Tesla ආයතනයේ යාවත්කාලීන කරන ලද Powerwall 2.0 බැටරි pack එක
සූර්යබලය භාවිතයට මුලපුරන ,දැනටමත් භාවිතා කරන බොහෝ දෙනෙකුට පැනනගින විශාලතම ගැටලුව වන්නේ, සූර්ය බලය දහවල් කාලයට සෘජුවම භාවිතා කළ හැකි වුවද රාත්‍රී කාලයේදී එය එසේ කළ නොහැක වීමය .රාත්‍රි කාලයේදීද විදුලිය භාවිතා කිරිමට ,ප්‍රධාන විදුලි සැපයුමෙන් විදුලිය ලබාගැනීමට හෝ දහවල නිපදවූ අතිරික්ත විදුලිය ගබඩා කර හැකි ක්‍රමයක් තිබිය යුතුය.
මෙම ගැටලුව නිරාකරනය කිරීමට Tesla ආයතනය පසුගිය වසරේ Powerwall (බැටරි Pack එකක්) නිර්මාණය කරන ලදී.එය ඉතාමත් ඉහල ජන ප්‍රසාදයට පාත්‍ර වූ නිෂ්පාදනයකි.ඉතාමත් අලංකාර පෙනුමකින් යුත් මෙම බැටරි pack එක ඕනෑම බිත්තියක පහසුවෙන් ස්ථාපනය කිරීමේ හැකියාවකින්ද යුක්ත විය.එමෙන්ම භාවිතා කිරිමට ඉතාමත් පහසු වන ආකාරට නිමවා තිබීම කාගේත්පැසසුමට ලක්වූ කරුනකි.
පසුගිය ඔක්තෝබර් මස SolarCity and Tesla introduce ආයතනයෙන් Los Angelis නගරයේ පැවති උත්සවයකදී Powerwall 2.0 (යාවත්කාලීන කරන ලද බැටරි Pack එක )Tesla සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී වරයා (CEO) වන Elon Musk මහතා විසින් හදුන්වා දෙන ලදී .එහිදී විදුලිය ජනනය කරන උළු කැට Solar roof tiles නිෂ්පාදනය ද හදුන්වා දෙන ලදී. ඒ පිලිබද වඩි විස්තර සදහා “Solar roof tiles” Click කරන්න.
පැරණි Powerwall එක හා සැසදීමේදී නවතම Powerwall 2.0 හි ඇති ප්‍රධානතම වෙනස්කම් වන්නේ ,
10Kwh(කිලෝවොට් පැය) හා 7Kwh බැටරි ධාරිතාවයකින් යුතු පැරණි Powerwall බැටරි pack එක සමන්විත වුවද , 13.6Kwh බැටරි ධාරිතාවයකින් නව Powerwall 2.0 සමන්විත වේ.2Kw ප්‍රමාණයක අඛණ්ඩ විදුලි සැපයිමක් ලබාදීමේ හැකියව නව Powerwall 2.0 තුලින් 5Kw දක්වා වැඩි කොට ඇත.පැරණි හැඩයට වඩා වෙනස් ඉතාම සරල නිමාවකින් යුක්තව නවතම Powerwall 2.0 සාදා ඇත.පැරණි Powerwall හී බැටරි ධාරිතාව වැඩි කර ගැනිමට බැටරි pack 3 ක් උපරිමව සම්බන්ද කළ හැකි විය .එම ප්‍රමානය 3 ගුණයක් කරමින් වැටරි pack 9 ක් සම්බන්ධ කිරීමේ නවතම හැකියාවක් ඇත.
පැරණි Powerwall හි තොරතුරු :-
නවතම Powerwall 2.0 හි තොරතුරු :-
මීට අමතරව මෙහි ඇති විශේෂත්වය වන්නේ,පැරණි Powerwall එකට වඩා 1Kwh සදහා වැයවන මුදල ඉතාම අඩු මට්ටමක පැවතීම.ඒවාගෙම දැනට වෙළෙඳපොළේ පවතින ලාබදායිම බැටරි Pack එක වන්නෙද Tesla සමාගමේ Powerwall 2.0 ය.(මූලාශ්‍ර)
තිරසාර බලශක්ති මූලයන් වෙත නැඹුරු වන බොහෝ දෙනෙකුට මෙම(යාවත්කාලීන කරන ලද ) Powerwall 2.0 බැටරි pack එක ඉතාමත් වටිනා නිර්මානයකි.ප්‍රධාන විදුලි සැපයිමෙන් ඉවත්ව ස්වාධීන ලෙස තම විදුලි අවශ්‍යතාව සපුරාගැනීමේදී ඇතිවන ප්‍රධානම ගැටලුවක් විසදන කදිම නිපැයිමකි.
>