$300/රූ.45,000 කට වැඩි වටිනා Dyson hair dryer උපකරණය.මෙතරම් වටින්නෙ ඇයිද?

Dyson  ඉතාම ඉහළ තාක්ෂණයෙන් හා ඉහළම ගුණාත්මක බවකින් යුක්ත නිෂ්පාදන් පාරිභෝගිකයාට ලබාදෙන ජනප්‍රසාදයට ලක්වී ඇති සන්නාමයකි (Brand name).1994 James Dyson විසින් එංගලන්තයේ ආරම්භ කරන මෙම ආයතනය බොහෝ අභියෝගයන් මැද වර්තමානය වන විට ඉතාමත් සාර්ථකව නැගීසිටින ආයතනයකි.

vacuum cleaners, hand dryers, පෙති රහිත පංකා, heaters සහ hair dryers වැනි නිෂ්පාදන ඔවුන් නිපදවන උපාංගවේ.මොවුන් නිෂ්පාදනය කරන උපාංග විශේෂ පරීක්ෂණ රැසක් සිදු  කරමින් නිර්මාණය කර තිබෙන්නේ.ඒ අතරින්  Cyclone තාක්ෂණය සහිත  vacuum cleaner යන්ත්‍ර Dyson  සමාගමේ ජනප්‍රියතම උපාංගය ලෙස සැලකිය හැකිය.මෑතකදී නිපදවන ලද ස්වයංක්‍රීයව ගෙබිම පිරිසිඳු  කරන vacuum cleaner රොබෝ යන්ත්‍රයද කාගේත් අවධානය දිනාගත් නිෂ්පාදනයක්  විය.

Dyson සමාගම hair dryer නිෂ්පාදනය පටන් ගෙන කෙටි කලාක් විය.Dyson සමාගම hair dryer නිෂ්පාදනය කිරීමට අදහස පහළ වී ඇත්තේ hair dryer උපාංගවල ඉතිහාසය අධ්‍යයන කිරීමෙන් අනතුරුවය  .1960 වර්ෂයේ සිට hair dryer යන්ත්‍ර තාක්ෂණයේ කිසිඳු වෙනසක් නොවීය.ඒ හේතුවෙන් Dyson සමාගම supersonic නැමති hair dryer උපකරණය නිර්මාණය කිරීමට තීරණය කර  තිබෙන්නේ.මෙම  නිර්මාණය කිරීමට Dyson සමාගම  වසර ගණනාවක පරීක්ෂණයන් රැසක් කර තිබෙනවා.එහිදී ඔවුන් මිනිස් හිසකේ පිළිබඳවද  විශාල පරීක්ෂණ රැසක් කර තිබෙනවා.මේ සඳහා ඉංජිනේරුවරු  ,හිස්කේ පිලිබඳ විශේෂඥයන්, ප්‍රවීන රූපලාවණ්‍ය ශිල්පීන් වැනි විශාල පිරිසක් එක් කරගනිමින් පරීක්ෂණ සිදුකොට තිබෙන්නේ. අවසානයේදී Dyson සමාගම ලොව දියුණුම තාක්ෂණයන්ගෙන් යුක්ත මිල අදික hair dryer එකක් නිපදවීමට සමත් වෙනවා.පසුගිය දිනෙක Dyson සමාගම ඔවුන්ගේ supersonic hair dryer එකෙ පැවති මෝටරය යාවත්කාලීන කර තිබෙනවා.ඒ පෙති 13 කින් සමන්විත  ඉතාම බලසම්පන්න කුඩා මෝටරය එක් කිරීමෙන්ය.

මෙම supersonic hair dryer එකේ පවතින විශේෂත්වයන්න බොහෝමයක් ඇත.එහි කැපී පෙනෙනම  විශේෂත්වය වන්නේ  27mm ප්‍රමාණයේ කුඩා මෝටරයකින් සමන්විත වේ. සාමාන්‍ය hair dryer එකක් ඇති මෝටරයක් මෙන් 6 ගුණයක වේගයෙන් මෙම මෝටරයට භ්‍රමණය විය හැකිය.එනම් මිනිත්තුවට  වට  110,000 ප්‍රමාණයක් කැරකීම මගින් කිලෝ පැස්කල්  3.5 (kPa) පීඩනයකින් යුක්තව තත්පරයට  ලීටර 13 ප්‍රමාණයේ  වායු ධාරාවක්, වායු ත්වරක බටය වෙත යොමු කරනවා.

Dyson supersonic hair dryer එක සාමාන්‍ය hair dryer එකක් නෙවේ.එහි microprocessor එකක්ද අන්තර්ගත වේ.සෑම තත්පරයකදීම 20 වතාවක් වායු ධාරාවේ උෂ්ණත්වය මැනීමක්ද මෙම  microprocessor එක තුලින් සිදු කරනවා.එසේ උෂ්ණත්වය මැන හිසකේ වලට දරාගත හැකි ප්‍රශස්ත උෂ්ණත්වයක් පාලනය කිරීමේ හැකියාවක්ද Dyson supersonic hair dryer උපකරණයට ඇත.

එමෙන්ම මෙම hair dryer එකේ මෝටරය පිහිටා තිබෙන්නෙ hair dryer එකේ මිටේ.මේ හේතුව නිසා hair dryer එක අතට අපහසුවක් නොවන ලෙස දිගු වේලාවක්  භාවිතා කල හැකිය.මෙම විශේෂත්වය රූපලාවණ්‍ය ශිල්පීන්ට ඉතාමත් වැදගත් විශේෂාංගයකි.

මෙම hair dryer එක නිර්මාණය කර ඇත්තේ ඉතාම සරල නිමාවකින් යුතුවය.සුළං ප්‍රවාහ වේගය පාලනයට,උෂ්ණත්වය පාලනයට බොත්තම් දෙකක් හා ක්‍රිය කරවීම හා ක්‍රියව් විරහිත කිරීමට එක් බොත්තමක් ඇත .වේගය හා උෂ්ණත්වය ප්‍රමාණය පෙන්වීමට කුඩා LED බල්බ 6ක් ඇත.සුළං ධාරාවේ හැඩය වෙනස් කිරීමට නොසල 3 ක් ද මේ සමග පැමිනේ.

කෙසේ වුවත් නවීන තාක්ෂණය කැටිකොට ඇති මෙම hair dryer එක හිසකේ පිළිස්සීමකින් තොරව හිස්කේ වියලීමේ හැකියාවක් ඇති බව Dyson ආයතනය සඳහන් කර තිබෙනවා.ඒ වගේම, සාමාන්‍ය hair dryer වලට වඩා වේගවත් බැවින් සාමාන්‍ය hair dryer එකකට වඩා ඉක්මනින් හිස්කේ වියලා ගත හැකි Dyson ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම Dyson supersonic hair dryer එක වර්තමානයවන විට $300( 2016 .12.24 වන විට  රූ.45,000 පමණ) ක පමණ මිලකට වෙළෙඳපොළේ අලවි වේ. නමුත් බොහෝ විචාරකයන් පවසන්නේ $300 වැනි මුදලකට මිලදීගෙන කරන කාර්‍යම   සාමාන්‍ය hair dryer එකකින් කිරීමේ හැකියාවක් තිබෙන නිසා මෙම නිෂ්පාදනeය තරම ප්‍රයෝජනවත් නොවන බවයි.

නමුත් මෙය නිර්මාණය කිරීමට කර ඇති  පරීක්ෂණ,තාක්ෂණික උපාංග,නිර්මාණය කිරීමට සහය වූ පිරිස් පිලිබඳ සැලකීමේදී Dyson ආයතනයට ඉතාමා ලාබදායි මිලකට මෙම උපාංගය අලෙවි කළ නොහැක.එ වගේම මෙවැනි ආකාරයේ ඉතාම දියුණු තාක්ෂණයකින් යුක්ත උපාංගයක් නිපදවා ඇති මුල්ම අවස්ථාවක්  බැවින් ඉදිරියේදී මෙම ආකාරයේ hair dryer එකක් සාධාරණ මිලකට විකිණීමේ හැකියාවක්  ඇතැයිඅපේක්ෂා කළ හැකිය.

නිල වෙබ් අඩවිය.

Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *