|

Microsoft Hololence භාවිතයට හැකි පරිගණකයක අවම සුදුසුකම්

Microsoft ආයතනය AR(augmented reality) තාක්ෂණය Microsoft පරිගණක උපයෝගී කරගනිමින් භාවිතයට ගත හැකි ආකාරයට වැඩි දියුණු කරඇත.එමගින් බොහෝ පිරිසකට මෙම නවීන තාක්ෂණයේ  අත්දැකීම්  ලබාගැනීමේ හැකියාව උදාකොට  තිබෙනව.

HTC’s Vive හා Oculus’ Rift යන VR Headset වලට වඩා වෙනස් ආකාරයේ මෘදුකාංග වලින් සමන්විත Hololens AR Headset එක මේ වසරේ ජනවාරි මාසයේදී එළි දක්වන ලදී.නමුත් මෙම උපංගය භාවිතා කල හැකි පරිගණකයක අවම සුදුසුකම්(Minimum requirement) පිලිබඳ Microsoft ආයතනය මෙතෙක් පවසා තිබුනෙ නැහැ.

නමුත් පසුගිය සතියේ දී  Microsoft ආයතනයේ  AR උපාංගය භාවිතයට අවශ්‍ය වන පරිගනකයක අවම සුදුසුකම් පිලිබඳ තොරතුරු හෙළි කළා

  • 4GB  RAM ධාරිතාව
  • USB 3.0 port
  • DirectX 12 support කරන Graphic card එකක් (VGA Card)
  • Cores 4 කින්  යුතු CPU එකක්  හෝ  hyperthreading තාක්ෂණය සහිත dual-core CPU එකක්

 

 

holographic-1

 

මෙවැනි අඩු සුදුසුකම්(Requirements) සහිත පරිගණකයකින් AR තාක්ෂණය භාවිතයට හැකි වීම ඉතාම සතුටුදායි ආරංචියකි .

බොහෝ දෙනෙකු නොඉවසිල්ලෙන් බලාසිටින්නෙ Microsoft ආයතනයේ AR Headset එකට කෙබඳු ආකාරයේ මෘදුකාංගය භාවිතයට ගත හැකිද යන කාරනයයි.

Microsoft ආයතනය දෙසැම්සබර්ඳ මස පවත්වන සමුළුවේදී Hololens AR Headset එක පිලිබඳව   වැඩි විස්තර හෙළිදරවු කිරීමට බලාපොරොත්තු වී තිබේ.

Share The post

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *