ලොව ප්‍රථම විදුලිය ජනනය කරන සූර්යකෝෂ සහිත මාර්ගය.

සූර්යකෝෂ සහිත මාර්ග සෑදීමට මෑත කාලයේදී විවිධ රටවල් ආරම්භ කළද,ලොව ප්‍රථම සූර්යකෝෂ සහිත මාර්ගයක් ඉදි කර අවසන් කිරීමට ප්‍රංශය සමත්විය.Tourouvre-au-Perche නැමති කුඩා ගම්මානයේ කිලෝමීටර 1 ක් පමණ දුරකින් යුතු මාර්ගයක් ඉදි කරන ලදී.මෙම මාර්මෙගගය Colas නැමති ආයතනය සාදා තිබෙන්නේ. මාර්ගය විවෘතව කිරීමට ප්‍රංශ පරිසර කටයුතු  අමාත්‍ය Ségolène Royal මහාතා අතින් සිදු කරන ලදී. මෙම මාරගය  Wattway නමින් හඳුන්වනුලබයි.

සූර්යකෝෂ 2880ක් පමණ ප්‍රමාණයක්  වර්ග අඩි  30,000ක විතර ප්‍රමාණයක
සවිකර ඇත.මෙමගින් පැයකට කිලෝවොට් 766 ක් ද, වාර්ෂිකව මෙගා වොට් පැය  280 ක විදුලිය ප්‍රමාණයක නිපදවිය හැකියැයි ඇස්තමේතු කර තිබෙනවා.මෙම මාර්ගයේ සූර්ය කෝෂ ස්ථාපනය කර ආරක්ෂා කිරීමටත් බර වාහන යාමට අවශ්‍ය සවි ශක්තිය ලබාගැනීමට සිලිකන්  ස්ථරයන් හා  රෙසීන යොදා නිර්මාණය අර තිබෙන්නේ.මේ වන විට  මෙම මාර්ගය ,මාර්ගය දෙපස ඇති විදුලි පහන් දැල්වීමට අවශ්‍ය විදුලි බලය සපයනවා.

මේ සඳහා ප්‍රංශ රජය ඇමරිකානු ඩොලර් මිලියන 5.2 වැය කොට තිබෙනවා.කෙසේ  වෙතත් මෙම ක්‍රමයට සූර්‍ය කෝෂ ස්ථාපනය  කිරීම, සාමාන්‍ය වහලයක් මත සූර්ය කෝෂ ස්ථාපනය කරනවා මෙන් 13 න් ගුණයක් මිල අදික අන බව විචාරකයන්ගේ මතය වේ.

Colas ආයතනය පවසන්නේ ,සූර්‍ය කෝෂ වල මිල පහළ ගියහොත් ඉදිරි වසර 4 දී   කිලෝමීටර 1,000 ක දුරකින් යුතු සූර්‍ය කෝෂ සහිත මාර්ගකක් නිපදවීමට අපේක්ෂා කරන බවයි.කෙසේහෝ මෙම මාර්ග පද්ධතිය සාර්ථකව සැකසීමට හැකි වුවහොත් ප්‍රංශයේ ජීවත්වන  මිලියන 5 ක වැසියන් ප්‍රමාණයකට (ප්‍රංශ ජනගහනයෙන් 8% ක් ප්‍රමාණයකට) විදුලිය සැපයීමේ හැකියාවක් ඇති බවයි.තවද  Colas ආයතනය 2017 වසරේදී  ලොව පුරා මෙවන්  ප්‍රදේශ 100 ක අත්හදා බැලීමේ කටයුතු සිදු කිරීමට තීරණයකර ඇති බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

කෙසේහෝ  මෙවන් නිර්මාණය දැකීමේදී  පෙනෙන්නේ,ලොව ඉදිරි අනාගතයේදී පූර්ණව  තිරසාර බලශක්තිය උපයෝගී කරගන්නා ආකාරයක් ය.

 

Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *