Tesla ආයතනයේ යාවත්කාලීන කරන ලද Powerwall 2.0 බැටරි pack එක

සූර්යබලය භාවිතයට මුලපුරන ,දැනටමත් භාවිතා කරන බොහෝ දෙනෙකුට පැනනගින විශාලතම ගැටලුව වන්නේ, සූර්ය  බලය  දහවල්  කාලයට  සෘජුවම භාවිතා කළ  හැකි වුවද රාත්‍රී කාලයේදී එය එසේ කළ  නොහැක වීමය .රාත්‍රි කාලයේදීද විදුලිය භාවිතා කිරිමට ,ප්‍රධාන විදුලි සැපයුමෙන් විදුලිය ලබාගැනීමට හෝ දහවල නිපදවූ අතිරික්ත විදුලිය ගබඩා කර හැකි ක්‍රමයක් තිබිය යුතුය.

මෙම ගැටලුව නිරාකරනය කිරීමට Tesla ආයතනය පසුගිය වසරේ Powerwall (බැටරි Pack එකක්) නිර්මාණය කරන ලදී.එය ඉතාමත් ඉහල ජන ප්‍රසාදයට පාත්‍ර වූ නිෂ්පාදනයකි.ඉතාමත් අලංකාර පෙනුමකින් යුත් මෙම බැටරි pack එක ඕනෑම බිත්තියක පහසුවෙන් ස්ථාපනය කිරීමේ හැකියාවකින්ද යුක්ත විය.එමෙන්ම භාවිතා කිරිමට ඉතාමත් පහසු වන ආකාරට නිමවා තිබීම කාගේත්පැසසුමට ලක්වූ කරුනකි.section-powerwall_solution

පසුගිය ඔක්තෝබර් මස  SolarCity and Tesla introduce ආයතනයෙන් Los Angelis නගරයේ පැවති උත්සවයකදී Powerwall 2.0 (යාවත්කාලීන කරන ලද බැටරි Pack එක )Tesla සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වරයා (CEO) වන  Elon Musk මහතා විසින් හදුන්වා දෙන ලදී .එහිදී විදුලිය ජනනය කරන උළු කැට  Solar roof  tiles නිෂ්පාදනය ද හදුන්වා දෙන ලදී. ඒ පිලිබද වඩි විස්තර සදහා “Solar roof  tiles” Click කරන්න.

පැරණි Powerwall එක හා සැසදීමේදී නවතම Powerwall 2.0 හි ඇති ප්‍රධානතම වෙනස්කම් වන්නේ ,

10Kwh(කිලෝවොට් පැය) හා 7Kwh  බැටරි ධාරිතාවයකින් යුතු පැරණි Powerwall බැටරි pack එක සමන්විත වුවද , 13.6Kwh බැටරි ධාරිතාවයකින් නව Powerwall 2.0 සමන්විත වේ.2Kw ප්‍රමාණයක අඛණ්ඩ විදුලි සැපයිමක් ලබාදීමේ හැකියව නව Powerwall 2.0 තුලින් 5Kw දක්වා වැඩි  කොට ඇත.පැරණි හැඩයට වඩා වෙනස් ඉතාම සරල නිමාවකින් යුක්තව නවතම Powerwall 2.0 සාදා ඇත.පැරණි Powerwall හී  බැටරි ධාරිතාව වැඩි කර ගැනිමට බැටරි pack 3 ක්  උපරිමව සම්බන්ද කළ හැකි විය .එම ප්‍රමානය 3 ගුණයක් කරමින් වැටරි pack 9 ක්  සම්බන්ධ කිරීමේ නවතම හැකියාවක් ඇත.

පැරණි Powerwall හි තොරතුරු :-

Old Powerwall
Old Powerwall

නවතම Powerwall 2.0 හි තොරතුරු :-

New Powerwall 2.0
New Powerwall 2.0

මීට අමතරව මෙහි ඇති විශේෂත්වය වන්නේ,පැරණි Powerwall එකට වඩා 1Kwh සදහා වැයවන මුදල ඉතාම අඩු මට්ටමක පැවතීම.ඒවාගෙම දැනට වෙළෙඳපොළේ  පවතින ලාබදායිම බැටරි Pack එක වන්නෙද  Tesla සමාගමේ Powerwall 2.0 ය.(මූලාශ්‍ර)

tesla-powerwall-lg-resu-sonnen-eco-compact2

තිරසාර බලශක්ති මූලයන් වෙත නැඹුරු වන  බොහෝ දෙනෙකුට  මෙම(යාවත්කාලීන කරන ලද ) Powerwall 2.0 බැටරි pack එක ඉතාමත් වටිනා නිර්මානයකි.ප්‍රධාන විදුලි සැපයිමෙන් ඉවත්ව ස්වාධීන ලෙස තම විදුලි අවශ්‍යතාව සපුරාගැනීමේදී ඇතිවන ප්‍රධානම ගැටලුවක් විසදන කදිම නිපැයිමකි.

powerwall_info_1

 

 

>

Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *