360km ධාවනය කළ හැකි Chevrolet ආයතනයෙ BoltEV විද්‍යුත් මෝටර් රථය
1890 කාල වකවානුව වන විට ලොව මුල්ම විද්‍යුත් මෝටර්රථය නිපදවනලදී.එහිදී එම මෝටර් රථ වල සුව පහසුව ,අඩු නඩත්තු,වේගය අනෙකුත් මෝටර් රථ වලට වඩා ඉදිරියෙන් සිටීම නිසා ඉතාමත් ජනප්‍රිය වාහන වර්ගයක් බවට පත් විය.19වන සියවසේ මහ පොළව මත ධාවනය වන වේගවත්ම රථය ලෙසට විද්‍යුත් මෝටර්රථය පත්විය(මූලාශ්‍ර).නමුත් එවකට බොරතෙල් මිල පහළ මට්ටමක පැවතීම,මෝටර් රථ ආරෝපනය කිරීමට වඩා ඉන්දන පිරවීමට ගතවන කාලය අවම වීම හා විද්‍යුත් මෝටර් රථ වල ගමන් කල හැකි දුර සීමාකාරී වීම වැනි කරුණු නිසා විද්‍යුත් මෝටර් රථ අලෙවිය අඩු වන්නට විය. දහන එන්ජින් සහිත මෝටර් රථ භාවිතයට මිනිසුන් වැඩි වශයෙන් පෙළඹෙන්නට විය.
1990 වන විට පැවති ආර්ථික අර්බුදය සමගම ලෝක බොරතෙල්,මිල ඉහළ නගින්නට විය.ඒ සමගම ඇමරිකාවේ General Motors aආයතනය විසින් පාරිභෝගිකයන් සඳහා නිපදවන ලද ප්‍රථම විද්‍යුත් මෝටර්රථය EV1 නිවදවන්නට විය.ඉතාමත් ජන ප්‍රසාදයට පාත්රවූ මෙම නිර්මාණය අවාසනාවට , විවිධ බලපෑම් මත නිෂ්පාදනය නතරකොට අලවි කරන ලද මෝටර්රථ ද විනාශ කරන්නට සිදු විය.
2010 වසරෙන් පසු නැවතත් හිස ඔසවන විද්‍යුත් මෝටර්රථ වෙළඳ පොළ සමග තරග කිරීමට General Motors සමාගමේ Chevrolet ආයතනයෙන් 2016 අග භාගයේදී(ඔක්තෝබර් මස) ඔවුන්ගේ දෙවනි විද්‍යුත් මෝටර්රථය වන BoltEV මෝටර් රථය ඉතාමත් සාර්ථකව වෙළඳ පොළට නිකුත් කරන ලදී.
ශ්‍රීලංකාවේ දැනට වඩාත්ම ජනප්‍රිය විද්‍යුත් මෝටර් රථවන්නෙ Nissan ආයතනයේ Leaf මෝටර් රථයයි.එය එතරම මිළ අදික මෝටර් රථයක් නොවුවද එහි ඇති ප්‍රධනම අවාසිදායක තත්වය අන්නෙ වරක් ආරොපනය කළ විට 160 km වැනි කෙටි දුරක් ධාවනය කිරීමේ හැකියාවයි. Tesla ආයතනයේ Modle S 60D වැනි ප්‍රාථමික මට්ටමේ මෝටර් රථයකට .360km ධාවනය කළ හැකි වුවද එම මෝටර් රථ වල මිල ඉතාමත් අධිකය.මෙම කාරණු මුල් කරගනිමින් පාරිභෝගිකයන්ට සහනදායි මිලකට, පැරණි විද්‍යුත් මෝටර් රථ වලට වඩා වැඩි දුරක් ධාවනය කල හැකි මෝටර් රථයක් ලෙස General Motors ආයතනය Chevrolet BoltEV මෝටර් රථය නිර්මාණයකර තිබෙන්නේ
Chevrolet BoltEV මෝටර් රථය ,Tesla සමාගමේ 2017 වර්ෂයේදී වෙළඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන model 3 රථය හා තරඟ කිරීමට නිපැයූ මෝටර් රථයකි. Hatchback ආකාරයේ මෝටර් රථයක් වන මෙය ආසන 4 කින් සමන්විතවේ.nickel ලෝහයෙන් සමන්විත lithium-ion battery තාක්ෂණය මෙම මෝටර් රථයට පන පොවයි.අදික සීතලට හා උණුසුමට ඔරොත්තු දෙන 60KWh battery pack එකකින් සමන්විත වේ.DC Fast Charging පහසු කම මගින් විනඩි 30 ක් ආරෝපනය කිරීමෙන් කිලෝමීටර 145ක පමණ දුර ප්‍රමාණයක් ධාවනය කිරීමට හැකිය.ඇමරිකාවේ EPA(Environmental Protection Agency ) ඇස්තමේන්තුවට අනුව මෙම මෝටර් රථය එක් වරක් ආරෝපනය කල විට 380Km පමණ ධාවනය කළ හැකි බවය.පැයට කිලෝමීටර 149 ක උපරිම වේගයකින් මෙම රථයට ගමන් කළ හැකිය.
පැයට කිලෝමීටර් 0 සිට පැයට කිලෝමීටර් 100 ක වේගයක් අත් කර ගැනීමට ගතවන්නේ තත්පර 6 ක පමණ කෙටි කාලයකි .Front wheel drive (ඉදිරිපස රෝද මගින් ධාවනය වන )මෝටර් රථයක් වන මෙම රථයේ එක් රෝදයක් මත නියුටන් මීටර 360 (360Nm/266 lb./ft.) ක පමණ ක්ෂණික ඝූර්ණයක් ,අශ්ව බල 200ක පමණ බලැති විදුලි මෝටරයෙන් ඇති කළ හැකිය.එම නිසා බොහෝ දහන එන්ජින් සතු මෝටර් රථ වලට වඩා විද්‍යුත් මෝටර් රථ වල ත්වරණය වැඩිය.
Chevrolet BoltEV මෝටර් රථය වර්ග 2 කින් වෙළඳ පොළට පැමිනේ.එනම්
- LT model
- premium model
ලෙසටයි.
මෙම LT model හා premium model හි ඇති පහසුකම් පහත වගුවේ පරිදී වේ.
මෙම මෝටර් රථයේ ඇති අඟල් 10.2 ක touch තාක්ෂණයෙන් යුක්ත infotainment system (තොරතුරු හා විනෝදාස්වාද පද්ධතිය) මගින් රථයේ බැටරි ප්‍රතිශතය,ශක්ති පරිභෝජනය ,GPS තාක්ඇෂණය තුලු නවීන මෝටර් රථ වල පැමිණෙන බොහෝ විශේෂාංග වලින් සමන්විත වේ.පසුපස බලන කැඩපතට, පසුපස බලන කැමරාව හා සම්බන්ද කර ඇත.එමගින් අවශ්‍ය විට කැඩපතේ ඇති LCD තිරය ඔස්සෙ කැඩපතට නොපෙනෙන පෙදෙස් හොඳින් නිරීක්ෂණය කළ හැකිය. ඝන මීටර 1.6 /ඝන අඩි 56.6 ක පමණ ධාරිතාවයකින් යුතු cargo area එකක් ද මෙය සතු වේ.
Air Bags 10 කින් සමන්විත වන මෙහි නවීන මෝටර් රථ සතු බොහෝ ආරක්ෂක උපාංගයින්ගෙන් සමන්විත වේ.
මෙම මෝටර් රථයට 2017 motor trend car of the year,2017 Green car of the year,2017 car and drive 10Best යන සම්මාන ලබාදී ඇත.
යුරෝපා රටවල් සඳහා මෙම මෝටර් රථයම Opel නැමති ආයතනය විසින් ඔවුන්ගේ Opel සන්නමය යොදා ගනිමින් වෙළදාම් කිරීමට General Motors ආයතනය සමග ගිවිසගෙන ඇත.එම මෝටර් රථය Opel ampera e යනුවෙන් නම් කොට වෙළඳ පළට නිකුත් කරයි.