රු30,000 ක් පමණ වටිනා ස්මාර්ට් හිස පීරණ පනාව(Kérastase Hair Coach )

හිස පීරන පණා පිලිබඳ මුලින්ම කවුරුන්,කොහේද , කවදාද  ප්‍රථමයෙන් සොයාගත්තේද කිය කවුරුත් නොදන්නා කරුනකි.නමුත් මීට වසර 5000 කට පෙර,පැරීසියේ හිස පීරන පනා භාවිතා කර අති බවට විවිධ සාක්ෂි හමුවී ඇත.ඒ පැරණිම පනාවන් හා වර්තමාන පනාවන්  වල විශාල වෙනසක් (පරිණාමයක්) දක්නට නොලැබේ.

හිස පීරණ පනාව විවිධ හැඩයන්ගෙන්,විවිධ විලාසිතා වලින් පැමිණියත්,සිදුකරන ප්‍රධානතම කාර්යය වන්නේ හිස පීරීම පමණි.නමුත් ඉදිරි අනාගතයේදි පැමිණෙන හිස පීරන පනා ඊට එහා ගිය කාර්යයන් රැසක් කිරීමේ  හැකියාව ලැබෙනු  ඇතැයි කිව හැකිය.

සාමාන්‍ය පනාවකට සංවේදන ඉන්ද්‍රියයන් ලබාදීමක් වැනි කාර්‍යක්,රූපලාවණ්‍ය නිෂ්පාදන නිපදවන ආයතනයක් වන L’Oreal ආයතනය සිදු කොට තිබෙනව .ඒ  Kérastase Hair Coach ස්මාර්ට් හිස පීරන පනාව  නිපදවීමෙන්ය 
[pullquote-left]මෙසේ හිස කෙස් පිලිබඳ අධ්‍යයිනය සඳහා මෙම පනාවට Microphone, accelerometer, Gyroscope, Load sensor(transducer) වැනි sensors සංවේදන උපාංග අන්තර්ගත් කොට තිබෙනවා. [/pullquote-left]

මෙම පනාව සතු සුවිශේෂීම හැකියාවන්  වන්නේ,මෙම පනාව භාවිතා කරන පුද්ගලයා හිස පීරන විලාසය,හිස් කෙස් වල සෞඛ්‍ය තත්වය, වැනි කරුණු අධ්‍යයනය කිරීමය.මෙසේ ලබාගන්න තොරතුරු වලට  අනුව එම පුද්ගලයා  හිස පීරන විලාසයේ අඩුපාඩු, හිසකෙස් වල සෞඛ්‍ය තත්වය හා හිසට ලබාදියයුතු සත්කාරයන්, භාවිතා කල යුතු විවිධ නිෂ්පාදනයන්  පිලිබඳ,මෙම පනාව භාවිතා කරන පුද්ගලයාව දැනුවත් කරයි.

මෙසේ හිස කෙස් පිලිබඳ අධ්‍යයිනය සඳහා මෙම පනාවට Microphone, accelerometer, Gyroscope, Load sensor(transducer) වැනි sensors සංවේදන උපාංග අන්තර්ගත් කොට තිබෙනවා.

microphone එක මගින්,හිස පීරන ශබ්දයෙන් හිස පීරන විලාසය අධ්‍යනය කරයි.gyroscope හා accelerometer එක මගින් හිස පීරන රටාවද,අක්ෂ 3 ක් ඔස්සේ ක්‍රියා කරන ලොඅඩ් sensor එක මගින් හිස පීරන විට හිස කෙස් මත ඇතිවෙන ආතතිය වැනි තොරතුරු මෙම පනාව මගින් එක් රැස් කරගනී.

මෙසේ ලබාගන්න දත්ත උපයෝගී කරගනිමින්, භාවිතා කරන පුද්ගලයා
ගේ හිස කෙස් වල සෞඛ්‍ය තත්වය හා හිස පීරන රටාව පිලිබඳ විස්තර ස්මාර්ට් දුරකතනයක් ඔස්සේ විස්තර දැක බලාගත හැකිය.මෙසේ මෙම පනාව ස්මාර්ට් දුරකතයක් හා සම්බන්ධ කිරීමට WIFI හෝ Bluetooth තාක්ෂණය උපයෝගීකරගත හැකිය.මෙම  පනාව වෙනුවෙන්ම සැකසූ විශේෂ application(යෙදවුමක් )ද  ස්මාර්ට් දුරකතන වලට පැමිනේ.

මෙම පනාව මේ වසර මැදදී වෙළඳ පොළට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.මෙය සාමාන්‍ය පනාවකට වඩා එහා ගිය  කාර්යයන් ප්‍රමාණයක්  සිදුකරන බැවින් මෙම උපාංගය ඇමරිකානු ඩොලර් 200 ක පමණ මුදලකට අලෙවි කිරීමට L’Oreal ආයතනය තීරණය කොට ඇත.

ඉදිරි අනාගතයේදී  තාක්ෂණයේ දියුණුව නිසා සාමාන්‍ය ගෙදර දොරේ භාවිතා වන උපකරණ වලට  සිදුවිය හැකි වෙනස්වීම පිලිබඳ කෙටි aඅදහසක්ගැනීමට හැකි උපකරණයක් ලෙස Kérastase Hair Coach ස්මාර්ට් හිස පීරන පනාව හැදින්විය හැකිය.

Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *