආයතනයේ පසුබෑමත් සමග ඔවුන්ගේ නිෂ්පාදන වල සැකසුම හා කාර්යක්ෂමතාව ඉතා ස්වල්ප ප්‍රමාණයන්ගෙන් වැඩි කරමින් අලුත් නිෂ්පාදන වෙළඳ පොළට නිකුත් කරන ලද නිසා.

[URIS id=688]

Zen Architecture එකට අනුව නිර්මාණය කළ processors  ලෙස Summit Ridge මාලාව සැලකිය හැකිය එය පෞද්ගලික පරිගණක සඳහා නිර්මාණය කර ඇති processors වේ.Intel සමාගමේ core i7, core i5, core i3 ආකාරයටම) SR7, SR5, SR3 ලෙස Zen processors වල, Summit Ridge මාලාවේ  processors වර්ග 3 කින් පැමිණේ. SR7 processors එක මිල අදික ඉහළ පෙළේ (high end) processors එකක් වන අතර, SR5 මැද පෙළේ (mid range), SR3 අඩු මිල පසුපෙළ (low end) ලෙසටය.

Summit Ridge මාලාවෙන් ප්‍රථම processor එක පසුගුය දිනෙක AMD සමාගම විසින් Austin, Texas හී පැවති New Horizon වැඩමුළුවේදී  ඉදිරිපත් කරන ලදී.එහිදී ඔවුන්ගේ නවතම Summit Ridge මාලාවේ ඉහළ පෙළේ  processor යේ තතු මෙසේ ඉදිරිපත් කරන ලදී.

Summit Ridge මාලාවසම්පූර්ණයෙන් අලුතින් නිර්මාණය කළ processor එකක් හේතුවෙන්, AMD ආයතනය  අලුත් processor Socket එකක් හදුන්වා දෙන ලදී. ඒ AM4 processor Socket එකය. AMD සමාගම පවසන්නේ මෙම processor Socket එක ඉදිරියට පැමිණෙන අලුත්  processor  පරම්පරාවකට  සරිලන ලෙස AM4 processor Socket එක සාදා ඇති බවයි.ඒ වගේම AMD ආයතනයේ පැරණි processor සමග සහය නොවන DDR4 මතක තාක්ෂණය, PCIe Gen3, USB 3.1 Gen2, සහ NVMe storage වැනි වැදගත්  තාක්ෂණයන් AM4 processor Socket එක සතු  motherboard(මව් පුවරු) වලට සහය දක්වන බව AMD ආයතනය වැඩිදුරටත් අදහස් දක්වා තිබෙනවා.

Cores 8 හා Threads 16 කින් සමන්විත වන  Summit Ridge processor එක, simultaneous multithreading(Intel සමාගමේ hyper threading තාක්ෂණය මෙන්ම) තාක්ෂණය, පැරණි Bulldozer architecture හී පැවති  Hyper-Threading තාක්ෂණයට වඩා කාර්යක්ෂම වේ.ඉහළ පෙළ  processor වල Base Clock Speed ( මූලික ස්පන්ද වේගය )  3.4GHz පමණ වේ.Intel ආයතනයේ නවතම Desktop Sky Lake processor වල Base Clock Speed ( මූලික ස්පන්ද වේගය ) තරම් වේගවත් නොවුනත් Intel Broadwell-E processor වලට වඩා වේගවත් වේ.Extended Frequency Range(XFR)(තවමත් තහ වුරුකර නොමැත) තාක්ෂණය මගින් processor Clock Speed එක වැඩි කිරීමේ හැකියාවක් ඇත.Neural Net Prediction හා Smart Prefetch තාක්ෂණයන් මගින් processor එක පුරා වැඩි  කාර්යක්ෂමතාවයකින් යුතුව   දත්ත හුවමාරු කිරීමේ හැකියාවක්ද ලබාදී ඇති.විශාල 4MB L2 හා 16MB L3 cache මතකය මගින් ද දත්ත processor කාර්යක්ෂම බව තව තවත් වැඩි කිරීමට උපකාරී වේ.

AMD ආයතනයේ  Summit Ridge processor එක,  Intel Broadwell-E processor ය සමග New Horizon වැඩමුළුවේදී සන්සන්දනය කරන ලදී.එහිදී Summit Ridge processor එක ඉතා කුඩා ප්‍රමාණයකින් සෑම තරගයකින්ම ජයග්‍රහනය කරන ලදී

AMD ආයතනය මෙතෙක් මෙම නිෂ්පාදනයන් වෙළඳ පොළට නිකුත් කරන  නිශ්චිත දිනයක්  හෝ  මිලක්  සඳහන් කර නොමැත.කෙසේ වෙතත් Intel සමාගමේ core i7, core i5, core i3 processor වලට සමාන මිලකින් යුතුව 2017 මුල් කාර්තුව තුලදී වෙළඳ පොළට නිකුත් කිරීමට සැරසෙන බව විවිධ ආරංචි මාර්ග පවසයි.

තවද 2017 වර්ෂයේදී RYZEN යනුවෙන් වැඩි දියුණු කරන ලද අලුත් AMD  processor එකක් ඉදිරිපත්  කිරීමට නියමිතව ඇත.ZEN Architecture පසුව Zen+ Architecture,7nm(නැනෝ මීටර) ප්‍රමාණයේ process nodes වලින් සමන්විත්  processor ද ඉදිරි අනාගතයේදී නිපදවීමට තීරනය කර ඇති බව AMD ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

Next Generation AMD CPUs And APUs

WCCFTechAMD Raven RidgeAMD Gray HawkAMD Summit RidgeAMD Bristol Ridge
Product ArchitectureZenZen+ZenExcavator
Process Node14nm7nm14nm28nm
CPU CoresUp to 4Up to 4Up to 8Up to 4
GPU ArchitectureVegaNaviN/ACaribbean Islands
TDPTBATBA65W-95W35-65W
SocketAM4AM4+AM4AM4
Memory SupportDDR4 & HBMDDR4 & HBMDDR4DDR4
Launch2H 20172019Q1 2017October 2016

දත්තව් අගුවේ මූලාශ්‍ර

Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 Comments

  1. AMD එකෙන් Intel එකට හොඳ තරඟයක් දුන්නොත් හොඳයි.එතකොටවත් Intel CPU වල ගාන අඩුකරන්න උත්සහ කරයි