edge to edge තිරයක් සහිත bezel-less,”I Phone X” ස්මාර්ට් දුරකතනය.
2007 වසරේ ප්‍රථම I Phone දුරකතන නිකුත කර වසර 10 ක කාලයක් ගතව ඇත. එම වසර 10 ඇතුළත Apple සන්නාමය පාරිභෝගිකයන්ගේ විශ්වාසය දිනාගත් සන්නාමයක් බවට පත්වී හමාරයි.මෙසේ ගෙවුනු වසර 10 සැමරීම නිමිත්තෙන් Apple සමාගම පාරිභෝගිකයන්ට තරමක වෙනස ආකාරයේ නිර්මාණයක් ඉදිරිපත් කර තිබෙනවා.ඒ I Phone X(Ten) ස්මාර්ට් දුරකතනයයි.මෙම දුරකතනය සාම්ප්‍රදායික I Phone දුරකතන වලට වඩා තරමක් වෙනස් ආකාරයේ දුරකතනයක් බැවින්,සාම්ප්‍රදායික ආකාරයට I Phone 8 සහ I Phone 8 plus ලෙස ස්මාර්ට් දුරකතන 2ක් I Phone X දුරකතනයට සමගාමීව නිර්මාණය කර තිබෙනවා.
I Phone 7 දුරකතනයේ ඝනකම අඩු කර ගැනීම සඳහා කියා, 3.5mm headphone jack එකක් ඉවත් කරන්නට විය. එය ඒ දින වල මෙන්ම අදටත් බොහෝදෙනෙකුගේ අප්‍රසාදයට ලක්වූ කරුණකි. නමුත් අලුතින් පැමිණෙන ඇතැම් දුරකතන වල 3.5mm jack එකක් දැක ගැනීමට නොහැකි වේ.ඒ I Phone 7 දුරකතනයෙන් ලබාගත් ආභාසයක් දෝ කියා හැඟෙන කරුණකි. ඒ ආකාරයටම I Phone X දුරකතනයද සාම්ප්‍රදායික ආකාරයෙන් තරමක් වෙන්ස් ආකාරයකට නිර්මාණය කර තිබෙනවා.
I Phone X දුරකතනයේ ඇති ප්‍රධානතම විශේෂත්වය වන්නේ එහි ඇති bezel-less ස්වභාවයයි.Samsung Galaxy S8, S8 Plus, LG V30, Samsung Galaxy Note 8 වැනි නව දුරකතන වල පවතින 18:9 කට aspect ratio ( දර්ශන අනුපාතිකයක් ) සහිත සාමාන්‍ය සෘජුකෝණික හැඩයෙන් යුක්ත තිරයකට වඩා වෙනස් ආකාරයක තිරයක් අන්තර්ගත වේ. 19.5:9 aspect ratio එකක් සහිත අඟල් 5.8 ක Amoled තිරයේ ඉහළ පෙදෙසේ ඉදිරිපස කැමරාව ඇතුලු අනෙකුත් උපාංග ඇතුලත් කිරීමට තිරයෙන් කුඩා කොටසක් ඉවත් කර ඇත.
මෙසේ තරමක් වෙනස් ආකාරයේ හැඩයක් සහිත තිරයට අර්ථයක් ලබාදීමට, Apple ආයතනය තිරයේ වම් පස ඉහල කෙලවරේන් පහළට Swipe කළ විට Notification center එකටද, ඉහල දකුණු පස කෙලවරේන් පහළට Swipe කළ විට Control center එකට පිවිසීමේ පහසුකම ලබාදී තිබෙනවා.මේ ආකාරයේ තරමක් අමුතු හැඩයේ තිරයක් තුළින් වීඩියෝ පට නැරඹීමේදී හා වීඩියෝ ක්‍රීඩා කිරීමේදී ඇතැම්විට අවහිරයක් සිදුවිය හැකැයි ඇතැම් අයගේ මතය වන්නේ.
I Phone X දුරකතනයේ තවත් එක් වෙනසක් වන්නේ home button/ fingerprint scanner එක ඉවත් කර තිබීමයි.එයට ප්‍රධානම හේතුව වන්නේ edge to edge තිරයක් සහිත bezel-less දුරකතනයක් නිර්මාණය කිරීමටයි.මෙසේ home button/ fingerprint scanner ඉවත් කිරීම මගින් touch id පහසුකම I phone X දුරකතනයෙන් ඉවත් කිරීමට සිදු වී තිබෙනවා.
ඉවත් කරන ලද physical home button එක වෙනුවට software button එකක් I phone X දුරකතනයට අන්තගත් කර තිබෙනවා.මේ හේතුව නිසා මෙත්ක් I Phone දුරකතන වල තිබුනු touch id ආරක්ෂක පහසුකම වෙනුවට face id පහසුකම අන්තගත් කිරීමට සිදුවී තිබෙනවා.තවද I Phone දුරකතන වල screenshot, recent apps, home button වලට තිබූ සාම්ප්‍රදායික කෙටි විධානයන් වෙනුවට තරමක් වෙනස් ආකාරයේ නව කෙටි විධානයන් අන්තර්ගත කර තිබෙනවා.
I Phone X දුරකතනය අඟුළු(lock) දැමීමට අලුතින් එක කරන ලද face id පාරිභෝගිකයන්ට තරමක අලුත් අත්දැකීමකි.මෙම ආරක්ෂක ක්‍රමය ක්‍රියාත්මක කිරීමට,දුරකතනයේ තිරයේ ඉහළ කෙලවරේ ඇති true depth කැමරාව හා dot projector එක උපකාරී වනවා.dot projector එක මගින් ඉතාම කුඩා අධෝරකත කදම්බ 30,000 කට වැඩි ප්‍රමාණයක් මුහුණ මත පතිත කරයි.එසේ පතිත වන අධෝරකත කදම්බ true depth කැමරාව ආධාරයෙන් ග්‍රහණය කොට මුහුණේ සිතියමක් සකස් කර ගනු ලබනවා.එසේ සකස් කල සිතියිම හා සම්පාත වන්නා වූ මුහුණට දුරකතනය විවෘත කිරීමට හැකිවේ.නමුත් ඇස් වසාගෙන සිටින අවස්ථාවේදී මෙම ආරක්ෂක ක්‍රමය ක්‍රියාතමක නොවේ.
කෙසේ වෙතත් මෙසේ එක් කරන ලද Face id ආරක්ෂක පහසුකම සතුව පසුබෑමක් තිබෙනවා.ඒ එක සමාන මුහුණු සහිත නිවුන් පුදගලයන්ට තම අනෙකුත් නිවුන් සහෝදරයා හෝ සහෝදරියන්ගෙ I Phone X දුරකතනයේ අඟුළු විවෘත කිරීමට හැකියාව ඇත.මේ හේතුව නිසා I Phone X දුරකතනයේ face id ආරක්ෂක පහසුකම touch id පහසුකම තරම් ආරක්ෂාකාරී නොවේ.එමෙන්ම එය touch id ආරක්ෂක පහසුකම තරමක් ඉක්මන් හා පහසු ආරක්ෂක ක්‍රමයක් නොවන බව බොහෝමයක් විද්වතුන්ගේ මතයයි.
I Phone 8, 8 Plus දුරකතන වල මෙන්ම මෙහිද Apple Bionic A11 ප්‍රොසෙසර් එකකින් යුකත වේ.එමෙන්ම LDDR4 3GB RAM ධාරිතාවකින් යුකත වේ.මේ නිසා I Phone X දුරකතනයට ඉතාම කාර්යක්ෂම හා විශාල කාර්‍යසාධකතාවකින්(Performance) යුක්ත වේ.
ඉහත සඳහන් පිරිවිතරයන් (Specification) අන්තර්ගත වන නිසා මෙම දුරකතනය සතුව AR (Augment reality) තාක්ෂණය අන්තර්ගත කිරීමට හැකියාව ලැබී තිබෙනවා.වීඩියෝ පටයකට සජීවීකරනය (animated) ත්‍රිමාණ වස්තුන් එක් කිරීමේ පහසුකම උදාකර තිබෙනවා.එමෙන්ම animoji (animated emojis) වැනි තරමක් අලුත් සහ වෙනස් පහසුකම්ද මේ දුරකතනය සතු වනවා.
I Phone දුරකත ගැන කතා කරන විට එහි කැමරා කට්ටලය විශේෂ තැනක් ගනී.ඒ අතුරින් I phone X දුරකතනයේ ඉදිරිපස කැමරාව සුවිශේෂී තැනක් ගනී.7MP ƒ/2.2 aperture සහිත Truedepth කැමරාව නිසා වෙනදාට වඩා ඉතාම උසස් ආකාරයේ පසුබිම බොඳ කරන ලද (bokeh) Selfie ඡායාරූපයක් ගැනීමේ හැකියාව උදා කර තිබෙනවා.portrait lighting පහසුකම නිසා ඉදිරිපස true depth කැමරාව උපයෝගී කරගනිමින් ගනු ලබන Selfie ඡායාරූප වල ආලෝකය වැටෙන ආකාරය ඉතාම තාත්වික ආකාරයට ප්‍රති නිර්මාණය කළ හැකිය.මෙම දුරකතනය I Phone 8 හා 8 plus දුරකතන මෙන්ම පසුපස වීදුරු වලින් නිමවා ඇති නිසා wireless charging (රැහැන් රහිතව ආරෝපණය ) කිරීමේ පහසුකමද අන්තර්ගත් කිරීමට හැකියාව ලැබී ඇත.
පසුපස කැමරාවද I Phone 8 Plus දුරකතනයේ මෙන්ම දුරකතනයේ 12MP f/1.8 wide-angle කැමරාවක් සහ 12MP f/2.8 telephoto කැමරා කට්ටලයකින් සමන්විත වේ.නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ පසුපස කැමරා ද්විත්වයටම OIS (Optical image stabilizer) එකක් අන්තර්ගත වන නිසා ආලෝකය අඩු ස්ථාන වලදී පවා පැහැදිලි ඡායාරූප ලබාගත හැකිය.එමෙන්ම පසුපස් කැමරා කට්ටලයෙන් වීඩියෝ පටිගත කිරීමේදී සෙලවීමකින් තොරව පැහැදිලි වීඩියෝවක් පටිගත කිරීමට හැකියාව ලැබේ.ඉදිරිපස හා පසුපස කැමරා කට්ටල දෙකටම portrait mode සහ portrait lighting පහසුකම් I Phone X දුරකතනයේ අන්තර්ගත් කර තිබෙනවා.
I Phone X දුරකතනය ශ්‍රීලංකාවේ මිලදී ගැනීමේදී රුපියල් ලක්ෂ 2 ක ට අදික මුදලක් වැය වේ.මේ නිසා මෙය Ultra-premium ස්මාර්ට් දුරකතනයක් ලෙස හැදින්වේ.
I Phone දුරකතන මාලාවේ 10 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් කරන ලද I Phone X දුරකතන තරමක් වෙනස් ආකාරයේ දුරකතනයකි.මෙම දුරකතනය පිළිබඳව බොහෝ දෙනා අතර විවිධ මත පැවතියත් එය ප්‍රථම I Phone දුරකතනය මෙන් දුරකතන නිර්මාණ ක්ෂේත්‍රයේ පෙරලියක් ඇති කිරීමට සමත් වේ යැයි බොහෝ දෙනෙක් විෂ්වාස කරයි.
NETWORK | Technology | GSM / HSPA / LTE |
LAUNCH | Announced | 2017, September |
status | Available. Released 2017, October | |
BODY | Dimensions | 143.6 x 70.9 x 7.7 mm (5.65 x 2.79 x 0.30 in) |
Weight | 174 g (6.14 oz) | |
Build | Front/back glass & stainless steel frame | |
color | Performance | |
SIM | Nano-SIM | |
– IP67 certified – dust and water resistant – Water resistant up to 1 meter and 30 minutes – Apple Pay (Visa, MasterCard, AMEX certified) | ||
DISPLAY | Type | Super AMOLED capacitive touchscreen, 16M colors |
Size | 5.8 inches, 84.4 cm2 (~82.9% screen-to-body ratio) | |
Resolution | 1125 x 2436 pixels, 19.5:9 ratio (~458 ppi density) | |
Multitouch | Yes | |
Protection | Scratch-resistant glass | |
– Dolby Vision/HDR10 compliant – Wide color gamut display – 3D Touch display – True-tone display | ||
PLATFORM | OS | iOS 11.1 |
Chipset | Apple A11 Bionic | |
CPU | Hexa-core 2.39 GHz (2x Monsoon + 4x Mistral) | |
GPU | Apple GPU (three-core graphics) | |
MEMORY | Card slot | No |
Internal | 64/256 GB, 3 GB RAM | |
CAMERA | Primary | Dual 12 MP, f/1.8 & f/2.4, phase detection autofocus, OIS, 2x optical zoom, quad-LED (dual tone) flash, check quality |
Features | Geo-tagging, simultaneous 4K video and 8MP image recording, touch focus, face/smile detection, HDR (photo/panorama) | |
Video | 2160p@24/30/60fps, 1080p@30/60/120/240fps, check quality | |
Secondary | 7 MP, f/2.2, 1080p@30fps, 720p@240fps, face detection, HDR | |
SOUND | Alert types | Vibration, proprietary ringtones |
Loudspeaker | Yes, with stereo speakers | |
3.5mm jack | No | |
– Active noise cancellation with dedicated mic. – Lightning to 3.5 mm headphone jack adapter | ||
COMMS | WLAN | Wi-Fi 802.11 a/b/g/n/ac, dual-band, hotspot |
Bluetooth | 5.0, A2DP, LE | |
GPS | Yes, with A-GPS, GLONASS, GALILEO, QZSS | |
NFC | Yes (Apple Pay only) | |
Radio | No | |
USB | 2.0, proprietary reversible connector | |
FEATURES | Sensors | Face ID, accelerometer, gyro, proximity, compass, barometer |
Messaging | iMessage, SMS (threaded view), MMS, Email, Push Email | |
Browser | HTML5 (Safari) | |
Java | No | |
– Fast battery charging: 50% in 30 min – Qi wireless charging – Siri natural language commands and dictation – iCloud cloud service – MP3/WAV/AAX+/AIFF/Apple Lossless player – MP4/H.265 player – Audio/video/photo editor – Document editor | ||
BATTERY | Non-removable Li-Ion 2716 mAh battery (10.35 Wh) | |
Talk time | Up to 21 h (3G) | |
Music play | Up to 60 h | |
Space Gray, Silver | ||
TESTS | Performance | Basemark OS II 2.0: 4708 |
Display | Contrast ratio: Infinity (nominal), 5.013 (sunlight) | |
Camera | Photo / Video | |
Loudspeaker | Voice 68dB / Noise 74dB / Ring 76dB | |
Audio quality | Noise -93.7dB / Crosstalk -82.8dB | |
Battery life | Endurance rating 74h |