Cassini අභ්‍යවකාශ යානය සෙනසුරු කරා යන ගවේෂණාත්මක ගමන

1997 ඔක්තෝබර් 15 වන දින  NASA ආයතනයේ  Cassini අභ්‍යවකාශ යානය  සෙනසුරු ග්‍රහයා කරා යාමේ ගවේෂණාත්මක ගමන ආරම්භ කරන ලදී. යානය වසර 19 පමණ කාලයක ගමන්කොට සෙනසුරු ග්‍රහයාගේ F දූලි වලල්ලට හැතැප්ම 5,000 ආසන්න These Ring-Grazing  නැමති  කක්ෂය කරා 2016 නොවැම්පැබර්මි 30 වන දින පැමිණ  තිබෙනවා.මෙම කක්ෂය මතදී සෙනසුරු ග්‍රහයාගේ උප ග්‍රහයෙකු  වන Titan ග්‍රහයා පිලිබඳ විශේෂ අධ්‍යයනයක් ද,වෙනත්  උප ග්‍රහයන්, සෙනසුරු ග්‍රහයාගේ වායු වලලු පිලිබඳ අධ්‍යයනයන් කිරීමට නියමිතව ඇත.

F දූලි වලල්ල සෙනසුරු ග්‍රහයාගේ ප්‍රධාන  දූලි වලලු වන A, B, C  හා D වලලු වෙන් කරන සීමාව ලෙස හැඳින්විය හැකිය.මන්ද මෙම F දූලි වලල්ල හැතැප්ම 500ක් පමණ පළල වුවත් ප්‍රධාන වලලුවලට සාපේක්ෂව ඉතාමත් කුඩා මෙන්ම ප්‍රධාන වලලු වලට පිටතින් පිහිටා ඇත.These Ring-Grazing කක්ෂය මත  Cassini අභ්‍යවකාශ යානය   ගමන් කිරීමේදී සෙනසුරු ග්‍රහයාගේ A හා B වලලු වල මෙතෙක් නොදුටු විශ්මිත ජායාරූප මෙන්ම තොරතුරු ලබාගැනීමේ හැකියාව උදාවේ.එමෙන්ම සෙනසුරු ග්‍රහයාගේ දූලි වලා වල අනුක සැකැස්ම පිලිබඳව , සෙනසුරු ග්‍රහයාගේ එතරම් තොරතුරු නොදත් උප ග්‍රහයන් වන   Pandora, Pan, Daphnis, හා Atlas පිලිබඳව  අධ්‍යයනයන් මෙන්ම, මෙතෙක් සොයා නොගත් උප ග්‍රහයන්ද ගවේෂණය කිරීමේ  හැකියාවද  ලැබෙනු ඇත.

Cassini අභ්‍යවකාශ යානය These Ring Grazing කක්ෂයට පැමිණීම යානයේ අවසාන මෙහෙයුම “Grand Finale” ආරම්භ කිරීමක්  ලෙස NASA ආයතනය පවසා තිබෙනවා. මෙම “Grand Finale” මෙහෙයුමට පෙර NASA ආයතනය සෙනසුරු ග්‍රහයා හා උප ග්‍රහයන් පිලිබඳ ලබාගත්  ලබාගත් ජායාරූප කිහිපයක්  මෙසේය.

දෙසැම්බර් 2 වන දින ලබාගන්න ලද සෙනසුරු ග්‍රහයාගේ උත්තර්ධ්‍රැවය
දෙසැම්බර් 3 වන දින ලබාගන්න ලද සෙනසුරු ග්‍රහයාගේ උත්තර්ධ්‍රැවය,මෙහි ඇති කුහරය වන් කොටස පෘථිවි පමන විශාලය.
දෙසැම්බර් 4 වන දින ලබාගන්න ලද, සෙනසුරු ග්‍රහයාගේ 5 වන විශාලතම උප ග්‍රහයා වන Tethys

2017 අප්‍රේල් මස 22 වන දින  Cassini අභ්‍යවකාශ යානය සෙනසුරු ග්‍රහයාගේ ඇතුලත දූලි වලලු හා ග්‍රහයා අතර කක්ෂයක ගමන් කිරීමෙන් සෙනසුරු ග්‍රහයා පිලිබඳ ගවේෂණය අවසන් කරනු ඇත .  Cassini අභ්‍යවකාශ යානය පුරා වසර 20 හා මාසයක් කාලයක් විවිධ ගවේශකයන් සිදු කරමින් 2017 සැප්තැම්බර් 15 වන දින සෙනසුරු ග්‍රහයාගේ ගුරුත්වාකර්ෂණ බලයහේතුවෙන්  සෙනසුරු ග්‍රහයාගේ වායුගෝලයට ඇතුලුවීමත්  සමගම විනාශවී යාමට නියමිතව ඇත.එයින් Cassini අභ්‍යවකාශ යානයේ ගෞරවාන්විත සේවය අවසන් වනු ඇත.

 Cassini අභ්‍යවකාශ යානය සෙනසුරු ග්‍රහයා කරා යන ගමනේ සියලු විස්තර 

Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *