2018 Nissan Leaf මෝටර් රථය පිළිබඳ අලුත් විස්තර.
2010 වර්ෂයේ නිපදවන් ලද Nissan Leaf ඉලෙක්ට්‍රික් මෝටාර් රථය, බොහෝ දෙනෙකුගේ පැසසුමට භාජනය වූ මෝටර් රථයක් බවට පත් විය. පරිසර හිතකාමී මෝටර් රථයක් මෙන්ම,ඉතාම නිස්කලංක,සැපපහසු, අඩු වියදම්, ධාවනයක් සහිත වීම හේතුවෙන් බොහෝ දෙනෙකු තම ප්‍රධාන මෝටර් රථයට අමතරව කෙටි දුර ධාවනය සඳහා මෙම මෝටර් රථය භාවිතා කරන ලදී. 2017 සැප්තැම්බර් 06 වන දින, දෙවන පරපුරේ (second generation) Nissan Leaf මෝටර් රථය, ජපානයේ ටොකියෝ නගරයේදී එළි දක්වන ලදී. 2017 ඔක්තෝබර් මස 02 දින සිට ජපානයේදී මෙම මෝටර් රථය මිලදී ගත හැකි වුවත්, ජපානයෙන් පිට රටකදී මෙම මෝටර් රථය අලෙවි කිරීමට බලාපොරොත්තුව සිටින්නෙ 2018 වර්ෂයේදීයි.
2018 වර්ෂයේ Nissan Leaf රථයේ ප්‍රධානතම වෙනස්කම් වන්නේ
- මෝටර් රථයේ හැඩය.
- එක් වර්ක ආරෝපනය කළ විට ධාවනය කළ හැකි දුර ප්‍රමාණය වැඩි කර තිබීම
- Nissan Intelligent Mobility තාක්ෂණය
පලමු පරපුරේ Nissan Leaf මෝටර් රථයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා සාමාන්‍ය මෝටර් රථයකට වඩා තරමක් වෙනස් ආකාරයේ හැඩයකින් යුතුව නිමවා තිබෙනවා. මෙම හැඩය එතරම් සිත් ඇදගන්න සුළු හැඩයක් නොවන බව ඇතැම් පාරිභෝගිකයන් පැමිණිලි කර තිබීම හේතුවෙන් සාමාන්‍ය අභ්‍යන්තර දහන එන්ජින් සහිත මෝටර් රථයක හැඩයට සාමාන වන ලෙස නිර්මාණය කිරීමට නිස්සන් ආයතනය තීරණය කර තිබෙනවා.මෙය Nissan X-Trail SUV රථයේ නිර්මාණ ආකෘතියට සමාන ආකෘතියක් ඇතිව නිර්මාණය කර තිබෙන්නේ.
[pullquote-right]මෙම ඉලෙක්ට්‍රික් මෝටර් රථය එක් වරක් ආරෝපනය(Charge) කළ විට 241Km දුර ප්‍රමාණයක් ධාවනය කළ හැකිය[/pullquote-right].කෙසේ වෙතත් මෙම ධාවනය කළ හැකි දුර ප්‍රමාණය Tesla model 3, Chevrolet bolt වැනි ආසන්න සමාන මිළක් සහිත ඉලෙක්ට්‍රික් මෝටර්රථ හා සැසඳීමේදී තරමක් අඩු දුරකි. Nissan ආයතනය Renault ආයතනය හා සමගාමීව ඔවුන්ගේ තාක්ෂණික දැනුම හුවමාරු කරන් ගනිමින් ඉලෙක්ට්‍රික් මෝටර් රථ නිර්මාණය කරන්නෙ. ඒ හේතුවෙන් බොහෝවිට Renault Zoe මෝටර් රථයේ ඇති 40kWh බැටරි කට්ටලයක් මෙන්ම මෙහි ද 40kWh බැටරියක් අන්තර්ගත වේ.නමුත් Nissan ආයතනය පවසන්නේ 2019 වර්ෂයේදී මෙම බැටරි ධාරිතාවයට වඩා වැඩි බැටරි ධාරිතාවකින්ක යුක්ට්ටත බැටරි කට්ටලයකින් සමන්විත Leaf රථයක් වෙළඳ පොළට හදුන්වා දෙන බවයි.
ශ්‍රීලංකාව වැනි තරමක් උණුසුම් දේශගුණයක් සහිත රටක ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් ධාවනය කිරීමේදී මුහුන දීමට සිදුවන ප්‍රධානතම ගැටලුව වන්නේ,අධික උණුසුම හේතුවෙන් වාහනයේ බැටරි වල ධාරිතාවයේ සිදුවන හීනවීමයි.මෙය සිසිල් දේශගුණයක් සහිත රටකදී එතරම් බලපෑමක් ඇති නොකරයි.නමුත් Tesla, Chevrolet වැනි ආයතනවල නිපදවන ඉලෙක්ට්‍රික් මෝටර් රථ වල මෙම ගැටලුවට විසඳුමක් ලෙස Active cooling (ද්‍රව උපයෝගී කරගෙන කරනු ලබන සිසිස්ලනය )සිසිලන පද්ධතියක් බැටරි කට්ටලයට සම්බන්ධ කොට තිබෙනවා.මෙමගින් බැටරි කට්ටලය අනවශ්‍ය ලෙස රත්වීම වලකාලනවා.මෙම Active cooling සිසිලන් ක්‍රමය Nissan leaf මෝටර් රථයේ අති Passive cooling (සුළං උපයෝගී කරගෙන කරනු ලබන සිසිස්ලනය)සිසිලන ක්‍රමයට වඩා ප්‍රායෝගික ක්‍රමයකි.නමුත් දෙවනි පරපුරේ Leaf රථයේ මෙම passive cooling සිසිලන පද්ධතියට වෙනුවට, active cooling සිසිලන පද්ධතියක් අන්තර්ගතකර ඇතිද යන්න පාරිභෝගිකයන් බොහෝ දෙනෙකුට ඇති ප්‍රධානතම ගැටලුවකි. නිස්සාන් ආයතනය මේ වන විටත් ඒ පිලිබඳ වැඩි විස්තර ඉදිරිපත් කර නොමැත.
ඉලෙක්ට්‍රික් මොටර් රථයක බැටරි ධාරිතාව මෙන්ම,බැටරි ආරෝපනය කිරීමේ වේගයද ඉතාමත් වැදගත්කරුණකි.Nissan Leaf රථය සාමාන්‍ය 240V විදුලි සපයුමකින් 6.6kW ක්ෂමතාවයක් සහිත් charger (ආරෝපකයක් )භාවිතයෙන් ආරෝපනය කිරීමේදී පැය 1 ක් කාලයක් තුලදී 35Km පමණ ධාවන පරාසයක් ලබාගත හැකිය.50kW ක්ෂමතාවයක් සහිත් Fast Charger එකකින් මිනිත්තු 30 තුල 142km පමණ ධාවන පරාසයක් ලබාගත හැකිය.[pullquote-left]මෙම මෝටර් රථය 50kW ක උපරිම ක්ෂමතාවයකින් ආරෝපනය කළ හැකිය.[/pullquote-left]
නව Nissan Leaf රථයේ අති Nissan intelligent mobility තාක්ෂණය නිසා වෙනදාටත් වඩා පහසුවෙන් හා ආරක්ෂාකාරීව Leaf රථය ධාවනය කිරීමට හැකියාව ලැබේ. Nissan intelligent mobility තාක්ෂණයේ අන්තර්ගත වන පහසුකම් පහත පරිදී වේ.
1.NISSAN ProPILOT™ASSIST-
රථය ස්වයංක්‍රීයව ධාවනය කිරීමේ හැකියව ලැබෙන අතර,lane assist -මන්තීරුව මත වාහනය ධාවනය කිරීමට උදව් වේ.තවද, හදිසි අවස්ථාවකදී ස්වයංක්‍රීයව තිරිංග(Brake) ක්‍රියාත්මක වීම හා blind spot detection පද්ධතිය මගින් වාහනයේ නොපෙනෙන ස්ථානයන් අසල අති බාධක අනාවරනය කිරීමේ හැකියවක් ඇත.
2.Automatic packing-
parallel /90 degrees (සමාන්තරගතව හා අංශ 90 කට )වාහනය ස්වයංක්‍රීයව නැවෙත්වීමේ හැකියාව ඇත.
3.e-paddle
මගින් වාහනය accelerator එක පමණක් යොදාගනිමින් වාහනය සම්පූර්ණ නැවැත්වීමකට හෝ ධාවනය කිරීමේ හැකියාව ලැබේ.
මෙම මෝටර් රථයේ අති infotainment system (තොරතුරු හා විනෝදාස්වාද පද්ධතිය )හී Android auto හා Apple Car Play වැනි පහසුකම් අන්තර්ගත කර තිබීම නිසා ඉතාමත් පහසුවෙන් Google Maps, Apple Maps වැනි යෙදවුම් (apps) භාවිතා කළ හැකි වේ.
මෙම මෝටර් රථය හා ස්මාර්ට් දුරකතනයක් ඔස්සේ සම්බන්ධ වීම සඳහා යෙදවුමක් (APP) ද පවතී.එමගින් මෝටර් රථය ආරෝපනය කරමින් තිබෙන විට වායුසමීකරණය(Air conditioner) ක්‍රියාත්මක කරවීම,බැටරිය ආරෝපනය වී ඇති ප්‍රමාණය පරික්ෂා කිරීම,ආසන්නතම Fast Charging නැවතුම් පළවල් පිළිබඳ සෙවීම, වැනි බොහෝ ප්‍රයෝජනවත් දේවල් අන්තර්ගතවේ.
2018 Nissan Leaf රථයක් ශ්‍රීලංකාවේ දී මිල ආසන්න වශයෙන් රු:9,000,000 ( රුපියල් මිලියන 9) ක් පමණ විය හැකිය(මෙය අනුමාන කරන ලද මුදලකි).100kW සිට 200kW පරාසයේ මෝටර් සහිත ඉලෙක්ට්‍රික් මෝටර් රථ සඳහා 1kW ක් සඳහා රුපියල් 35,000 ක තීරු බද්දක් අයකෙරේ(මුළු තීරු බදු ගාස්තුව ආසන්නව රුපියල් 3,850,000 පමණ වේ. ).
කෙසේ වෙතත් මෙම මෝටර් රථය පරිසර හිතකාමී මෝටර් රථයක් වීම හේතුවෙන් ඇමරිකාව,එංගලන්තය,ජපානය,ජර්මනිය,නොර්වේ වැනී විශාල රටවල් ප්‍රමාණයක් තීරු බදු ඉවත් කොට අමතර මුදලක් අදාල රටේ රජය විසින් පාරිභෝගිකයන්ට ලබා දේ.මෙය ඉලෙක්ට්‍රික් මෝටර් රථ ප්‍රචලිත කිරීමට මෙන්ම ලොව තිබෙන ප්‍රධානතම ගැටලුවක් වන ගෝලීය උණුසුම වැඩිවීම අවම කර ගැනීම සිදුකරන වැඩපිළිවලකි.කෙසේ වෙතත් ශ්‍රීලංකාවේ රජය මෙවැනි ආකාරයේ අසාධාරණය බදු මුදලක් අය කිරීම ඉතාමත් කණගාටුදායක කරුණකි.
2018 Nissan Leaf රථය පිලිබඳ අමතර කරුණු.
- ධාවනය කළ හැකි දුර ප්‍රමාණය-
- EPA (The United States Environmental Protection Agency) වාර්තාවන්ට අනුව -240Km
- Japanese JC08 cycle වාර්තාවන්ට අනුව –400Km
- මෝටරයේ ක්ෂමතාව –110kW
- මෝටරයේ බලය- අශ්ව බල 147
රෝද මත ඇතිකරන ඝූර්ණය-320Nm
[URIS id=962]
Chevrolet Bolt EV | Nissan Leaf | Tesla Model 3 | |
---|---|---|---|
VEHICLE LAYOUT | Front-motor, FWD, 4-door hatchback | Front-motor, FWD, 5-pass, 4-door hatchback | Rear-motor, RWD, 4-door, sedan |
MOTOR | permanent magnet, 200-hp/266-ft-lb rear (MT est) | AC induction, 147-hp/236-ft-lb | permanent magnet, 258-hp/317-ft-lb (MT est) |
TRANSMISSION | 1-sp Auto | 1-sp Auto | 1-sp Auto |
BATTERY | 60 kWhr, Li-ion | 40 kWhr, Li-ion | 50/75 kWhr, Li-ion (MT est) |
CURB WEIGHT (F/R DIST) | 3580 lb | 3433-3508 lb (mfr) | 3,550-3,800 lb (mfr) |
WHEELBASE | 102.4 in | 106.3 in | 113.2 in |
LENGTH x WIDTH x HEIGHT | 164.0 x 69.5 x 62.8 in | 176.4 x 70.5 x 61.4 in | 184.8 x 72.8 x 56.8 in |
TRACK, F/R | 59.0/59.1 in | 60.6/61.2 in | 62.2/62.2 in |
CARGO ROOM, BEHIND 2ND ROW | 16.9 cu ft | 23.6 cu ft | 15.0 cu ft |
DRAG COEFFICIENT | 0.31 | 0.28 | 0.23 |
0-60 MPH | 6.3 sec | 8.0 sec (MT est) | 5.6 sec (mfr est) |
LEVEL 2 CHARGE TIME | 9 hrs | 16 hrs, 3.6 kW/8 hrs, 6.6 kW | na |
FAST CHARGE TYPE | SAE COMBO, 50-kW | CHAdeMO, 50-kW | Tesla, 145-kW |
RANGE | 383Km | 241Km | 354/498 Km |