8th Gen(8 වන පරපුරේ) Intel “Coffee Lake” Core i ප්‍රොසෙසර්ස්
Intel සමාගමේ Core I ප්‍රොසෙස්ර් මාලාවේ 8 වන ප්‍රොසෙසර් පෙළ පසුගිය ඔක්තෝබර් මස එළිදක්වන ලදී.වසර 10 ක පමණ කාලයක් consumer grade processor වෙළඳ පොළේ පුරෝගාමියා බවට පත් විය.නමුත් 2017 වසරේ AMD සමාගමේ Ryzen processors පැමිණීමත් සමග තත්වය වෙනස් විය.එසේ Intel සමාගමට පැමිණි අභියෝගයට පිළිතුරක ලෙස 8 වන පරපුරේ ප්‍රොසෙසර හැදින්විය හැකිය.
consumer grade processor(සාමාන්‍ය පාරිභෝගිකයන් සඳහා සෑදූ ප්‍රොසෙසර) වල පැවති වැඩිතම Processing Cores (සැකසුම් මධ්‍යයන්)ප්‍රමාණය වූ Processing Cores 4 වෙනුවට සත්‍ය Processing Cores 8 ක් සහිතප්රොසෙසර නිර්මාණය කිරීමට AMD සමාගම පටන් ගත්තේය.ඒත් සමගම කලබලයට පත් Intel සමාගම kaby lake x processors මාලාව ගෙන ආවේය.මෙහිදී Core i පරපුරේ නවකයෙක් වන cores 10 සිට 18 පවතින Core I 9 ප්‍රොසෙසර හා අනෙකුත් kaby lake x core i 5 ,core I 7 ප්‍රොසෙසර ඉදිරිපත් කරන ලදී.නමුත් එම kaby lake x ප්‍රොසෙසර මාලාවේ තිබූ ඇතැම් තාක්ෂණික අඩුපාඩුවන් හා අධික මිළ හේතුවෙන් එය එතරම් සාර්ථක ප්‍රොසෙසර මාලාවක් නොවීය.
පසුව AMD Ryzen ප්‍රොසෙසර වලට සාර්ථක ලෙස අභියෝගයක් එල්ල කිරීමට Intel සමාගම Coffee Lake ප්‍රොසෙසර මාලාව ගෙන එන ලදී.7th Generation (7 වන පරපුරේ) ප්‍රොසෙසර AMD Ryzen ප්‍රොසෙසර වලට වඩා කාර්ය සාධකතාව (Performance) තරමක පසුබෑමක් තිබීම නිසා 8th Generation (8 වන පරපුරේ) ප්‍රොසෙසර වල කාර්ය සාධකතාව (Performance) වැඩි දියුනු කර නිර්මාණය කර තිබෙනවා.එමෙන්ම Intel සමාගම ප්‍රථම වතාවට Core I 7 ප්‍රොසෙසර වල උපරිමය ලෙස තිබූ Cores 4 ක් (සැකසුම් මධ්‍යයන් 4 ක්)වෙනුවට Cores 6 ක (සැකසුම් මධ්‍යයන් 6 ක) ප්‍රොසෙසර නිර්මාණය කර තිබෙනවා.ඒ වගේම laptop පරිගණක වල U ප්‍රොසෙසර මාලාවේ පැවති Cores 2 ක (සැකසුම් මධ්‍යයන් 2 ක) ප්‍රොසෙසර වෙනුවට Cores 4 ක (සැකසුම් මධ්‍යයන් 4 ක) ප්‍රොසෙසර ප්‍රථම වතාවට Intel සමාගම පාරිභෝගිකයන්ටහඳුන්වා දෙන ලදී .
නැනෝමීටර 14 ප්‍රමාණයේ nodes (ක්‍රියාකාරී මන්සල් )වලින් 8 Generation Coffee Lake ප්‍රොසෙසර මාලාව නිර්මාණය කර ඇත. 7th Generation kaby lake ප්‍රොසෙසර වලට වඩා 8th Generation Coffee lake ප්‍රොසෙසර 40% ක පමණ Performance (කාර්යසාධකතාවේ ) වැඩිදියිණු කිරීමට හැකි වී තිබෙනවා.එමන්ම 1 st Generation Lynnfield ප්‍රොසෙසර වලට වඩා 2 ගුණයක Performance (කාර්යසාධකතාවේ ) වැඩිදියිණු කර ඇති බව සඳහන් වේ .මෙසේ වැඩි දියුණු කිරීමට හැකි වී ඇත්තේ Coffee lake ප්‍රොසෙසර වල 14++ නිර්මාණ ආකෘතියේ කර ඇති වැඩි දියුණු කිරීම හා වැඩිපුර සැකසුම් මධ්‍යයන් 2 ක් (Processing Cores 2 ක් ) සෑම ප්රොසෙසරයකටම එක් කර ඇති නිසාය.
8th Generation Coffee lakeප්‍රොසෙසර සඳහා LGA1151 Socket එකක් සහිත Motherboard(මව් පුවරුවක්) අවශ්‍ය වේ. 7th Generation kaby lake ප්‍රොසෙසර සඳහා ඇති මව් පුවරු වල පවතින්නේ ද LGA1151 Socket එකකි.නමුත් 7th Generation kaby lake ප්‍රොසෙසර සඳහා 200 series Chipset එකක් සහිත මව් පුවරුවක් අවශ්‍ය වේ .එමනිසා 200 series Chipset එකක් සහිත මව් පුවරුවකට 8th Generation Coffee lake ප්‍රොසෙසර එකක් යෙදිය නොහැක. ඒ සඳහා 300 series Chipset එකක් සහිත මව් පුවරුවක් යොදා ගත යුතු වේ.නමුත් මේ සදා යොදාගැනීමට දැනට වෙළඳ පොළේ ඇත්තේ එක් Z370 Chipset එක සහිත මව් පුවරු පමණි.ඒවා තරමක් මිලෙන් අධික වේ.
මෙසේ නිර්මාණය කර ඇති 8th Generation Coffee lake Desktop ප්‍රොසෙසර 65W සිට 95W TDP (උත්පාදනය වන තාප බලය) යුක්තව නිර්මාණය කර තිබෙනවා.ඒවා නම්
SPECS AT A GLANCE | INTEL CORE I7-8700K | INTEL CORE I7-8700 | INTEL CORE I5-8600K | INTEL CORE I5-8400 | INTEL CORE I3-8350K | INTEL CORE I3-8100 |
---|---|---|---|---|---|---|
ARCHITECTURE | Coffee Lake | Coffee Lake | Coffee Lake | Coffee Lake | Coffee Lake | Coffee Lake |
CORES/THREADS | 6/12 | 6/12 | 6/6 | 6/6 | 4/4 | 4/4 |
BASE CLOCK | 3.7GHz | 3.2GHz | 3.6GHz | 2.8GHz | 4.0GHz | 3.6GHz |
TURBO BOOST 2.0 | 4.7GHz | 4.6GHz | 4.3GHz | 4.0GHz | N/A | N/A |
L3 CACHE | 12MB | 12MB | 9MB | 9MB | 6MB | 6MB |
PCI-E LANES | 16 | 16 | 16 | 16 | 16 | 16 |
MEMORY SUPPORT | Dual Channel l DDR4-2666 | Dual Channel l DDR4-2666 | Dual Channel DDR4-2666 | Dual Channel DDR4-2666 | Dual Channel DDR4-2400 | Dual Channel DDR4-2400 |
TDP | 95W | 65W | 95W | 65W | 91W | 65W |
8th Generation Coffee lake laptop ප්‍රොසෙසර (U මාලාවේ ප්‍රොසෙසර) 15W TDP(උත්පාදනය වන තාප බලය) යුක්තව නිර්මාණය කර තිබෙනවා.මේ ප්‍රොසෙසර වල Cores 4 ක්(සැකසුම් මධ්‍යයන් 4 ක් ) තිබීම නිසා Gaming Laptop වල පැමිණෙන HQ ප්‍රොසෙසර මාලාවේ ප්‍රොසෙසර වලට ආසන්න සමානව ක්‍රියා කිරීමට හැකිවී තිබෙනවා.15W TDP යුක්තව ප්‍රොසෙසර ලෙස සැලකීමේදී එය ඉතාම ගුණාත්මක තත්වයකි.මේ නිසා 7th Generation Intel ප්‍රොසෙසර සහිත Laptop පරිගණකයකට වඩා 8th Generation Intel ප්‍රොසෙසර සහිත Laptop පරිගණකයක කාර්යසාඪ්හකතාව (Performance) තරමක් දුරට වැඩිය.
SPECS AT A GLANCE | INTEL CORE i7-8650U | INTEL CORE i7-8550U | INTEL CORE i5-8350U | INTEL CORE I5-8400 |
---|---|---|---|---|
ARCHITECTURE | Kaby Lake R | Kaby Lake R | Kaby Lake R | Kaby Lake R |
CORES/THREADS | 4/8 | 4/8 | 4/8 | 4/8 |
BASE CLOCK | 1.9GHz | 1.8GHz | 1.7GHz | 1.6GHz |
TURBO BOOST 2.0 | 4.2GHz | 4.0GHz | 3.6GHz | 3.4GHz |
Processor Graphics ? | Intel UHD Graphics 620 | Intel UHD Graphics 620 | Intel UHD Graphics 620 | Intel? UHD Graphics 620 |
Graphics Max Dynamic Frequency 1.15 | 1.15 GHz | 1.15 GHz | 1.10 GHz | 1.10 GHz |
L3 CACHE | 8MB | 8MB | 6MB | 6MB |
Processor Graphics | Intel UHD Graphics 620 | Intel UHD Graphics 620 | Intel UHD Graphics 620 | Intel UHD Graphics 620 |
Graphics Max Dynamic Frequency | 1.15 GHz | 1.15 GHz | 1.10 GHz | 1.10 GHz |
MEMORY SUPPORT | DDR4-2400, LPDDR3-2133 | DDR4-2400, LPDDR3-2133 | DDR4-2400, LPDDR3-2133 | DDR4-2400, LPDDR3-2133 |
TDP | 15W | 15W | 15W | 15W |
[URIS id=1245]